IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


කෘෂිකර්ම අමාත්‍යාංශය පෙට්ටි කඩයක් නොවේ - ඇමැති අමරවීර

(බිඟුන් මේනක ගමගේ)


කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ (බී.ජේ.පී ටවර්) බදු ඔප්පුව අමාත්‍යාංශය සතුව නැති බවට එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කළ දැනුම්දීම ගැන තමා සොයා බලන්නේ යැයි කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා ලංකාදීප යට පැවැසීය .


ඇමැතිවරයා මේ බව සඳහන් කළේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලංකාදීප මාධ්‍යවේදීන් මෙම ගොඩනැගිල්ලේ බදු ඔප්පුව ඉල්ලා සිටීමේදී එය අල්ලස් කොමිසමට දුන් බවට අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කළ දැනුම්දීම සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදීය.


එවැනි ලේඛනයක් අමාත්‍යාංශයේ අනිවාර්යයෙන් තිබිය යුතු යැයි කී හෙතෙම කෘෂිකර්ම අමාත්‍යාංශය යනු පෙට්ටි කඩයක් නොවන්නේ යැයිද අවධාරණය කළේය .


ඒ අනුව මේ සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලා මාධ්‍යවේදීන්ට අවශ්‍ය තොරතුරු ලබාදීමට තමා මැදිහත් වන්නේ යැයි ද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය .



අදහස් (12)

කෘෂිකර්ම අමාත්‍යාංශය පෙට්ටි කඩයක් නොවේ - ඇමැති අමරවීර

Raveendra Saturday, 16 June 2018 11:22 AM

ඇමතියත් එකයි, ගෝලයොත් එකයි. පෙට්ටි කඩයකටත් වඩා පහත්. මොකද අදාළ ලියකියවිලි නැහැ කියන්නේ කොහොමද? ඔතන ඉන්න නිලධාරීන් කියන්නේ බබ්බුද? එහි පිටපතවත් නැද්ද? මෙමගින් නැවත වරක් අපට හැඟෙන්නේ කුමක්ද? ඇමතියත් එකයි, නිලධාරීන් කියන පිං පඩි ගන්න අයත් එකයි. මේ වැදගත් කියන ආයතනයක් නොවේද? කුඹුරටම හරියන කෙනෙක්. අපේ අහිංසක මුල් පුරවැසියාට පෙනේද මන්දා මේ අටමඟලේ?

:       115       311

hashanSunday, 17 June 2018 08:53 AM

අහිංසක මුල් පුරවැසියා මේක පත්තරෙන්වත් දැක්කොත් ලොකු දෙයක්...

:       0       28

සතයපාල Saturday, 16 June 2018 11:50 AM

සමහර ආමාත්‍යාංශ පෙට්ටි කඩවලටත් එහා ගිහිල්ලා තියෙන්නේ... එවායේ ඉන්න ඇමතිවරු විතරක් නොවේ නිලධාරින් පවා දන්නේ නැහැ තමන්ගේ ආමාත්‍යාංශය තුළ වෙන්නේ මොනවද නොවෙන්නේ මොනවද කියලා...

:       57       223

BamunuarachchiSaturday, 16 June 2018 04:04 PM

මේවට වගකියන්න ඕනේ රාජපක්ෂ මහතා කියා ලියන්න අමතක වෙලා. පුදුමයි එත් ඇත්තයි.

:       0       0

lusena Saturday, 16 June 2018 04:38 PM

ලංකාව පාලනය මොංගල් ඇමතිවරුන්ගේ ග්‍රහණයෙන් මුදාගන්නේ කවදාද ? ලුසේනා

:       0       0

vidya Saturday, 16 June 2018 04:51 PM

ඔතන පෙට්ටි කඩයක් දැම්මොත් හොඳයි. දඹුල්ලේ ඉඳල කොටුවට එළවලු ගෝනිවල දාගෙන එනකොට 77%ක් නරක වෙලා. පෙට්ටිවල අසුරලා එව්වනක් 90%ක් වත් බෙර ගන්න පුළුවන්. ඕක මොකක්ද? අර මල්වනේ ගෙදර හදපු කෙනෙකුත් හොයා ගන්න නැනේ .

:       0       0

රවින් Saturday, 16 June 2018 08:50 PM

ඇත්තනේ. ගොඩනැගිල්ලක් බදු ගන්න පුළුවන් බදු ලියවිල්ලකින් ( lease අග්රීමෙන්ට්). බදු ඔප්පුව නැතිනම් බදු ලියකියවිලි ඉදිරිපත් කරන්න කියන්න. ( පොදු ජනයාත් ගොන්පාට් දාන්න වෙනවා )

:       0       0

sam Saturday, 16 June 2018 10:18 PM

පෙට්ටි කඩයක් කියන්නේ මිනිසුන් බොහෝ දෙනෙකුට සේවය සපයන , අඩුම තරමින් එක පවුලක් හෝ ජීවත් කරවන සාර්ථක ව්‍යාපාරයක්. කවුන්සිල් පර්මිට් එක හැම පෙට්ටි කඩේකම තියනවා . ඒකවත් දන්නේ නැති මන්ද බුද්ධික ඇමතිලා සුළු ව්‍යාපාර හිමියන්ට පෙට්ටි කඩ කියලා අපහාස කරනවා මිසක් තමන්ගේ ව්‍යාපාරය හරියට කරගන්න දන්නේ නැහැ .

:       0       0

ජගත් ලියනගේ Saturday, 16 June 2018 11:39 PM

හානේ...... .අපි මෙච්චර දවසක් හිතා ගෙන හිටියේ පෙට්ටි කඩයක් කියල .

:       0       0

P.Ilangaratne Sunday, 17 June 2018 05:32 AM

නුසුදුසු කෙනෙක් ඇමතියෙක් උනාම නිලධාරීන්ට රජ මගුල්.

:       0       0

Sunil Sunday, 17 June 2018 06:34 AM

කවුද කිව්වේ එක පෙට්ටි කඩයක් කියාලා ඇමති තුමා,. පෙට්ටි කඩයක් නම් කොටි ගානක් හිස් බිල්ඩිමකට ගෙවන්න පුලුවන්වෙවිද? අනික ඒවාට ගෙවාපු සල්ලි අපේ මිසක් අමතිතුමාලාගේ නොවෙයිනේ?

:       0       0

prakaash Sunday, 17 June 2018 09:40 AM

මේක උෟරු කොටුවක්නේ... අසුචි කන අය තමයි ඔය ඇමතිකම් කරන්නේ...

:       0       27

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 467 0

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 269 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


නාන්න ගිහින් වීරවිල වැවේ සැඟවෙයි
2025 පෙබරවාරි මස 05 164 0

බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .


‘කුෂ්‘සමඟ මගියා ගුවන්තොටේදී මාට්ටු
2025 පෙබරවාරි මස 05 171 0

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා


පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 345 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 2061 2

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 737 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site