IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


කොළොන්නාවේ සිරිසුමංගල මහනායක හිමිට සිරිසුමන පාර්ශවයේ නව වන මහානායක පදවිය

(නිමල කොඩිතුවක්කු)


    
ආචාර්ය කොළොන්නාවේ සිරිසුමංගල මහනායක හිමියන් වෙත  ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ  සිරිසුමන පාර්ශවයේ නව වන මහානායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත‍්‍රය  ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී අද (16) පිළිගන්වන ලදී.


උන්වහන්සේගේ විජිනිපත අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පිළිගනුවනු ලැබීය.


මෙම අවස්ථාව සඳහා අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස  ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක හිමියන්, අග්ගමහා පණ්ඩිත නාපාන පේ‍්‍රමසිරි  ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක හිමියන්, ආචාර්ය නියංගොඩ විජිතසිරි ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ අනු නායක හිමියන්, ආණමඩුවේ ධම්මදස්සී ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ  අනු නායක හිමියන් ප‍්‍රධාන මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කළහ.


උත්සවයේ ප‍්‍රධාන අනුශාසනාව අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස  ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක හිමියෝ විසින් සිදු කළ අතර ආචාර්ය  නියංගොඩ විජිතසිරි ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු  මහා විහාර පාර්ශවයේ අනු නායක හිමියන් අනුශාසනාවක් සිදුකරනු ලැබීය.


බුරුම රාජකීය ඥාතීත්වයක් ඇති පිරිසක් ශ්‍රී සන්නස්පත‍්‍රය වැඩම කල අතර විජිනිපත තැන්පත් කල දෝලාව තායිලන්ත බෞද්ධ සැදැහැවතුන් පිරිසක් වැඩම කරවූහ. 


ආචාර්ය කොළොන්නාවේ සිරිසුමංගල මහනායක හිමියන් වෙත ප‍්‍රසාද පූජක පිළිගැන්විම දෙස් විදෙස් බෞද්ධ සැදැහැවතුන් විසින් සිදුකරනු ලැබීය.


ආචාර්ය කොළොන්නාවේ සිරිසුමංගල මහනායක හිමියන් විසින් රචිත ධර්ම ග‍්‍රන්ථ ත‍්‍රනිකායික මහානායක හිමිවරුන්ට පිළිගැන්විම ද එහිදී  සිදුකෙරිණි.

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි


 



අදහස් (12)

කොළොන්නාවේ සිරිසුමංගල මහනායක හිමිට සිරිසුමන පාර්ශවයේ නව වන මහානායක පදවිය

nirupa Sunday, 16 September 2018 08:36 AM

අනේ අපොයි.. අහළ පහළ අයට තව නඩු වැටෙයි..

:       96       151

PerakumSunday, 16 September 2018 04:16 PM

නිරුප, ඔය අහල පහල අයට වැටිච්ච නඩු ගැන පොඩි විස්තරයක් කරන්න බැරිද...?

:       4       68

sirimal Sunday, 16 September 2018 08:44 AM

ලංකාවේ දැන් මහානායක ස්වාමින් වහන්සේලා කී නමක් වැඩ සිටිනවාද? ඉන් ප්‍රධාන මහනායක ස්වාමින් වහන්සේ නමක් ඊයේ "අපේ රටේ බුදුදහම සමහර සංඝයා වහන්සේලාගේ ක්‍රියාකාරකම් වලින් බේරා ගැනීමට කාලය එළඹී ඇති බව" ප්‍රකාශ කිරීමට සිදුවෙන තරමට කඩා වැටි ඇති වෙලාවක ඒ සඳහා සුදුසු පිළියමක් යෝජනා නොවී මොනවා කතා කළත් වැඩක් වෙන්නේ නැතිබවයි පෙනී යන්නේ...

:       165       232

rocky Sunday, 16 September 2018 09:24 AM

දෙව් මිනිස් සැප කෙළවර අමා මහ නිවන් සම්පත් ලැබේවා !!!

:       1       42

GuneMonday, 17 September 2018 01:52 AM

ඇයි, එච්චර කල් අරින්නෙ?

:       0       1

NASRUDIN Sunday, 16 September 2018 09:48 AM

මේ අර හෙළඋරුමය පක්ෂයෙන් ඡන්දය ඉල්ලලා මුලින්ම පාර්මේන්තුවට වැඩම කළ, මහින්ද රෙජිමයේ පාර්ලිමේන්තු සභාවාරයකදී ඉස්මතු වූ කලබල අවස්ථාවක දී සිදුකළ පහරදීමකින් රෝහල් ගත වී ඉන්පසු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණා. නීතිවිරෝධීව අලි තියාගෙන සිටි යැයි කියන පන්නිපිටියේ දෙව්රම් වෙහෙරේ වැඩවාසය කරන එහි කෘත්‍යාධිකාරි ගරුතර ස්වාමීන්වහන්සේ නේද?

:       67       209

SomapaalaSunday, 16 September 2018 11:15 AM

මොකක්ද මේ නිකාය? නොදන්න කමටයි අහන්නේ...

:       51       83

PerakumSunday, 16 September 2018 04:29 PM

ඔව් මේ එයා තමයි. ලඟදී මමත් ගියා ඔය කියන දෙව්රම් වෙහෙරට. එයා දකින්න, මුණගැහෙන්න, කතා කරන්න හැමෝටම බැරිලු. ඒකට නියමිත ක්‍රමවේදයක් තියනවලු. කල්තියා දින වකවානු දාගෙන නියමිත වෙලාවට පැය භාගයකට කලින් ඇවිත් එයා එළියට වඩින තෙක් ඉන්න ඕනෑලු...

:       0       0

MaheeMonday, 17 September 2018 01:26 AM

නස්රුදින්, ඔබ නිවැරදිව සම්පුර්ණ විස්තරයම කියලා තියෙනවා.

:       0       0

ranavi Sunday, 16 September 2018 10:27 AM

ජාතියයි, ආගමයි ගැන බොරු කැක්කුමකින් නැවත වහල්ලු අන්දන්න හදන අයට පාර්ලිමේන්තුව තුළදීම කරපු නින්දිත අවමානයක් නේද? කොළොන්නාවේ සිරිසුමංගල මහනායක හිමිට දීර්ඝායුෂ පතමි..

:       29       58

samSunday, 16 September 2018 02:29 PM

ඔව් මතකද කැලණිය පැත්තේ ඇමති මිරිකලා ඉස්පිරිතාලේ හිටියා...

:       19       26

sam Sunday, 16 September 2018 02:27 PM

අපොයි තවත් නිකාය පාර්ශවයක්... ගෞතම බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණ මංචකයේ කිව්වේ ධර්ම විනය ගුරු තනතුරේ තියාගන්න කියලයි.

:       0       106

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 42 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 64 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 325 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 132 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 388 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


නාමල් රාජපක්ෂට සිතාසි
2025 පෙබරවාරි මස 05 601 2

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site