IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ගංගාරාම නවම් මහා පෙරහර හෙට

(බිඟුන් මේනක ගමගේ )
 

කොළොම්පුර කලා මංගල්‍ය යන විරුදාවලිය ලත් ගංගාරාම නවම් මහා පෙරහර හෙට(18) හා අනිද්දා (19) දෙදින වීථි සංචාරය කෙරේ.  
 
කොළඹ  හුණුපිටියේ ගංගාරාමාධිපති කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝනායක ගල්බොඩ ශ්‍රී ඤාණිස්සර නාහිමියන්ගේ අනුශාසනා පරිදි ගංගාරාම නවම් මහා පෙරහර මෙවර සංවිධානය කෙරෙන්නේ 41 වැනි වරටය. 
 
දෙස් විදෙස් බැතිමතුන්ගේ නොමද ගෞරවාදරයට පත් නවම් මහා පෙරහර සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලාගේ අගසව් පදවි සම්ප්‍රාප්තියත් බුද්ධ, ධම්ම, සංඝ යන තුණුරුවන් උදෙසා පවත්වන පුද පෙරහරක් ලෙසත් පැවැත්වේ.
 
 අලි ඇතුන් හතලිස් පහකට ආසන්න සංඛ්‍යාවක් ගමන් ගන්නා නවම් පෙරහර තාලන් නැටුම, වේවැල් නැටුම, පතුරු නැටුම, තෙල්මේ, කුමාරපාළිය, ශුද්ධ මාත්‍රා, රිද්දි යාගය, සවරං නැටුම, බුම්මැඩි, සක් පිඹීම, අව් අතු හා මුරායුධ, රබන් කරකැවීම, පන්තේරු, මහසෝනා , උඩැක්කි, දෙවොල්, නාගරාක්ෂ, ආතා මුත්තා කෝලම, හනුමන්තා නැටුම ආදී වශයෙන් 145 කට අධික විචිත්‍රවත් පෙරහර අංගවලින් මෙවර සමන්විතය.
 
 ගල්කිස්ස රත්මලාන විමලාරාමාධිපති ආචාර්ය අත්තුඩාවේ පියරතන, ශ්‍රී ඥානෙශ්වර පිරිවෙණෙහි සම්මාන පරිවේණාධිපති දොරදෙණියේ විමලකිත්ති හා පරිවෙණාධිපති තන්තිරිමුල්ලේ සරණ යන ස්වාමින්ද්‍රයන් වහන්සේලා ධාතු කරඬුව භාරව පෙරහරෙහි වැඩම කරති. 
 
 පෙරහර පෙලගැස්වීම උද්‍යාන වීදියේ සිදුකෙරෙන අතර ශ්‍රී ජිනරතන පාර, හුණුපිටය වැව පාර, ඩබ්ලිව්.ඒ.ඩී රාමනායක මාවත, ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවත, නවම් මාවත, ශ්‍රී උත්තරානන්ද මාවත, පෙරහර මාවත, ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවත, ශ්‍රී ජිනරතන මාවත ඔස්සේ ගංගාරාම විහාරස්ථානය දක්වා පෙරහර ගමන් ගනී.
 
ගංගාරාමාධිපති කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝනායක ගල්බොඩ ශ්‍රී ඤාණිස්සර නාහිමියන්ගේ අනුශාසනා පරිදි කිරින්දේ අස්සජි, පාලටුවාවේ ජිනරතන යන හිමිවරු නවම් මහා පෙරහර සංවිධාන කටයුතු මෙහෙයවන අතර පෙරහර වීදි සංචාරයේ දර්ශන www.gangaramaya.com ඔස්සේ සජීවීව විකාශය කෙරේ. 
 
 නවම් මහා පෙරහරට ආශිර්වාදය පිණිස පසුගිය 11 වැනිදා සිට 17 වැනිදා දක්වා සතියක් පුරා මල් පෙරහර ක් ද පැවැති අතර දෙස් විදෙස් සැදැහැවත්තු විශාල පිරිසක් ඊට සහභාගී වූහ. 



අදහස් (0)

ගංගාරාම නවම් මහා පෙරහර හෙට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 625 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 175 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 509 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 125 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1751 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 184 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site