IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ගම්බිම් බලා යන්න අමතර ලංගම බස් රථ 4,600ක්

(අකිල බද්දෙවිතාන)

සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් ගම්බිම් බලා යන පිරිස් සඳහා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
උත්සව සමය නිමිත්තෙන් අමතර ලංගම බස් රථ 4,600ක් විශේෂ ධාවනයට එක්කර ඇති අතර දුරගමන් සේවා සඳහා අමතර ලංගම බස් රථ 1200ක් යොදවා තිබේ.
මේ අතර විශේෂ දුම්රිය සේවාවක් ද ක්‍රියාත්මක වේ. අප්‍රේල් 12 සහ 16 දිනවල පෙරවරු 11.30ට කොළඹ කොටුව සිට බණ්ඩාරවෙළ දක්වා විශේෂ දුම්රියක් ද, අප්‍රේල් 13 හා 17 පෙරවරු 8.30ට බණ්ඩාරවෙළ සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රියක් ද ධාවනය කෙරේ. අප්‍රේල් මස 14 වනදා කොළඹ කොටුව සහ මරදාන සිට වේයන්ගොඩ සහ දකුණු කළුතර දක්වා දුම්රිය ගමන්වාර 8ක් ක්‍රියාත්මක කිරිමට ශ්‍රී  ලංකා දුම්රිය සේවය පියවර ගෙන ඇත.
 
ඊට අමතරව කොළඹ කොටුව සහ යාපනය අතර අප්‍රේල් මස 12 සහ 17 විශේෂ දුම්රියක් ධාවනයට යොදවා ඇති බවත් මහව, ගාල්ල, මාතර යන ප්‍රදේශවලට ද අප්‍රේල් 17 වැනිදා තෙක් විශේෂ දුම්රිය යොදවා ඇතැයි ලංකා දුම්රිය සේවය සඳහන් කළේය.
 
පසුගිය 8 වැනිදා සිට ක්‍රියාත්මක මෙම විශේෂ ප්‍රවාහන පහසුකම් අප්‍රේල් 25 වැනිදා තෙක් ලබාදීමට කටයුතු යොදා ඇත. මේ අතර උත්සව සමයේ දී මගීන්ගේ ආරක්ෂාව සඳහා ද විශේෂ වැඩපිළිවෙළක් පොලීසිය මගින් ක්‍රියාත්මක කර ඇති අතරම බීමත් රියදුරන් සොයා වැටලීම් ද ක්‍රියාත්මක ය.



අදහස් (2)

ගම්බිම් බලා යන්න අමතර ලංගම බස් රථ 4,600ක්

රාජුන් Tuesday, 11 April 2017 09:15 AM

මගේ අම්මේ, මේ තරම් අමතර බස් තොගයක් . මෙච්චර කල් මේවා කොහෙද තිබුනේ? අනේ මන්ද කාටද මේ කොලේ වහල ගහන්නේ කියල

:       0       17

vipula Tuesday, 11 April 2017 09:26 AM

අමතර බස් රථ නෙමෙයි . ප්‍රාදේශීය ගමනා ගමන නවත්තල යොදවන බස්. බස් 4600 අතිරික්තයක් තියෙනවා නම් මේක ලංකාව වෙන්න බැහැ

:       0       17

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

බදුල්ල නගරවැසියන්න මුඛ ආවරණ පළදින්න උපදෙස්
2025 පෙබරවාරි මස 05 77 0

බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර


රුවන්ඩා මහ කොමසාරිස් අගමැතිනිය හමුවෙයි
2025 පෙබරවාරි මස 05 52 0

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම


ජපානය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙයි
2025 පෙබරවාරි මස 05 79 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය


මාතරටත් අලුත් දිසාපති කෙනෙක්
2025 පෙබරවාරි මස 05 289 0

මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


හැටන් නගරයට රතු නිවේදන
2025 පෙබරවාරි මස 05 449 1

හැටන් දික්ඔය නගර සභා සිමාවේ ව්‍යාපාරිකයන්ට, පදිංචිකරුවන්ට, නගරයට පිවිසෙන පාරිභෝගිකයන්ට හැටන් පොලිසිය සහ හැටන් දික්ඔය නගර සභාව එක්ව අද (05) රතු නිවේදනය ස


බුද්ධිමය දේපල පනත සංශෝධනයට
2025 පෙබරවාරි මස 05 154 0

බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 767 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site