(පුෂ්පකුමාර ජයරත්න)
කොහුබත් ඇතුළු විවිධ අපද්‍රව්‍ය යොදා සකස්කරන ලද කසල තේ කන්ටේනරයක් අපනයන කිරීම සඳහා කොළඹ වරයාට රැගෙන යමින් සිටියදී අද (23) මාවතගමදී අත්අඩංගුවට ගත් බව මාවතගම පොලිසිය කියයි.
එම කන්ටේනර් රථයේ රියදුරා ද අත්අඩංගුවට ගෙන ඇත.මාවතගම-කුරුණෑගල මාර්ගයේ හදිසි මාර්ග බාධකයක් යොදා මෙම වැටලීම සිදුකර තිබිණි.
සූදානම් කර තිබූ තවත් කසල තේ තොගයක් සමග මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරුවකු ද රියදුරුගෙන් කළ ප්‍රශ්න කිරීම් අනුව මාවතගම සිංහපුර දී සොයාගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
මෙම අපද්‍රව්‍ය සමග විවිධ රසායන ද්‍රව්‍ය මිශ්‍රකර නියම තේ කුඩු ලෙස වරණගන්වා ‘ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක් “ලෙස ලේබල් කර විදෙස් රටවලට අපනයනය කිරීමේ ජාවාරමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව
ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.
වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ
ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කොහුබත්වලින් සැදූ තේ තොගයක් අල්ලයි
menna Sunday, 23 July 2017 07:52 AM
අයියෝ, පුදුමාකාර වංචාකාරයෝ ඉන්න රටක්.
Thushara Sunday, 23 July 2017 08:04 AM
තමන්ගේ මව් බිමේ අගය දන්නේ නැති නරුමයෝ. මේවා වෙන රට වලට ගියාම අපේ මව්බිමේ නාමය කැත වෙන්නේ.. කන බොන දේටත් මෙහෙම කරන්න තරම් මේ උදවිය පහත වුනේ කොහොමද..?
Ranjan Sunday, 23 July 2017 08:19 AM
දක්ෂ නිෂ්පාදකයෙක් නේ... රාජ්‍ය සම්මාන ලැබිය හැකියි මෙවර නව නිෂ්පාදන සඳහා ...
raveendra Sunday, 23 July 2017 08:41 AM
මේවා ජාතික අපරාධ. ලෝකයේ හොඳම තේ අපේ රටේ නිෂ්පාදන බව අප සැවොම දන්නා කරුණකි. මේ අය නිසා අපගේ තේ නිෂ්පාදනයේ තත්වය පහළ බසින බව අමුතුවෙන් කිවියයුතු නැත. ජාතික සම්පත් විනාශකරන මෙවන් අයට උපරිම දඬුවම් දියයුතු අතර ඒ අයගේ නම්ගම් ද ප්‍රසිද්ධ කලයුතුය.
raheem Sunday, 23 July 2017 08:55 AM
ලංකාවේ නම කන්න හදනවානේ.. කොහොමද මේ කුණුගොඩ පිටරට ගියා නම්...?
ranavi Sunday, 23 July 2017 01:01 PM
ලෝකේ මේ වගේ ජරා වැඩ කරන මිනිස්සු ඉන්නේ ලංකාවේ විතරමයි.කෝ රටේ තිබුන හැදියාව මනුස්සකම. මෙහෙම දේවල් කරලා ජිවත්වෙනවට වඩා හොඳ නැද්ද හිඟා කන එක..
buddika Sunday, 23 July 2017 03:16 PM
මේවා අද ඊයේ දේවල් නෙවේ, හම්බුන පලවෙනි වතාවත් නෙවේ මේක,. දීපු දඩුවමක් නම් අහල නැහැ කවදාවත්, මෙවැනි ජාවාරම් කාරයෝ තමයි අපේ තේ වෙළදපොළ කන්නේ,
Susil Monday, 24 July 2017 03:48 AM
මේවාගෙ දේවල් කරන අය උල තියන්න ඕන.