IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ගෝඨාගේ අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම කල් යයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව දැන ගන්නට ලැබී ඇති බැවින් තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ  මූලික අයිතිවාසිකම් පෙත්සම  සලකා බැලීම ලබන ඔක්තෝබර් 24 වැනි දා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) තීරණය කර තිබේ.

අගවිනිසුරු ප‍්‍රියසාත් ඩෙප්, උපාලි අබේරත්න සහ අනිල් ගුණරත්න යන මහත්වරුන් ගෙන් යුත් ත‍්‍රීපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවු අතර එහිදී මෙලෙස තීන්දු කෙරිණි.

මෙම පෙත්සමේ  වගඋත්තරකරුවන් වශයෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයද, ජනාධිපති ලේකම්,පොලිස්පති,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

මිග් යානා ගනුදෙනුව සහ ලංකා හොස්පිටල්හි මුදල් ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබා දීම සඳහා මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාසයට තමා කැඳවා ඇති බව පෙත්සම්කාර හිටපු ආරක්ෂක ලේකම්වරයා පෙත්සමින් පෙන්වා දෙයි.එහිදී තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවත් පෙත්සමේ සඳහන් වේ.

එසේම මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාසය අගමැතිවරයාගේ උපදෙස් මත පිහිටුවා ඇති බවත් එය නීතියට වලංගු නොවන බැවින් එම කොට්ඨාසය පිහිටුවීමේ ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි ද හිටපු ආරක්ෂක ලේකම්වරයා පෙත්සමෙන් ඉල්ලයි.

මීට පෙර මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් විභාගය අවසන් වන තුරු පෙත්සම්කාර හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් පැනවීය.



අදහස් (12)

ගෝඨාගේ අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම කල් යයි

Nandalal DE SILVA - France Thursday, 15 June 2017 04:55 PM

"ගඟ හත් ගවුවක් තියා ගෝටා අමුඩ ගහනවා" කියන්නේ මේවගේ හිනා යන කතාවලට! වැරද්දක් කරලා නැත්නම් මොකොද බයෙන් වෙවුලන්නේ ? ඔහොම ගියොත් ප්‍රතිකාර ගන්න ඇමෙරිකාවට යන්නත් අවසර ඉල්ලාවි... ඒ අතරේ රටේ නීතියට අභියෝග කරන්නත් මේ පුද්ගලයා සුදානම් වීම ඇත්තෙන්ම එයාගේ බය එළිදැක්වීමක් නොවේද ?

:       532       367

mangala welarathna Friday, 16 June 2017 01:28 AM

ගොඨාභය දැන්නම් බය වෙලා මේ ගනුදෙනුව බරපතල වගේ මොනවා කරන්නද එල් ටි ටි විනසකල කියල රටේ මුදල් ගසාගෙන කන්න හොද නැහැ නේද රත්තරන් කියල පිහියෙන් එනගන්න බැහැ

:       541       460

amali Friday, 16 June 2017 03:21 AM

එක ඇත්ත මංගල ගිය ආණ්ඩුව පරාජය කරපු නිසා මේ ආණ්ඩුවේ කට්ටිය මහා බැංකුව කොච්චර හොර කෑවත්, රට මොනතරම් අගාදයකට ඇද දැම්මත් කමක් නැහැ නේද.

:       240       318

ShanFriday, 16 June 2017 06:20 AM

ඒවාටත් දඬුවම් දෙන්න දැන් නඩු අහනවා කියලා දන්නේ නැද්ද?

:       3       0

අනිල් Friday, 16 June 2017 04:07 AM

තු නොදකින්... සිංහල ජාතියට , රටට මොන තරම් වැඩක් කරපු මනුස්සයෙක් ද..... මතක ඇති කාලේ ක අපේ රටේ ගුණමකු සත්තුන්ට සත පහක වැඩක් කරන්න හොද නැහැ .

:       360       505

ShanFriday, 16 June 2017 06:25 AM

මේ වගේ මිනිස්සුත් ඉන්නවනේ. මෙතුමා වැඩ කළේ පිනට නෙමෙයිනේ. අපි පඩි ගෙව්වා, ගෙවල් දුන්නා, ඔක්කොම බිල් ගෙව්වා, එ්ත් මොකද කලේ....? රස්සාව කරන ගමන් රටේ සල්ලිත් හොරකම් කළා.

:       56       0

jayasinghe Friday, 16 June 2017 04:40 AM

අමාලි, අනිල් ඔබ වැනි අය අගය කල යුතු. මටත් මේ සමහර සිංහල නම් වලින් පෙනී ඉදගන අදහස් දාන මියගිය LTTE අවතාර ගැන හිරිකිතයි.

:       5       160

thilina Friday, 16 June 2017 05:16 AM

ගුණමකු කමේ සීමාවක් තියෙන්න ඕනේ.තමන්ගේ පක්ෂය වෙනුවෙන් කඩේ යන මිනිස්සුන්ට රට ජාතිය වෙනුවෙන් වැඩ කරපු මිනිසුන්ව මැරුවත් කමක් නෑ තමන්ගේ පක්ෂයේ නොවන නිසා.අත් අඩංගුවට ගන්න වරදිකරයෙක් වෙන්නම ඕනේ නෑ .චෝදනාවක් හොඳටම ඇති.මොනවහරි චෝදනා ටිකක් ගොනු කරලා මේ මනුස්සයව ඇතුලට ගන්න දගලන බව රටට ජාතියට ආදරේ ඇති ඕන මනුස්සයෙක්ට තේරෙනවා..

:       72       154

Chanak Los Angeles Friday, 16 June 2017 05:21 AM

අනිල් කියන ලෙසට එහෙනම් ගෝටලා සේවය කරතිබෙන්නේ සිංහල ජාතියට පමණයි ?? රටේ සිංහල නොවන අන් පුරවෙසියන් ගොටලගේ ආණ්ඩුව ඔවුන්ට නොසලකා හෙරියා කියන එක ඇත්තක් එහෙනම් ???

:       300       174

අනිල් Friday, 16 June 2017 06:01 AM

රටට කිව්වහම අනිත් ඔක්කොම අයිති කියලා තේරෙන්නේ නැති තරම් සිංහල දන්නෙ නැති අය වෙන්න බැහැ. කුහක කමට බෙහෙත් තියනවා නම් ගත්තොත් ඔය ලෙඩේ සනීප වෙයි...

:       0       0

kasun - switzerlandFriday, 16 June 2017 08:56 AM

චානක ඔයා ඇමෙරිකාවේ හිටියට එහෙ ඔයා මහා ජාතියට අයිතිද? අපිත් ජීවත් වන්නේ පිටරට තමයි. එත් අපිව නම් ඒ රටේ මහා ජාතිය විදියට සලකන්නේ නැහැ.... ඒක නිසා විකාර නොකර ලැබෙන දෙයක් කාල වෙනදෙයක් බලාගෙන එහෙට වෙලාම ඉන්නකෝ!!

:       0       52

siri Saturday, 17 June 2017 10:17 AM

සමහරුන්ගේ කමෙන්ට්ස් දැක්කහම මැරිලා ඉපදිලද කියල හිතෙනවා. පන කෙන්ද රක ගෙන ඉන්නේ කවුරුන් නිසාද? කියල වගේ වගක් නැති අයට කියන්න තියෙන්නේ කණගාටුයි කියලයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 639 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 176 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 528 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 133 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1782 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 184 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site