(බන්දුල ඉලේපෙරුම)
ශ්‍රී ලංකා රජය දෙමළ ජනයාට නොසලකන බවත් යුද අපරාධ කළ බවත් කියමින් ඕල් සිලෝන් ටැමිල් කොංග්‍රසයේ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා අද(21) පාර්ලිමේන්තුවේදී සිදුකළ කථාවට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු දැඩි විරෝධය පළ කිරීමත් සමග සභාව උණුසුම් ස්වභාවයක් ගත්තේය.
එහිදී සරත් ෆොන්සේකා මහතා නැගී සිටිමින් හමුදාපති කිසිදු යුද අපරාධයකට දායක නොවූ බවත් මෙවැනි දේ කීම වැරදි බවත් කියා සිටියේ දැඩි ස්වරයකිනි. අහිංසක නිරායුධ වැසියන් ඝාතනය කළේ එල්ටීටීඊ සංවිධානය බවත් ෆොන්සේකා මහතා කියා සිටියේය.
පොන්නම්බලම් මන්ත්‍රීවරයා ජාතිවාදය අවුස්සමින් කරන කථාව හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්නැයි ආණ්ඩු පක්ෂයේ ඉන්දික අනුරුද්ධ මහතා ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකා රජය යුද අපරාධ නොකළ බවත් දෙමළ ජනයා ඝාතනය කළ බව කියමින් රජයට චෝදනා කරමින් පොන්නම්බලම් මන්ත්‍රීවරයා සිදුකරන කථාව ජාතිවාදය ඇවිස්සීමක් බවත් කියමින් නිමල් ලංසා ඇමැතිවරයාද සභාවේ නැගී සිටිමින් ඊට විරෝධය පළ කළේය. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු දිගින් දිගටම එම කථාවට විරෝධය පළ කළ අතර විරෝධතා මැද පොන්නම්බලම් මන්ත්‍රීවරයා සිය කථාව සිදු කළේය.
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ගජේන්ද්‍රකුමාර්ගේ කතාවට පාර්ලිමේන්තුවේ විරෝධය
Demuni Uduwara Saturday, 21 November 2020 01:51 PM
නිර්දෝෂී කෙනෙකු නැහැ...
BamunuarachchiSunday, 22 November 2020 12:20 AM
ගජේන්ද්‍ර පොන්නම්බලම්ගේ සහෝදරයෙක් වගේ ...
Sk Saturday, 21 November 2020 03:26 PM
කොටි තාම නැති වෙලා නැහැ වගෙයි.
Bamunuarachchi Sunday, 22 November 2020 12:22 AM
මේ ගොයියගේ පොටෝ එකක් දාන්නකෝ...? ඒ කාලේ රනිල් ගොයියා හින්දා ඔහෙලා බේරිලා යහතින් ඉන්නවා.
Amintha Sunday, 22 November 2020 04:38 AM
මෙකෙන් පැහැදිලියි .... යුද්ධයට නායකත්වය දුන්නේ කවුද කියලා. SF ගේ කේන්තිය සාධාරණයි.
විජේ Sunday, 22 November 2020 08:36 PM
ගජේන්ද්‍රන්ට මොනවත් කියන්න එපා. අපි මොනවත් කියන්නේ මොකටද...? අම්බලමට කලින් තියෙන්නේ ඔය කියන්න ඕනේ දේ...