IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ගෝඨාට එරෙහි පොදු දේපොළ පනත් නඩුවේ පෙත්සම් විභාගය කල් යයි

( මනෝප‍්‍රිය ගුණසේකර)

වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ පරීක්‍ෂණ පැවැත්වීමෙන්  සහ ඉදිරි අධිකරණ කි‍්‍රයාමාර්ග ගැනීමෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය වළකාලන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කොට ඇති පෙත්සම ලබන සැප්තැම්බර් 28 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය අද (25) නියම කළේය.

මෙලෙස නියම කරන ලද්දේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප‍්‍රීතී පද්මන් සුරසේන සහ අර්ජුන ඔබේසේකර මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසිනි.

මිරිහාන පැඟිරිවත්ත පාරේ පදිංචි ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ඉදිරිපත් කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති පුජිත ජයසුන්දර මහතා, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර මහතා ඇතුළු පස් දෙනෙකු නම් කොට ඇත.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුවට අදාළව අධිකරණය හමුවේ ඇතිවු එකඟතාවයන්ට අනුව පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටි තම සේවාදායකයින් මෙම සිද්ධියට අදාළව ප‍්‍රකාශ ලබාදුන් බවත්  අධිකරණයෙන් කළ දැනුම් දීමකට අනුව අධිකරණය හමුවේ පෙනී සිටීමටට අපේක්‍ෂා කරන බවත් දැනුම් දුන්නේය.

ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ අධිකරණය මෙම පෙත්සම ලබන සැප්තැම්බර් 28 වැනිදා යළි කැඳවීමට නියම කළේය.

පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ අලි සබ්රී මහතා සමඟ ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය.

වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා පෙනී සිටියේය.



අදහස් (21)

ගෝඨාට එරෙහි පොදු දේපොළ පනත් නඩුවේ පෙත්සම් විභාගය කල් යයි

sampath Wednesday, 25 July 2018 12:02 PM

ඕවා නම් මොනවද? අපේ වත්මන් මුදල් ඇමතිතුමා කෝටි අටහමාරක් වියදම් කරලා පත්තරේ දැන්වීමක් දාපුකොට...

:       1324       1430

ruwanWednesday, 25 July 2018 02:02 PM

පුදුමේ කියන්නේ මේකටත් ඩිස්ලයික් දාපු දේශපාලන අන්ධයෝ ඉන්නවනේ. මුදල් ඇමතිතුමා කෝටි අටහමාරක් වියදම් කරලා පත්තරේ දැන්වීමක් දාපු කතාවක් පල වුණේ. එක බොරු කියලද මේ ඩිස්ලයික් දාන්නේ...?

:       720       513

ShanThursday, 26 July 2018 06:26 AM

මේක කැමති, අකමැති තරඟයක් නෙමෙයිනේ. මේ ප්‍රවුර්තිය ගෝටාගේ වංචාවක් ගැන, ඒක හරිද වැරදිද කියලා කතා කරන්න. කවුරු කලත් වැරැද්ද වැරැද්දමයි. ඒක විවේචනය කරන්න කොන්දක් ඇතිව.

:       68       320

සතයපාල Wednesday, 25 July 2018 12:52 PM

මේක මාර වැඩක්නේ... හොරෙකුට හොරකමක් කළාට පස්සේ ඒ හොරකම සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන්න හා තමන්ට එරෙහිව අධිකරණයේ නඩු පවරන්නත් එපා කියලා අධිකරණයෙන් ඉල්ලා හිටින්න හැකි නම් ඒ රටට මොකටද නීතියක්...

:       52       1014

සුගත් Wednesday, 25 July 2018 02:24 PM

සත්‍යපාල මහත්තයෝ, එක් අමාත්‍යාංශයකින් මේ මුදල අරගෙන තියෙන්නේ ණයට කොටස් වශයෙන් ගෙවීමටයි. මෙයින් කොටසක් දැනට ගෙවලා තියනවා. ඒවාට සම්බන්ධ ලියකියවිලි තියෙනවා. මේකට පොදු දේපළ පනත යටතේ නඩු දාන්න කිසිම වලංගුතාවයක් නැහැ. මේක මේ නම කතා කරන්න නඩුවකට පටලවන්න දාපු නඩුවක් මිසක් මෙතන මුදල් හොරකමක් වෙලා නැහැ. එ්ක නිසා තමයි පෙත්සමක් ඉදිරිපත් කරලා තියෙන්නේ.

:       917       1030

gawa pala Wednesday, 25 July 2018 03:15 PM

එතකොට දෙමව්පියන්ගේ සොහොන් හදලා තියෙන්නේ තමන්ගේ සාක්කුවේ සල්ලි වලින්ද? මේවා කල් දාන විනිසුරුවරුනුයි මේ හොරු වෙනුවෙන් නිතරම ඉදිරිපත් වෙන රොමේෂ් වැනි හොරුන් වෙනුවෙන් පෙනී සිටින නීතිවේදීන් නීති ක්ෂේත්‍රයෙන් එලවා දැමිය යුතුයි.

:       241       982

MaheeWednesday, 25 July 2018 11:51 PM

සුගත් නඩුව අහලා තීන්දුවත් දීලා ඉවරයි වගේ. බැංකුවලට අමතරව රජයේ මෙවැනි දෙපාර්තමේන්තු පුද්ගලයන්ට ණයට සල්ලි දෙන බවත් මං දැන ගත්තේ අදයි. පාට කන්නාඩි නින්දෙදිවත් ගලවන්නේ නැති ඔබ වගේ අය නිසා තමයි මොවුන් මහජන මුදල් හොරකම් කරන්නේ.

:       68       256

Chanak Los angelesThursday, 26 July 2018 05:51 AM

ඔබ වෙන්න ඇති ලියකියවිලි හදලා තිබෙන්නේ ?

:       106       0

Chanak Los angelesThursday, 26 July 2018 05:59 AM

ඔහොම පොඩ්ඩක් බලාගෙන ඉන්න

:       74       0

BamunuarachchiWednesday, 25 July 2018 04:31 PM

සත්‍යපාලට පිළිතුරු දීමත් තේරුමක් නැති වැඩක්

:       414       341

සතයපාලWednesday, 25 July 2018 04:44 PM

නාගරික සංවර්ධන අධිකාරියෙන් හා නාවික හමුදාවෙන් ණය ගත් එකම ශ්‍රී ලාංකිකයා මෙයා වෙන්න ඇති. එහෙම ණයක් ගත්තා නම් ණය ගිවිසුමක් තිබිය යුතු අතර ඒ ගිවිසුමට අනුව ණය ආපසු ගෙවා ඇත්නම් ඒ ණය ගිවිසුම උසාවියට ඉදිරිපත් කර තමන්ගේ නිර්දෝෂි භාවය ඔප්පු කර නඩුවෙන් ඉතා පහසුවෙන් නිදහස් වෙන්න හැකියාව තියනවා. එහෙම නොකර තමන්ව අත් අඩංගුවට ගැනීමෙන් වැලැක්වීමට හා නඩු පැවරීමට විරුද්ධව උසාවී ගානේ රස්තීයාදු වෙන්නේ මෙතන සාධාරණීය කල නොහැකී හොරකමක් හෝ වංචාවක් සිදුවී ඇති නිසා බව ඉතා පැහැදිලි වන අතර කොටසක් ගෙවලා තියෙන්නේ වර්ථමාන රජය මේ පිලිබදව පරික්ෂණ ආරම්භ කිරිමෙන් පසුව බවට මාධ්‍ය වාර්තා මගින් අනාවරණය විය.

:       79       1159

SamanThursday, 26 July 2018 03:26 AM

ඒකනේ කියන්නෙ, ණයක් ගත්තා කියලා මතක් වුනෙත් අයියා පරාද වුනාට පස්සෙ..

:       47       127

SamanThursday, 26 July 2018 05:24 AM

සිරිකොතේ වලං ටික හෝදලා ඉවරද? හැම තැනම ඉදුල් ගඳේ බෑ....

:       114       228

චානකThursday, 26 July 2018 06:12 AM

සත්‍යපාල මහතාණෙනි, ඔබතුමාගේ සිංහල කියවීම හෝ තේරුම්ගැනීමේ අපහසුතාවයක්ද කියා නොදනී. "පොදු දේපළ පනත යටතේ පරීක්‍ෂණ පැවැත්වීමෙන් සහ ඉදිරි අධිකරණ කි‍්‍රයාමාර්ග ගැනීමෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය වළකාලන්නැයි ඉල්ලමින්" උදාහරණයක් විදියට පාසලේ සිදුවීමක් පාසල් නීති පද්දතිය යටතේ මිසක් විශ්ව විද්‍යාල නීති පද්දතිය යටතේ විසදන්නේ නැහැනේ.

:       119       174

GuneThursday, 26 July 2018 07:57 AM

සමන් නම් පාට බෝතල් අඩි දෙකක් දාගෙන බලන බව පේන නිසා කතා කරන්න දෙයක් නැහැ. නමුත් චානකට නම් ඇත්තටම වැරදිලා වගේ. මේ වරද පොදු දේපල යටතට ගැනෙන බවට තීරණය වී ඇති නිසයි ඒ යටතේ නඩු පවරන්නේ, නෑදෑයන්ගේ සොහොන් කොත් හදන්න මොන පුරවැසියටද ණය දෙන්නේ රජයේ දෙපාර්තමේන්තුවකින්? අනික, ගාන කීයද? කෝටි තුනක්! ටජ් මහල පරද්දන්නද? ඒකයි, මෙතන තියෙන මහජන මුදල් ගසා කෑම.

:       70       0

කවිඳුThursday, 26 July 2018 09:59 AM

ගුනේ, පෙත්සම නීති රාමුවෙන් පිටතනම් විභාග නොකරම එය එකවරම ඉවත දමනවා. නමුත් පෙත්සම නිවැරදිනම් විභාග කිරීමට කල්දමනවා. නඩුව දාලා තියෙන්නේ පොලිසියෙන්, පෙත්සම ඉවත නොදමා විභාග කිරීම කල්දාලා තියෙන්නේ නීති විශාරදයෝ. වැරද්දක් වෙලා නම් එයට අදාළ නීති පනත් අනුව නඩු දාන්න පොලිස්සිය දැනගන්න ඕනේ.

:       0       0

sathyapaalaSaturday, 28 July 2018 07:35 AM

චානක මහාතාණෙනි, මගේ සිංහල අවබෝධය ඉතා හොඳයි. පරීක්ෂණ පොලිසිය මගින් කළාට නඩු පවරන්නේ නීතිපති දෙපාර්තුමේන්තුව විසිනි. විශ්ව විද්‍යාලයේ කල වැරැද්දකට පාසලේ විනය පරීක්ෂණ පවත්වා ඵලක් නැති බව නීතිපතිවරයා හොඳින් දනී.

:       0       0

pissa Wednesday, 25 July 2018 07:38 PM

කරුණාකර කාටවත් කඩේ යන්න එපා. වැරදි දේ වැරදියි කියන්නත් හරි දේ හරි කියන ගමන් දිරිමත් කිරීමත් කල යුතුයි. සමරවිට අපි බලන දෘෂ්ටිකෝණය කාලයක් යනකොට අපටම වැරදි හෝ හරි වග දැනවී. නමුත් සැමදේම ඒ ඒ වෙලාවට අනුකුලව සිහි බුද්ධියෙන් බැලිය යුතුයි. අදහසක් පමණයි.

:       0       1

Victor Diganathanne Thursday, 26 July 2018 03:45 AM

කරුණු එහෙම නම් ඕනෑම රජයේ නිලධාරියෙකුට පුලුවන්ද තමා වැඩකරන අමාත්‍යාංශයකින් කාගේහරි සොහොනක් හදන්න ණයක් ගන්න. ඒකත් කොටස් වශයෙන් ගෙවන්න. විශේෂයෙන් රජයේ ස්ථිර වැටුප් නොලබන තාවකාලික පත්වීමක සිටින කෙනෙකුට.

:       27       318

Raawana Thursday, 26 July 2018 04:13 AM

කරපු වැඩ සාධාරණය කරන අයට මොලයක් නැහැ. පියාගේ සොහොන් හදන්න ණයක් ගන්න පුලුවන්ද රජයේ ආයතනයකින්. එහෙම නම් තිබුනේ බැංකුවකින් පුද්ගලික ණයක් ගන්න. මේවා කලේ, කැලේ නීතිය යටතේ. මේවා පුද්ගලික වැඩ. මහජනතාව වෙනුවෙන් කරපු වැඩ නොවෙයි. එතකොට පුද්ගලික වැඩ වලට, ණය ගත්තේ කොහොමද රජයේ ආයතනයකින්? ආපසු ටිකක් ගෙව්වා කියලා, කල වැරදි වහන්න බැහැ. දැන් නිකම්ම ඔප්පු වෙනවනේ සල්ලි ගත් බව.

:       35       333

Bamunuarachchi Thursday, 26 July 2018 09:30 AM

ගොටාභය මහතා ඔබලා නොසිටින්න මුළු සිංහල ජාතියටම සොහොන්කොත් සදන්නවෙන බව මේ අයට නොතේරීම සිංහල ජාතියේ අවාසනාවකි. සිංහලයෙක් වෙලා ඉපදීම ගැන ඔබට දුකක් හිතෙනවා ඇතිනේද? මටනම් සිතෙනවා,

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ලුණු මිල වැඩි වෙයි
2025 පෙබරවාරි මස 05 18 0

ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.


වී ගන්න කෝටි 500ක් වෙන්කරයි
2025 පෙබරවාරි මස 05 26 0

වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ


’’සහල් නිෂ්පාදකයෝ වී මිලට එකඟ නෑ’’
2025 පෙබරවාරි මස 05 309 0

ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ


’’වීවලට මිලක් දුන්නාට ආණ්ඩුවට ස්තූතියි’’
2025 පෙබරවාරි මස 05 300 0

ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රි


’’නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනවා’’
2025 පෙබරවාරි මස 05 151 0

ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නල


ග්‍රාමීය රෝහල් සංවර්ධනයට අත ගහයි
2025 පෙබරවාරි මස 05 176 0

රජය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම සදහා ඉහල ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 741 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site