නිමල කොඩිතුවක්කු
ග‍්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කරමින් ගමේ ආර්ථික සහ සමාජ සංවර්ධනය ඉහළ නැංවීමට රුපියල් කෝටි 4881ක මුදලක් රජය වෙන්කර ඇති බව ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.
මුදල් අමාත්‍යාංශය සහ ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් මෙම ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා විශේෂ ප‍්‍රකාශයක් සිදුකරමින් සඳහන් කළේය.
මෙහිදී ග‍්‍රාමීය මාර්ග 6936ක් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 13872ක්, ග‍්‍රාමීය වැව් සහ අමුණු 1300ක් ප‍්‍රතිසංස්කරණය සඳහා මිලියන 4550ක්, ආගමික ස්ථාන 500ක් වැඩිදියුණු කිරීම සඳහා මිලියන 250ක්, ග‍්‍රාමීය සහ නාගරික මට්ටමින් නිවාස සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 15000ක් ලබා දීමට අපේක්ෂිත බවද හෙතෙම කීවේය.
මීට අමතරව ග‍්‍රාමීය පාසල් පද්ධති ඉදිකිරීම් සහ අලූත්වැඩියා වෙනුවෙන් රුපියල් මිලියන 1989ක් සහ විදුලිය නොමැති දිවයිනේ සියලූ නිවාස සඳහා විදුලි සැපයුම ලබා දීම වෙනුවෙන් රුපියල් මිලියන 6000ක් වෙන් කර තිබේ.
සති පොළ, හරිත උද්‍යාන සහ පාසල් ක‍්‍රීඩා පිටි සංවර්ධනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 1700ක් සහ සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 90ක් ද ඉඩම් ඔප්පු ලබා දීම සහ නිකුත් කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 50ක්ද මේ යටතේ මුදල් වැය කිරීමට අපේක්ෂිතය.
මේ අතර නව ව්‍යවසායකයන් ලක්ෂලයක් බිහි කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 5310ක් වෙන් කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ජාතික ආර්ථිකයට ග‍්‍රාමීය ආර්ථිකයේ ජවය සහ ශක්තිය ලබාගැනීම වෙනුවෙන් මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කර ඇති බවත් ඒ තුලින් තිරසාර සංවර්ධනයක් වෙත ගමන් කිරීමට සැලසුම් කර ඇති බවත් ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.
ගම්පෙරළිය ව්‍යාපෘතිය සහ එන්ටප‍්‍රයිස් ශ්‍රී ලංකා යන ව්‍යාපෘති කේන්ද්‍ර කර ගනිමින් මෙම වැඩසටහන් ක‍්‍රියාත්මක කෙරෙන බවද නිරෝෂන් පෙරේරා මහතා වැඩිදුරටත් කීවේය.
අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක
ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක, ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිලවශයෙන් අද (5) නිවේදනය කළේය.
පාසලෙන් ලබා දුන්නේ යැයි කියන විටමින් පෙති පානය කිරීමෙන් පසු ආසාත්මික තාවයක් හේතුවෙන් සිසුන් 18 දෙනකු ප්‍රතිකාර ලබාදිම සදහා අනුරාධපුර පයිරිමඩුව ප්‍රා
ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් නොවෙයි මේ රටේ කිසිවකුටත් නීතියට උඩින් යා නොහැකි බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.
ජාජබ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දෙන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ග‍්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනට කෝටි 4881ක්