IMG-LOGO

2024 දෙසැම්බර් මස 22 වන ඉරිදා


කසල ප්‍රතිචක්‍රිකරණයෙන් නිවාස 35,000 කට විදුලිය දෙන්න පුළුවන්

(රේඛා තරංගනී ෆොන්සේකා )

ලංකාවේ දිනකට එකතු‍වෙන කසළ මෙට්ට්‍රක් ටොන් 6000න් 60% ක් එකතු වෙන්නේ බස්නාහිර පළාතේ කුණු කඳු 25න් බවත් අඩු භූමියක වැඩි ජන ඝණත්වයක් තිබීම මෙයට හේතුව බවත්  බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමණාකරන අධිකාරියේ අධ්‍යක්ෂක නලීන් මාන්නප්පෙරැම මහතා පවසයි.

ජනතාව කසළ ප්‍රතිචක්‍රිකරණ ක්‍රියාවලියට චර්‍යාත්මකව වෙනස් වී සහය නොදැක්වුවොත් ඉදිරි විසි වසර තුළදී මීතොටමුල්ලේ වැනි ඛේදවාචක සිදුවිය හැකි බව ද ඒ මහතා කියයි.

රත්මලාන කරදියාන සහ ගම්පහ දඹුවත්ත කසළ අංගනයන්හී එකතුවන කසළ ප්‍රතිචක්‍රිකරණය සඳහා ඕස්ට්‍රේලියාව සහ ඩෙන්මාර්ක් සමාගම් දෙකක් සමග ගිවිසුම්ගත වීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරමින් ඒ මහතා මෙම බව කීය.

“ මේ කසළ ප්‍රශ්නයට විසඳුමක් ලෙස අප ඩෙන්මාර්ක්වල ෆෙයාවේ වේස් මැනේජ්මන්ට් පුද්ගලික සමාගමත් , ඕස්ට්‍රෙලියාවේ ට්‍රයිලොජි ඊටීසී පුද්ගලික සමාගම සහ ඔපස් ක්ලීන් එන්වයමන්ට් එලායන්ස් සමාගම සමග බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් ගිවිසුමක් අත්සන් කෙරුණා.“

“මේ සඳහා යොදා ගැනෙන්නේ ඩෙන් මාර්ක් සහ නෙදර්ලන්තෙන් හඳුන්වාදුන් තාක්ෂණය.මෙගා වොට් දහයක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එකතු කිරීමටත් බයෝ ගෑස් නිෂ්පාදනය සහ දියර පොහොර නිෂ්පාදනය තුළින් කසළ ප්‍රතිචක්‍රිකරණය සිදු කිරීමටත් සැලසුම් කර තිබෙනවා මේ තුළින් නිවාස 35000කට විදුලිය ලබා දෙන්න පුළුවන් “යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

 



අදහස් (4)

කසල ප්‍රතිචක්‍රිකරණයෙන් නිවාස 35,000 කට විදුලිය දෙන්න පුළුවන්

arunalu Thursday, 15 June 2017 05:17 AM

මේ වගේ නිව්ස් ඉස්සර නම් අපි ඉතා අසාවෙන් බැලුව, එත් මේවා කවදාවක් අපේ රටේදී යථාර්තයක් බවට පත් වෙන්නේ නැහැ. කාලෙකට ඉස්සරදි අපේ රටේ පෙට්‍රල්, අද ගන්නවා හෙට ගන්නව කියල කිව්වා එත් එක කවදාවත් සිද්ද වුනේ නැහැ. අපේ රට පෙරටයන්න නම් මේ ජරාජීර්ණ දේශපාලුවෝ සියලු දෙනාම මේ රටෙන් අතුගවිල යන්න ඕනේ.

:       0       0

shafeek Thursday, 15 June 2017 05:40 AM

ක්‍රියාවට නගනවානම් මොනතරම් සතුටුද

:       0       0

කොබා Thursday, 15 June 2017 05:46 AM

ඕක ඉතින් පහුගිය කාලෙම අපි අහපු පරණ සිංදුවක්, අහලාම තිත්ත වෙලා. අපට ඕනෑ ඔය මහා සොයාගැනීම ගැන ආයේ කියවන්න නෙවෙයි, මේක කළා! ප්‍රතිඵල අතිසාර්ථකයි! කියන නිව්ස් අහන්න.

:       0       0

sachith Thursday, 15 June 2017 07:22 AM

"කසල ප්‍රතිචක්‍රිකරණයෙන් නිවාස 35,000 කට විදුලිය දෙන්න පුළුවන්" මෙහෙම උනාට කොහොමද අපේ දේශපලන්ඝයෝ කුණු කදුවලට පාවිච්චි කරන ලොරි,බැකෝ වලින් සල්ලි හම්බ කරන්නේ? ඕව හරි යන වැඩ නෙවෙයි ලංකාවේ කවදාවත්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙමටගොඩ ගුවන් පාලම යට බිළිදියකගේ සිරුරක්
2024 දෙසැම්බර් මස 22 140 0

දෙමටගොඩ ගුවන් පාලම යට බිලිඳියක් දමා ගොස් තිබියදී සොයාගත් බව පොලිසිය කියයි .


කොල්ලකෑමේ යෙදුණ නාවික සෙබළා පොලිස් දැලේ
2024 දෙසැම්බර් මස 22 120 0

කොල්ල කන ලද යතුරු පැදියකට ව්‍යාජ ලියා පදිංචි අංක තහඩු සවිකරගෙන කොල්ලකෑම් ගණනාවක් සිදුකළ හිටපු නාවික සෙබලෙකු ඇතුළු දෙදෙනෙකු රුපියල් කෝටියක ට අධික රන


මාලිගාකන්ද උසාවිය අසළ වෙඩි තැබීමේ සිද්ධියට 5ක් අත්අඩංගුවට
2024 දෙසැම්බර් මස 22 324 0

මාලිගාකන්ද උසාවිය අසලදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු, පැදිකරු ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය සහ


හාලිඇල වැවක කාන්තා මළ සිරුරක්
2024 දෙසැම්බර් මස 22 280 0

හාලිඇල ගලඋඩ බූලුගහමඩවැවේ පාවෙමින් තිබූ කාන්තා මළසිරුරක් අද (22) සොයා ගත් බව කන්දේගෙදර පොලිසිය පවසයි .


තැනින් තැනට අදත් වැසි
2024 දෙසැම්බර් මස 22 77 0

බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මහනුවර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැස


කොළඹට ආ පාවෙන රෝහල
2024 දෙසැම්බර් මස 22 1022 0

මහ සයුරේ රෝහල යන නමින් ද හැඳින්වෙන චීනයේ ’පීස් ආර්ක්’ හමුදා රෝහල් නෞකාව, මේ වනවිට කොළඹ වරායට සේන්දු වී ඇත. නෞකාව කොළඹ වරායට සේන්දු වූයේ සිය ලෝක චාරිකාව අ


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 39 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 30 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site