IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ගෝඨාභය සිංගප්පූරු යන්න අවසර ඉල්ලයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි  ජනාධිපති අපේක්ෂක , හිටපු  ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා   වෛද්‍ය  ප්‍රතිකාර සඳහා සිංගප්පුරු  බලා යාමට අද අධිකරණයෙන්   අවසර ඉල්ලා තිබේ.

ඔක්තෝබර්  09 වැනිදා සිට  12 වැනිදා දක්වා කාලය  ඒ සඳහා  ඔහු ඉල්ලා ඇත.

ඩී ඒ රාජපක්ෂ කෞතුකාරය ඉදි කිරීමේදී මුදල් අවභාවිත කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ විශේෂ මහාධිකරණයේ විභාග වන නඩුවෙන් ගෝඨාභය මහතාට විදෙස් ගමන්  තහනම් කර  තිබේ. 



අදහස් (32)

ගෝඨාභය සිංගප්පූරු යන්න අවසර ඉල්ලයි

Amila Tuesday, 01 October 2019 06:11 AM

ලෙඩ වාට්ටුවක්නේ බලන් ගියහම. අපේ දොස්තරලාටත් හොද කරන්න බැරි ලෙඩක් හැදිච්ච මනුස්සයෙක්නේ මේ සමහර අය කර තියන් ගිහින් තියෙන්නේ.

:       0       0

sena Tuesday, 01 October 2019 06:14 AM

ජනාධිපති උනත් සිංගප්පුරු හොස්පිටල් එකේම කාලය ගෙවෙයි, ඒකත් මහජනයාගේ බදු මුදල් වලින්. එතුමා පොරොන්දුවක් දීලා නැහැනේ ඕනෑම ලෙඩකට ලංකාවේදීම ප්‍රතිකාර කරන්න පුළුවන් තත්වයකට ලංකාවේ ඉස්පිරිතාල ගේනවා කියලා.

:       0       0

chandra Tuesday, 01 October 2019 06:32 AM

නඩුව විභාග කිරීමට නියමිත බැවින් කල් දාගන්න කරන කපටි වැඩක්.

:       549       599

samanTuesday, 01 October 2019 07:43 AM

ඔබතුම රටට ණය නැති කෙනෙක්. යුද්දය අවසන් කල නිසා. පසුගිය වසර 10 ට හමුදා සෙබළුන් 25000කගෙ ජීවිත බේරා ඇත. සිවිල් වැසියන් ඒවගේම ප්‍රමාණයක ජීවිත බේරා ඇත. කෝටි ගණනක දේපල බේරා ඇත. ඒ පිනම ඇති

:       0       0

සබීතා Tuesday, 01 October 2019 08:58 AM

එතුමාගේ නඩුව එතුමා බලාගනී. ඔයාලා කලබල නොවී ඉන්න.

:       134       34

SamanTuesday, 01 October 2019 09:24 AM

ඔයත් කලබල නොවී ඉන්න.

:       0       158

ravi Tuesday, 01 October 2019 06:36 AM

පරීක්ෂණයක හඬ ඇසුණු ගමන් දුවලා ගිහින් කොහේ හරි රෝහලක නවාතැන් ගන්නවා. මේ වගේ ප්‍රශ්නවලින් පැනලා දුවන මිනිස්සුන්ගෙන් රටට දැයට යහපතක් සිද්ධ වෙයිද ?

:       231       706

sandy123 Tuesday, 01 October 2019 06:36 AM

අපි නම් තියෙන ඔක්කොම බදුත් ගෙවලා යන්නේ කොළඹ මහා ඉස්පිරිතාලෙට....

:       2       270

MaheeTuesday, 01 October 2019 07:36 AM

ඒ අපිනේ. මේ ගොල්ලන්ට හැදෙන ලෙඩ අඳුනා ගන්න සමත් වෛද්‍යවරු මේ රටේ නැත්නම් මොකද කරන්නේ? අනික ඒ ලෙඩවල හැටි කියන්නෙ, නඩුවක් වැටෙනකොටමනේ ලෙඩේ ඉස්මතු වෙන්නේ. ඒ හින්ද රට ජාතිය ගලවාගෙන අර භෞමික ස්වාධීන ස්වයිරී එව්වා මෙව්වා රැකගන්න හොඳ සනීපෙන් නොඉඳ කොහොමද?

:       0       0

senaTuesday, 01 October 2019 07:44 AM

මෙහෙ රෝහලකින් බෙහෙත් ටිකක් අරගෙන සනීප කරගන්න බැරි තරම් ලොකු ලෙඩ්ඩු ජනාධිපතිවරණෙට ඉදිරිපත් වෙන්නේ මොකද?

:       0       268

. පිටිගල මිලානෝ Tuesday, 01 October 2019 06:42 AM

අර හිරේ ඉන්න කෙනාට අධීක්ෂණ ඇමතිකමක් නැවත දෙන්නේ කොහොමද කියලා බලන්න වෙන්න ඇති සිංගප්පුරු යන්නේ.........

:       70       406

Sanath Kandy Tuesday, 01 October 2019 07:15 AM

පව් දෙයියනේ..... මෙච්චර අසනීප තියාගෙනද රටට සේවය කරන්න වලි කන්නේ?

:       49       518

බද්රානි Tuesday, 01 October 2019 07:20 AM

මොනවා උනත්, ජනාධිපති අපේක්ෂකයෙක් වන එතුමාට මේ රටේ වෛද්‍යවරුන් ගැන හා රටේ පවතින සෞඛ්‍යය සේවය ගැන හොඳ තක්සේරුවක් තිබෙනවා. ඔබතුමා සිංගප්පුරුවෙන් ප්‍රතිකාර කරගෙන, ලංකාවට ඇවිත්, ඒ රටේ තිබෙන සෞඛ්‍යය ක්ෂේත්‍රයේ ප්‍රමිතිය ගැන අපේ අම්බරුවන්ට කියලා දෙන්න.

:       72       188

බන් ගොයියා Tuesday, 01 October 2019 07:21 AM

දැන් එතකොට මෙතුමා ජනාධිපති උනාට පස්සෙත් රට යන්න අධිකරණයෙන් අවසර ගන්න වෙයිද?

:       1       258

Vajira Tuesday, 01 October 2019 07:23 AM

කොහොමත් එතුමාගේ මුනෙන් පේනවා විඩාබර ගතියක්. අසනීප තත්වය තවම හොද නැහැ වගේ. වෙන කාට හරි අපේක්ෂකත්වය දෙන්න වෙයි වගේ.

:       21       305

ගල් බමුණා Tuesday, 01 October 2019 07:26 AM

අපේ අවසන් බලාපොරොත්තුවත් වියැකී යනවා.

:       13       211

Chanak los angeles Tuesday, 01 October 2019 07:26 AM

මෙහෙම අසනීපකාරයෙක් කොහොමද රටේ නායකකමට පත්කර ගන්නේ ?

:       14       264

banda Tuesday, 01 October 2019 07:33 AM

ලංකාවේ බෙහෙත් ගන්න රෝහල් නැද්ද මහත්තයෝ ...

:       0       0

Nandalal DE SILVA - France Tuesday, 01 October 2019 07:35 AM

ගියොත් ගියාමයි ! දැනට මොහුට එරෙහිව තිබෙන නඩු කප්පරාවත්, ඇමෙරිකා - ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසි භාවය මගින් පැනනැගී තිබෙන හුටපටයත් නිසා එයාටත් රාජපක්ෂ පවුල් සංස්ථාවේ සහෝදරයන්ටත් දැන් හීන් දාඩිය දමමින් තිබෙනවා. මෙනිසා ජනාධිපතිවරණයේ සිහින එයාට බොඳවී තිබෙන හෙයින් දැන් කරන්න තිබෙන හොඳම කාර්යය වන්නේ රට හැර යන එක බව මොවුන්ට දැන් පැහැදිලිවී තිබෙනවා.....

:       0       0

Perera Tuesday, 01 October 2019 07:50 AM

ඊළඟට ලංකාවේ ජනාධිපති වෙන්න ඉන්න කෙනා ලංකාවේ රෝහල් වලින් ප්‍රතිකාර ලබන්නේ නැත්තේ ඇයි? දැන්ම ඔහොම නම් බලය ලැබුනොත් කොහොමට තියේවිද?

:       0       339

lalithm Tuesday, 01 October 2019 08:17 AM

මේ වගේ උතුමෙක් කොහොමද අපිට යහපත් රටක් හදන්නේ? බෙහෙත් ගන්නත් සිංගප්පුරුවේ යනවා. ලංකාවේ හිටියට පිටරට තමා ඔක්කොම කෙලි.

:       263       357

සකලක බේබි Tuesday, 01 October 2019 08:19 AM

14 වැනිදා තිබෙන නඩුව කට් කරන්න යනවා වගේ. නඩුවට එන්න බැහැ කියලා එහෙ ඉඳලා වෛද්‍ය සහතිකයක් එවයි.

:       297       360

siri Tuesday, 01 October 2019 08:27 AM

රටේම බැංකු හොරා කාපු අය නිකම්ම රටින් ගියානම් මෙයා අධිකරණයෙන් ඉල්ලීමක් කරලා යන එක ගැන අපිට නම් දුකක් නැහැ. මේකේ කියලා තියෙන ඒවා දැක්කහම හිතෙන්නේ හීනෙන් නැගිට්ටා වගේ කියලයි.

:       274       375

athuraTuesday, 01 October 2019 10:15 AM

මේ රටේ මෙතෙක් වුන එකම හොරකම මහ බැංකු හොරකම විතරද මහත්මයා?දැන් මෙයා ගිහින් එහෙදි මහ බැංකු හොරත් හම්බවෙලා ඡන්ද වැඩට සල්ලි ටිකකුත් ඉල්ලගෙන එන්නෙ නැතැයි.

:       0       39

Ravi Tuesday, 01 October 2019 08:34 AM

ලංකාවේ අහිංසක දුප්පත් මිනිස්සු විතරයි ලංකාවේ ඉස්පිරිතාල වලින් බේත් ගන්නේ. අනික මෙයාලට සල්ලි වලට කරන්න දෙයක් නැතිව ඉන්නේ. මේවා අහිංසක මිනිස්සුන්ගේ සල්ලි නේද? කෑම වේලක් කන්නේ නැතිව බේත් ටිකක් ගන්න සල්ලි නැතිව කීදෙනෙක් මැරෙනවද ලංකාවේ. තව ඡන්දෙ දීලා මේ වගේ අයව පත්කරගන්නකෝ.

:       0       0

ආන්ජලෝ නුගාරා Tuesday, 01 October 2019 08:40 AM

ශ්‍රි ලාංකිකයන්ට දකුණෙන් මුහුදටත් පනින්න වෙන්නෙ 2001 රනිල් මහතාගේ කාලයේ ප්‍රභාකරන්ගේ උපන් දිනට පිස්තෝලයක් තැගී දීපු ආරක්ෂක ලේකම්ලා වගේ අය දිගටම සේවය කලානම්......මෙතුමාට පින් සිද්ධ වෙන්න දැන් නිදහසේ ජිවත්වෙනවා.දවස් තුනකට ප්‍රතිකාර ගන්න යන මෙතුමාට මොනවද මේ අය ලියලා තියෙන්නේ.තනිකරම මඩ සහා අතාර්කිකයි.

:       365       449

athuraTuesday, 01 October 2019 10:17 AM

ඕව මොනාද මහත්මයා. 2001 සාම සකච්ඡා වල මුලිකයා ජී.එල් මහත්මයා නේද ඔය ගෝඨගේ පක්ෂේ සභාපති.

:       42       26

රවී Tuesday, 01 October 2019 08:40 AM

කිසිම දේශපාලන අත්දැකීමක් නෑ. ස්ථීර පුරවැසිභාවයක් නෑ.හදවත් රෝගියෙක්. වයස අවුරුදු 70 යි. ලංකාවේ රෝහල් ගැන විශ්වාසයක් නෑ. ඉස්සර හමුදාවෙන් මාරු වුනා වගේ නඩුවක් දැක්ක තැන බයේ පැනලා යනවා. කොළයක් බලන්නේ නැතුව කතාවක් පවත්වන්න බෑ. මාධ්‍යට හරියට උත්තරයක් දෙන්න දන්නේ නෑ. මිනිස්සුත් එක්ක ගණුදෙනු කරන්න තේරෙන්නේ නෑ .මෙහෙම පුද්ගලයෙක්ද ජනාධිපති කරන්න යන්නේ?

:       477       587

lalithmTuesday, 01 October 2019 09:15 AM

වියත් මග. ඔහෙලා දන්නේ නැහැ. අපේ රටේ ඉන්න ඔක්කොම ගුරු පාටින් හිතන අයවලුන් කියල හිතෙනවා ඇති.

:       0       2

බද්රානි Tuesday, 01 October 2019 10:06 AM

නඩු වැඩි ජනාධිපති අපේක්ෂකයාව සිංගප්පුරු බෙහෙත් පොවා සුවපත් කරගෙන අපි අපේ රටේ ජනාධිපති කරවමු. කාටද ආඩම්බර?

:       0       119

sanka Tuesday, 01 October 2019 10:09 AM

හුඟක් ප්‍රතිචාර දාන අය 2015 හංසයාට දීලා කරගත්ත හරිය මතක නෑ වගේ කතා කරන්නේ

:       4       0

jagath Tuesday, 01 October 2019 06:18 PM

සංකා පොහොට්ටුව දිනන කොට රෑ වෙයි.... .සිහින ලොවක ඉන්න වහල්ලු .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 151 0

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 200 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


නාන්න ගිහින් වීරවිල වැවේ සැඟවෙයි
2025 පෙබරවාරි මස 05 128 0

බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .


‘කුෂ්‘සමඟ මගියා ගුවන්තොටේදී මාට්ටු
2025 පෙබරවාරි මස 05 153 0

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා


පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 319 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 1984 2

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 737 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site