IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ගායක ප්‍රියන්ත ප්‍රනාන්දු සමුගනී

ආරියරත්න රණබාහු සහ නිමල කොඩිතුවක්කු

ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රියන්ත ප්‍රනාද්දු මහතා අද රාත්‍රී අභාවප්‍රාප්ත විය.

මිය යන විට 65 වැනි වියේ පසුවූ ඒ මහතා දෙදරු පියෙකි.

දිවංගත ප්‍රවීණ ගායන ශිල්පී සී ටී ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා වන ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සිය පියා ගිය මගම යමින් සංගීත ක්ෂේත්‍රය තම ජීවන වෘත්තිය කර ගෙන කටයුතු කළ අයෙකි.

සිය පියාගේ ගීත ඒ හඬින්ම ගායනා කිරීමේ සහජ හැකියාවක් තිබූ ප්‍රියන්ත මහතා සංගීත ප්‍රසංග සඳහා නිරතුරු සහභාගී විය.

විදේශ සංගීත ප්‍රසංග සඳහා ද කිහිප වතාවක්ම සහභාගී වී ඇති ඒ මහතා පසුගියදා ඉතාලියේ පැවැති සංගීත ප්‍රසංගයකට සහභාගී වී සිටියදී හදිසියේ රෝගාතුරවී තිබේ. ඉන් පසු තරමක සුවය ලැබූ ඔහු කළුබෝවිල රෝහලෙන් ප්‍රතිකාර ලබා නිවසට ගොස් සති කිහිපයක් සිටිය දී අද රාත්‍රී හදිසියේම අසනීප වී නැවත කලුබෝවිලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ බිරිඳ ලංකාදීපයට පැවසුවාය.

සිය පියාගේ ගීතවලට අමතරව ‘රැල්ලේ මුහුදු වැල්ලේ, නෙරංජලා ආදරේ කාටදෝ‘ ආදී ජනප්‍රිය ගීය රැසක් ඔහු විසින් සිංහල ගීත ක්ෂේත්‍රයට දායද කරනු ලැබ තිබේ.

දේහය දෙහිවල නැදිමාල 31/1 බෝධිරාජ මාවත පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ලබන පස් වැනි දා සෙනසුරාදා සවස පහට ගල්කිස්ස නිසල සෙවන පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.



අදහස් (6)

ගායක ප්‍රියන්ත ප්‍රනාන්දු සමුගනී

පිටිගල මිලානෝ Tuesday, 01 May 2018 05:37 PM

ඉතාලියේ රෝහල් ගතව සිටින විට අප මෙතුමාව හොඳින් බලා ගත්තා. ඔබව කෙසේවත් ලංකාවට යවන්න අප සිතුවේ නැත. මෙහි සිටියානම් ඔබ තවමත් ජීවතුන් අතර. ඔබට නිවන් සුව. මත්පැන් බොහෝ සුන්දර මිනිසුන්ව අකාලයේ යටපත් කර දමයි.

:       3       36

naradha Tuesday, 01 May 2018 05:49 PM

සී. ටී./ ප්‍රියන්ත, ඔබ දෙපලගේ රිදී සීනු හඬ ලක් දෙරණේ තව වසර දහසක් රැව් දේවා!

:       2       24

Sanath Tuesday, 01 May 2018 07:32 PM

ලංකාවේ සංගීත කාරයින්ට ආයුස අඩුයි. මිල්ටන් මල්ලවාරච්චි, මිල්ටන් පෙරේරා, ජෝතිපාල, ක්ලැරන්ස්, එම් එස් ෆ්රනාන්දු, ෆ්‍රෙඩි සිල්වා අපිට අකාලයේ නැතිවුන අසහාය ගායකයෝ කට්ටිය. මෙයාලට කිට්ටුවෙන්නවත් හැකියාව තියෙන ගායකයෝ මේ ශතවර්ෂයේ තවම පහලවුනේ නැහැ.

:       10       43

Buddika Tuesday, 01 May 2018 10:40 PM

දක්ෂ සංගීත ශිල්පියෙක්. වේධිකාවට ලොකු හිඩසක්, සුබ ගමන්. නිවන්සුව ලැබේවා.!

:       1       22

Roshan Wednesday, 02 May 2018 03:30 AM

අයියෝ.... මගේ ප්‍රියතම ගායකයා.... ආපහු සී ටී ගෙ හඬ සජීවීව අහන්න වෙන්නේ නෑ... ඔබට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.!

:       1       76

Varuni Wednesday, 02 May 2018 06:17 AM

ඔබට නිවන් සුව පතමි.!

:       2       31

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ජල ගාස්තුව සියයට 10 ත් 30 ත් අතර අඩු වීමක්
2025 පෙබරවාරි මස 05 34 0

ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.


පොල් මද ගේන්න කැබිනට් අනුමැතිය
2025 පෙබරවාරි මස 05 140 0

දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


එජාප කාන්තා සංවිධානය අචිනිට
2025 පෙබරවාරි මස 05 697 1

එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.


වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 2542 3

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 729 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


නාන්න ගිහින් වීරවිල වැවේ සැඟවෙයි
2025 පෙබරවාරි මස 05 376 0

බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 764 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site