IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ගබ්සා මධ්‍යස්ථානයක් වටලා විශ්‍රාමික වෛද්‍යවරයෙකු-කාන්තාවක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

පානදුර නල්ලුරුව වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් ගබ්සා මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන විශ්‍රාමික වෛද්‍යවරයකුට  අයත් පානදුර  මහ බෙල්ලන නිවසක සඟවා තිබූ  ළදරු කළල වල කොටස් සහ
පෙති වර්ග විශාල ප්‍රමාණයක් සොයාගෙන තිබේ. ඒ සමගම මෙම විශ්‍රාමික වෛද්‍යවරයා සහ ඔහුගේ අනියම් බිරිඳ බව කියන 38 හැවිරිදි කාන්තාවක් අද ( 10)  අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්දන  ඒකකය කියයි  .

මෙම නිවසේ තිබී පෙති වර්ග විශාල තොගයක් හා  විනාශ කළ ළදරු කලල වල ලේ තැවරුනු කොටස් ගැබ් වූ පුලුන් විශාල තොගයක් ගබ්සාවක් සිදු කිරීමට යොදා ගන්නා උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.

පානදුර නල්ලුරුව ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයක රුපියල්  70,000 ක  මුදලක්  අය කර ගබ්සාවක් සිදු කරන බවට  පානදුර වලාන දූෂණ  මර්ධන ඒකකයට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම කර තිබේ. වලාන දූෂණ මර්ධන  ප්‍රහාරක ඒකකයේ   අධ්‍යක්ෂ  පොලිස් අධිකාරී හේමාල්  ප්‍රශාන්ත මහතාට ලද රහසිගත  තොරතුරකට   අනුව වැවැටලීම  කළ බව පොලිස් නිළධාරියෙකු පැවසීය.

විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් සහ  උණ්ඩ 21 ක් ද ගල්කටස් වර්ගයේ ගිනි අවියක්ද තිබී ඇත.



අදහස් (6)

ගබ්සා මධ්‍යස්ථානයක් වටලා විශ්‍රාමික වෛද්‍යවරයෙකු-කාන්තාවක් අත්අඩංගුවට

prasad Sunday, 10 May 2020 01:16 PM

ළමයි නැති ජෝඩු දහස් ගාණක් ඉන්නවා ලංකාවේ... ලක්ෂ ගණන් වියදම් කරලා හැමතැනම යනවා ළමයි බලාපොරොත්තුවෙන්... අහම්බෙන් බඩට එන ළමයි නැතිකරන්න කට්ටියක් සල්ලි වියදම් කරගෙන මේ වගේ දොස්තරලා ලඟට ගිහින් නූපන් පොඩි එවුන් කෑලි කෑලි වලට කපලා එලියට අරන් කුණු බක්කියට දානවා. කොයි ලොව යන්නේ මරණින් පස්සේ?

:       0       0

රොමෙල් - කුඩාපාඩුව Sunday, 10 May 2020 01:16 PM

මීගමුවේ ප්‍රසිද්ධවම ගබ්සා කරන ගබ්සා මධ්‍යස්ථානය අල්ලන්නේ නැත්තේ එහි අයිතිකාරයා දියවන්නාවේ කුඩු මට්ටයෙක් නිසාද...?

:       0       0

tharindu Sunday, 10 May 2020 01:37 PM

කාලකණ්ණි... ඇති තරම් ලෙඩ්ඩුන්ගෙන් හූරගෙන කාලා පෙන්ෂන් ගියාමත් අයථා විදිහට මිනීමරලා සල්ලි හොයනවා... දැඩි දඬුවම් ලබාදිය යුතුයි.

:       0       0

Pradeep Sunday, 10 May 2020 02:43 PM

මෙය නීතිවිරෝධී අයුරින් පවත්වා ගෙන ගිය නිසා අත්අඩංගුවට ගත්ත එක හොඳයි. නමුත් අපි බලන්න ඕන... කාන්තාවක් ජිවිත අවධානමකුත් අරගෙන ගබ්සාවන්ට යොමුවන්නේ ඇයි කියලා. ඒ සඳහා මුලින්ම පිළියම් යොදමු. මගේ අදහස නම් යම් පමණකට මේ සඳහා නීති ලිහිල් කල යුතු බවයි. ඒ තුලින් දරුවන් මහ මඟ දමා යාම් සහ උපන් ගමන් මරා දැමීම් වලකිනු ඇත. නො එසේ නම් හදා වඩා ගැනීමට නොහැකි දරුවන් රජය හෝ යම් සංවිධාන එකතු වී හදා ගැනීමට ඉදිරිපත් විය යුතුයි. ප්‍රාදේශීය මට්ටමේ දේශපාලකයින්ගේ පටන් විවිධ තරා තිරම්වල අය ළමා දුෂණයට, කාන්තා දුෂණයට පෙළඹී තිබෙන යුගයක එවන් ක්‍රියාවකින් බිහි වන අවජාතක දරුවන් ගබ්සා කිරීමත් තහනම් නම් ඒ අසරණ කාන්තාවන්ට කාගේ පිහිටද..?

:       0       428

ranaMonday, 11 May 2020 04:51 AM

කළ යුත්තේ සමාජයේ සියලුම තල වලට ගැබ් නොගන්නා ආරක්ෂක ක්‍රම ගැන පහදා දීම නොවේද ?

:       0       0

kamal Monday, 11 May 2020 03:02 AM

ලෝකේ සමහර රටවල ගබ්සාව නීතිගත කිරීම නිසා කූට ව්‍යාපාරිකයන්ට මේ අමාරුවේ වැටිලා ඉන්න අයව ගසාකන්න, ජිවිත අවදානම, කියෙන අවස්ථාව නැති කරලා තියෙනවා. අපි නම් එහෙම නැහැ. කූට ව්‍යාපාරිකයන්ට මේ අමාරුවේ වැටිලා ඉන්න අයව ගසාකන්න, ජිවිත අවදානම, කියන අවස්ථාව ඇති කරලා තියෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 639 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 177 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 530 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 134 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1785 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 184 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site