චන්දන ප්‍රනාන්දු
නයිනමඩම වෙල්ලමංකරය ප්‍රදේශයේ නිවාස සංවර්ධන අධිකාරියට අයත් නිවාස ජනපදයක ගිංඔයේ රක්ෂිතයට අයත් බිම් කොටසක් ව්‍යාජ ලෙස ඔප්පු හදා අලෙවි කිරිම සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි පුත්තලම් දිස්ත්‍රික් නිවාස සංවර්ධන අධිකාරි කාර්යාලය පවසයි.
ගිංඔයේ ධීවර කටයුතු කරන ධීවරයන් පිරිසක් තම ධීවර යාත්‍රා ගාල් කරන ස්ථානයට යාමට තිබු රක්ෂිතයට අයත් ස්ථානය අවහිර කර පුද්ගලයෙක් කම්බි ගසා තිබීම සම්බන්ධයෙන් තම කාර්යාලයට කරන ලද පැමිණිල්ලක් මත එම ස්ථානයට ගොස් පරික්ෂා කිරිමේදී රක්ෂිතය ගොඩකර තිබීම හා එය වටා තාප්පයක් ඉදිකර තිබීමෙන් කරුණු තහවුරු වු බව නිවාස සංවර්ධන අධිකාරිය කීය.
මෙම ඉදිකිරිම කර ඇති අයට එම ප්‍රදේශයේම පදිංචි අයෙක් මෙම රක්ෂිතයට අයත් කොටස ලක්ෂ ගණනකට අලෙවි කර ඇති බවත් මෙම ඉඩම් කොටස රක්ෂිතයට අයත් බව ජනපදයේ ඉඩම් ඔප්පු පරික්ෂා කිරිමේදී තහවුරු වු බවත් එම කාර්යාලය කීය.
මෙම අනවසර ඉදිකිරිම ඉවත් කරගන්නා ලෙස එහි ඉදිකිරිම් කර ඇති අයට උපදෙස් දුන් බවත් මෙම ඉඩම අලෙවි කළ පුද්ගලයන්ට ද නීතිය ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බව පුත්තලම් දිස්ත්‍රික් නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශීය කළමනාකරු චමින්ද තෙන්නකෝන් මහතා පැවසීය.
ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ගිංඔය රක්ෂිතයේ ව්‍යාජ ඔප්පු හදා ලක්ෂ ගණනකට අලෙවි කරලා
sanath Friday, 29 June 2018 05:37 PM
තව ටික කාලයකින් අපිට සෙල්ලම් කරන්න හදලා තියෙන පිට්ටනි ටිකටත් ඔප්පු හදලා විකුණයිද මන්ද?