IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ගැටඹේ සිට තැන්නෙකුඹුර දක්වා උමං මාර්ගයකට කැබිනට් අනුමැතිය

(ආරියරත්න රණබාහු)

දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය කිසිම හේතුවක් නිසා විවෘත නොකරන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම මාර්ගය විවෘත නොකිරීමෙන් ඇතිවන මාර්ග තදබදය අවම කිරීම සඳහා බෝගම්බර සිට ගැටඹේ දක්වාත්, තැන්නකුඹුර දක්වාත් උමං මාර්ගයක් ඉදි කිරීමට අද කැබිනට් අනුමැතිය ලැබුණු බව ද කිරිඇල්ල මහතා කීවේය.



අදහස් (35)

ගැටඹේ සිට තැන්නෙකුඹුර දක්වා උමං මාර්ගයකට කැබිනට් අනුමැතිය

lalin Tuesday, 04 April 2017 04:37 PM

දළදා මාළිගාවට දිය යුතු ගෞරවය දිය යුතුයි

:       5       197

aravinda Tuesday, 04 April 2017 07:04 PM

මේ ව්‍යපෘතිය ඉතා හොඳ දෙයක් වුනත්, මෙය අවසන් කිරීමට සැහෙන කාලයක් ගතවිය හැකියි. මේ කාල වකවානුව තුල, මහජනයාගේ එදිනෙදා ගමන් පහසුව සඳහා, දැනට වැව රවුමේ ඇති මාර්ගයත්, මාලිගාව ඉදිරියෙන් ඇති මාර්ගයත් විවෘතව තැබිය යුතුයි. උමන් මාර්ගයේ වැඩ නිම වූ පසු, මාලිගාව ඉදිරියෙන් ඇති මාර්ගය අවශ්‍යනම් නැවත වසා දැමිය හැක. ක්වීන්ස් හෝටලය ඉදිරියේ වාහන තදබදයක් ඇතිවේ යයි සිතනවානම්, මේ ඉතා පැරණි හෝටලය දැන් තිබෙන තැනින් කඩා ඉවත් කොට, පැරණි බෝගම්බර සිරගෙදර තිබු ස්ථානයේ නැවත ගොඩනැගිය හැකියි.

:       578       221

janatha anura Friday, 07 April 2017 05:14 AM

අරවින්දගේ සිහිනය සැබෑ නොවනු ඇත දෙබෑ වනු ඇත අන් අයගේ ආගම දහමට විශ්වාසයන් අගය කිරීමට පුරුදු වන්න මෙය ඔබට කල නොහැක කල හැක්කේ ලිවීම පමණි අපි අනුකම්පා කරමු

:       1       13

vijitha HerathFriday, 07 April 2017 06:22 PM

අරවින්දගේ ප්‍රතිචාරය තමයි මටත් තියෙන්නේ. මාත් අපහාසයට භාජනය විය හැකියි නමුත් කිව යුතුයි මෙය. ක්වීන්ස් හෝටලය බෝගම්බර සිරගෙදරට මාරුකිරීම අවශ්‍ය නොවන නමුත් උමන් මාර්ගය සාදා නිම කරන තෙක් මාලිගාව ලඟින් මාර්ගය විවෘත කිරීම හොඳම ක්‍රමයයි. ලංකාවේ බුදුන් වහන්සේගේ ධර්මය ගැන තුට්ටුවකට මායිම් නොකරන සිංහල බුද්ධායා හිතන්නේ බොරුවට සිල්වත් බව පෙන්වන මාර්ගය වහන ආදී ක්‍රියා කලාපයන්ටයි.

:       0       0

සරත් Tuesday, 04 April 2017 08:05 PM

ලංකාවේ ඉන්නවා කොටසක් මාලිගාවත් එක්ක අපමණ තරහක් තියෙන ,ඒ මිනිස්සු දන්නේ නැහැ නැතිනම් දන්නේ නැහැ වගේ ඉන්නවා,බෞද්ධයින්ගේ තියෙන ඉවසිලිභාවය නිසයි එයාලගේ ආගම් වලට ඕන දෙයක් කරගන්න දීල බෞද්ධයින් බලාගෙන ඉන්නේ කියල.ඒ ඉවසීම නිවටකමක් කියල හිතනවානම් ඒ වැරදීමක්.

:       29       568

ලුම්බිණි Wednesday, 05 April 2017 01:11 AM

උමං මාර්ගයක් ඉදි කිරීම හොඳ දෙයක්. ඒත් මාලිගාව ඉස්සරහ පාර වහගෙන ඉන්න එකනම් විහිළුවක්.

:       785       520

mahee Wednesday, 05 April 2017 01:53 AM

හරිම වටිනා අදහසක්. ඔය විදිහටම කොළඹ නගරයට යටින් අර බොරැල්ලේ වගේ උමං සංකීර්ණයක් හැදුව නම් කොළඹ තදබදෙත් ඉවර කරන්න පුළුවන් නේ.

:       4       68

rocky Wednesday, 05 April 2017 02:36 AM

විසාල ප්‍රා කාරයකින් වට කොට දළදා මාලිගාව ආරක්සා කල යුතුය. දේශපාලුවන්ට සහ අලි පෙරහැර හැර වෙන කිසිවෙකුටත් ඇතුළු වීමට ඉඩදිය යුතු නැත!

:       153       1

rocky Wednesday, 05 April 2017 02:39 AM

දළදා මාලිගය කෙසේ වුවත් දැනට මෙහි බුදුන්වහන්සේගේ සැබෑ දළදාවක් තිබේද යන්න විමසා බැලිය යුතුය! අප දන්නා තරමින් නම් පෘතුගීසින් විසින් දළදාව ගෝවට රැගෙන ගොස් එහිදී විනාස කර දමනු ලැබීය.

:       720       96

dias Wednesday, 05 April 2017 03:19 AM

කවුරු මොනවා කිවත් දළදාව ආරක්ෂා කිරීමේ සඳහා ඉදිරිපිට මාර්ගය වසා තැබිය යුතුයි.

:       157       224

Tharindu Wednesday, 05 April 2017 04:44 AM

අපේ රට සිංහල උන් බෙදිලා මරාගන්නවා (නිල්, රතු කොළ හින්දා), අනික් අයන් ඒවා බල බල හිනා වෙනවා. පාර ඇරලා දුන්නම, පාර වහල තිබුනම උද්ගෝෂණ, අපේ රටකට ගිය කලක්...

:       1       51

Eranda Wednesday, 05 April 2017 05:28 AM

විශිෂ්ට තීරණයක් දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය විවෘත නොකිරීම ඉතා හොද දෙයක් හුග දෙනෙකුට ඕන වෙලා තියනවා මේ පාර ආයිත් ඇර ගන්න එක දළදා මාලිගාවට කරන අගෞරවයක්

:       173       206

ase Wednesday, 05 April 2017 06:13 AM

මේවගේ ලොකුවට කතා කරන්නේ නුවර ජීවත් වන අය වෙන්න බැහැ, අපි විතරනේ එකේ රඟේ දන්නේ . දළදාව සහ මාලිගාව පෙර පරිදි අනුරපුර පූජා නගරයට ගෙන යන්න එයට උරුම තැන එතන .

:       1123       76

Missaka Wednesday, 05 April 2017 06:34 AM

තල්වත්ත, බෝගම්බර ප්‍රදේශ නාය යාමේ අවදානම් කලාප වන නිසා මෙයින් දැඩි පරිසර මෙන්ම සමාජ ප්‍රශ්නයක්ද පැනනැගිය හැක.මෙය නුවර තදබදයට හොඳ විසදුමක් නොවෙයි. ප්‍රධාන ලෙස වාහන තදබදය ඇතිවන්නේ නුවර අවට පවතින විදුහල් නිසයි. එවයෙනුත් ප්‍රධාන පාසල් කිහිපයක් වැව රවුමේ පිහිටයි. තන්නේකුම්බුරේ සිට පේරාදෙණියට යන වාහන මෙම යෝජිත උමග භාවිතා කරත් එය සියලු වහාන වලින් 10% ක පමණ ප්‍රමාණයකි.

:       6       31

සිරි Wednesday, 05 April 2017 07:01 AM

වෙනත් රටවලනම් ලෝක උරුම ස්මාරක වලට වාහන වලින් වෙන හානිය අවම කිරීමට පියවර ගන්නවා. වාහන ගමනාගමනය නිසා විශාල තර්ජනයක් ඇති තැන්වලට වාහන අතුල්වෙන්නවත් දෙන්නෙ නැහැ. ඒකට අපේ රටේ අයට සංස්කෘතික උරුමයන් ගැන වගේ වගක් නැහැ තමන්ගෙ වැඩේ කෙරෙනවනම්.

:       35       12

chamila Wednesday, 05 April 2017 07:04 AM

වැව හරහා පාලමක් හැදුවනම් මුදලුත් කාලයක් ඉතිරි , ඔය කියන උමග හදන්න අවුරුදු 20ක් වත් ඕන වේවි .

:       3       90

බණ්ඩාර Wednesday, 05 April 2017 08:59 AM

සැම ආගමකම අන්තවාදීන් ඇත. පිවුතුරු බුදූ දහම නිසි ලෙස තේරුම් නොගත් ගිහි සහ පැවිදි ලෞකික වස්තුවකට මුල් තැන දී, දහමෙහි ඇති මුලධර්ම පවා අමතක කර දෙනෝ දහකට කරදර වන පරිදි කටයුතු කිරීමෙන්, මෙම අන්තවාදී කම පෙන්නා දහමටද ඇති ගෞරවයද කෙළසීමට පත් කර ඇත.

:       220       93

sarathWednesday, 05 April 2017 09:11 AM

තමන්ගේ දේවල් රැකගැනීම අන්තවාදී කියල හිතෙනවනම් ඒක ලොකු වැරදීමක් .උත්සහකරලා බලන්නකෝ අන්තවාදී නොවන පල්ලියක් කඩන්න

:       54       124

asal vasiya Friday, 07 April 2017 04:38 AM

ඔබ කිසි දිනක මේ නම අදාල නැහැ වෙන්නත් බැහැ පරපුර පාවා දී බොහොම කල් එම නිසා තමන්ගේ විශ්වාසය තබාගෙන වැව රවුමින් හෝ විකල්ප මාර්ගයකින් යන්න දළදා විවෘත කිරීමෙන් උෂ්ණය ,මාර්ග තද බදය දුරු කල නොහැක ධාවනය වන වාහන අවම නොවන නිසා

:       0       9

janatha anura Friday, 07 April 2017 05:20 AM

ඔය කියන දෙනෝ දාහක් එකතු වී තාන්නමාන්න ලබාගෙන රටම පාවා දුන්නේය ආගමද පවා දුන්නේය අද එහෙම බැහැ අපි ඔබ කියන අන්තවාදීන් නම් අපි ආඩම්බර වෙමු අපි අපේ සුඛවිහරණය පතා ජාතිය ආගම දෙමාපියන් කිසිවිටෙකත් පාවා නොදෙන නිසාවෙන්ය

:       0       4

සනා Wednesday, 05 April 2017 09:39 AM

ගැටඹේ සිට මහනුවරටත් , බෝගම්බර සිට තැන්නේකුඹුරටත් උමං මාර්ග තැනීම කිසිම ශක්‍යතා අධ්‍යනයක් සිදු කර නැති හුදෙක් අදහසක් පමණයි.අදහස නම් හොඳයි... ඒත් ප්‍රායෝගිකව හරිම අපහසු වෙන්න පුලුවන්. දැනට ඉදිකර ඇති විශාල ගොඩනැගිලි, හෝටල්, පාසල්, කිඳා බහින්න පුලුවන්. මහනුවර ලේවැල්ල, ධර්මරාජ විදුහල අසල ප්‍රදේශ දැඩි නාය යාම් තර්ජනයට ලක්ව ඇති බැවින් හා තැන්නෙකුඹුර සිට මහනුවරට සීඝ්‍ර බෑවුමක් සහිත කඳුවැටියක් ඇති බැවින් මෙම අදහස කොතරම් ප්‍රායෝගිකද යන්න සිතා බැලීය යුතුයි.

:       39       59

janatha anura Friday, 07 April 2017 04:32 AM

ඔබගේ තාක්ෂණික දැනුම මේ ගැන මදි කිදා බසින්න නම් මාර්ගය ද වැසී යා යුතුය උමං මාර්ග ගොඩනැගිලි විශාල ජලාශ යටින් ඉදි කල හැටි බලන්න මෙහි එනවනම් පෙන්නන්න පුළුවන් හොන්ග්කොන්ග්හි බොහොමයක් අපේ රටේ අය ශ්‍රමයෙන් දායක වුණා

:       1       1

moratu vara lath engineruva Friday, 07 April 2017 05:10 AM

එය වැරදි මම උගෙන ගත්තේ කටුබැද්දේ අපි වැඩ සක්‍යතා අධ්‍යනය කලේ බොහොම කල් නිර්මාණය ඉතා වේගයෙන් චීනයේ ජපානයේ බෞද්දයන් ඉන්න සමාගම් පෙරමුණ ගන්නබවක් නම් පේනවා අපි වැඩ කරනවා නමුත් බේදයක් නැහැ මේවා අද ලෝකයේ නිර්මාණය වන උමන් අපහසු නැහැ අවශ්‍ය කැප වීම උනන්දුව නොපසු බට උත්සාහය දැනුම පමණි

:       0       1

naradha Wednesday, 05 April 2017 04:32 PM

සිරිසේන මහත්තයි කිරිඇල්ල මහත්තයයි චන්ද කාලෙදිනම් කිව්වේ වෙන කතාවක්. බලාගෙන ගිහාම ඔක්කොම එකයි.

:       26       11

wasanjaya Wednesday, 05 April 2017 09:49 PM

මෙවැනි දෙයක් කරන්න මුදල් කෝ මේ ආණ්ඩුවත් ලැස්ති වෙන්නේ චීනේ ට සහ ලෝක බැංකුවට අපිව ණය කරවන්නය අනවශ්‍ය වැඩක් මහා නුවර නගරයේ පිරෙන වාහන දුම් අඩුකරන්න ක්‍රමයක් සෙවීම කලොචිතයි

:       0       41

sunil Pushpadana Thursday, 06 April 2017 07:55 AM

මේ ආණ්ඩුව එනකොට පටන් ගත්ත ගෝඨාභයගෙන් ඉවර වූ - පුෂ්පදාන බාලිකාව ඉස්සරහ පොඩි සිල්ලර පාර ලොකු කරන වැඩෙයි, මහයියාව බෝක්කුව ළග පාරයි තවමත් එහෙම්මයි. උමං හදයි එන අාත්මෙක. බොරු රැවටිලි යෝජනා විතරයි වැඩ බැ බෑමයි. අපේ ඡන්දෙ අපරාදෙනෙ...

:       0       18

rocky Thursday, 06 April 2017 01:24 PM

දළදා මාලිගාවට මෙන්ම ඔය ලොකු පන්සල් වලටත් නිසි ආරක්ෂාව ලබා දීම සඳහා මහනුවරට ප්‍රවේශ වන මහා මාර්ග සියල්ලම වසා දමන්න! එසේත් නැත් නම් ආරක්ෂා කටයුතු සඳහා විශේෂ දළදා ආරක්ෂක සන්නද්ධ හමුදාවක් සේවයේ යොදවන්න!

:       71       1

anuraFriday, 07 April 2017 05:42 AM

විශේෂ සේනාවක් අවශ්‍ය නැහැ සකල ලංකාවාසී බොදු ජනතාවක් පෙළ ගැස්වී ඇත පාවා දුන් උන්ට එරෙහි වනු ඇත නිෂ්ශබ්දතාවය නිවටකමක් නොවන බව ඉදිරියේදී පෙනේවි

:       1       1

thushan Thursday, 06 April 2017 07:37 PM

අපේ ගේ තියෙන්නේ සුදුහුම්පොළ. මේ ප්‍රදේශය එන්න අකාර කිහිපයකට පෙර නාය යාමට ලක් වුණා. ඉන්පසුව මේ ප්‍රදේශය ඇතුලු අවට ප්‍රදේශ කිහිපයක් නාය යාමේ අවදානමට ලක් වී ඇති බව ප්‍රකාශ කෙරුණා... අපේ ගම යටින් මේ උමන් මාර්ගය යනවා කියලි අපිට ආරංචි. උමන් මාර්ගය හදද්දී බැකෝ,ලොරි එහෙම ගේන්න වෙනවා අනික හාරන්න ලොකු මැෂින් ගේන්න වෙනවා. එතකොට පොළොවට වෙන හානිය වැඩි. සංවර්ධනය වෙන එකට අපි සන්තොසයි.

:       0       2

janatha anura Friday, 07 April 2017 04:26 AM

උමං මාර්ග ශක්තිමත් ඉදි කරන්නේ ඉතාමත් ආරක්ෂාකාරී යන්ත්‍ර භාවිතයෙන් කොටසින් කොටස මෙහි අවොත් බලන්න පුළුවන් හොංකොං නුවර දිගම උමං මාර්ග ඉදි උනේ වික්ටෝරිය ජලාශයේ වැඩකළ ලාංකික සිය ගණනකගේ දායකත්වයෙන් බිය විය යුතු නැහැ

:       0       6

hewa Friday, 07 April 2017 12:03 AM

කොරයි

:       0       1

Ruhune api Friday, 07 April 2017 04:40 AM

කරලා බලමු ඔබතුමා අනුරාධපුරයෙන් තමා කෙළවර වන්නේ

:       0       0

janatha anura Friday, 07 April 2017 04:51 AM

දළදාව අනුරපුරයට ඉවත් කර මාර්ග හදන්න යන උන් අසින්හලයන්ය කිසිදා සිදු නොවනු ඇත දිවි හිමියෙන් බොදු ජනතාව ඉදිරිපත් වනු ඇත එසේ ප්‍රර්ථනා කරන අය අනුරපුරයද බාර නොගනු ඇත ගෝවද බාර නොගනී

:       0       1

asif maha nuvara Friday, 07 April 2017 05:02 AM

අපිද නුවර රාජ්‍යයේ රජකළ දවස කාලයේ නුවර සිටිමු මේ මාර්ගය හැදුවේ සුද්දන්, සියවස් වසර ගානක් බොදු රාජ්‍යයේ සමගියෙන් සිටි අපිට මේ මාර්ගය නිසා සමස්ත බොදු ජනයාගේ සිත් රිදවීමට අපිට අවශ්‍ය නැහැ පහත දැමු සිංහල කොඩියම නැවත එසවිය යුතුය කියුවේ එකල මුසිලිම් ඇමති වරයෙක් මේ මාර්ගය අවශ්‍ය නැහැ කියුවෙත් අපේ මන්ත්‍රී කෙනෙක් නමුත් සිංහල අය ම කියන්නේ වෙනත් දෙයක් නායක හාමුදුරුවන් ද මෙයට කැමති නැහැ පාර ඇරියත් මාලිගාවට අවහිර වීම හැර වායු දුෂණය නැති කරන්න බැහැ වාහන වෙනත් විකල්ප මාර්ගයකට යොමු කල යුතුය මෙතන වෙනත් ගොඩනැගිලි හැදුවේ අපි නොවේ තම ජාතිය ආගම අතහැර ගිය ඔබලාගෙම පිරිස්

:       0       0

ප්‍රභාත් මංජුල Friday, 07 April 2017 11:54 AM

දළදා මාලිගය ඔතන හදලා සැහෙන කල්, ඒක උරුමයක්. මිනිස්සු තමයි ලාබ ප්‍රයෝජන තකා නුවරට ඇවිත් පදිංචි වෙලා ඉන්නෙ. එයාල අයින් වුනා නම් ප්‍රශ්න විසදෙයි. රටක ඉතිහාසය එක එකාට ඕනෙ විදිහට වෙනස් කරන්න බැ, ඒ ඓතිහාසික දෙය රැකිම මුල් දෙය.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

පාස්පෝට් මුද්‍රණයට අමතර කාර්ය මණ්ඩලයක්
2025 පෙබරවාරි මස 05 3 0

විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලය සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ජල ගාස්තුව සියයට 10 ත් 30 ත් අතර අඩු වීමක්
2025 පෙබරවාරි මස 05 58 0

ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.


පොල් මද ගේන්න කැබිනට් අනුමැතිය
2025 පෙබරවාරි මස 05 155 0

දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


එජාප කාන්තා සංවිධානය අචිනිට
2025 පෙබරවාරි මස 05 738 1

එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.


වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 2620 3

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 745 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 764 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site