IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ගිරිහඬු සෑය පූජා භූමි සංවර්ධන සැලැස්ම වසර 33කට පසු පණ ලබයි

අමදෝරු අමරජීව
 
 
ලොව ප්‍රථම චෛත්‍ය නිර්මාණය ලෙස සැලකෙන  බුදුරදුන්ගේ කේශ්ධාතු  නිදන්ගත තිරියාය “ගිරිහඬු සෑය“ පුදබිමේ යුද ගැටුම් නිසා ඇණහිට තිබු පූජා භූමි සංවර්ධන සැලැස්ම වසර 33කට පසු යළි ලබන අගෝස්තු 25 වැනි දා ආරම්භ කිරිමට නියමිත බව ගිරිහඩු සෑ විහාරාධිපති ශ්‍රාස්ත්‍රපති දෙවිනුවර චන්දිම අමරපුර මහා නිකායේ අමරපුර පාර්ශවයේ  නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝනායක හිමියෝ පැවසුහ.
 
මෙම සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නංවමින් එහි නිල කටයුතු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානානය කරු ජයසුරිය මහතා පුදබිමේ පූජා ඔප්පුව නායක හිමියන් වෙත  පිළිගැන්විමට නියමිතය.
 
1980  අප්‍රේල් 4 දා හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන , හිටපු අගමැති ආර්.ප්‍රේමදාස  යන මහත්වරු මුල්ගල තබා ආරම්භ කළ පූජා භූමි  සංවර්ධන සැලැස්ම 1985 දි පැවැති යුද ගැටුම් සමඟ අඩපණ වී ගියේය.
 
මේ අනුව යළි මෙම පූජා භූමි සංවර්ධන සැලැස්ම ලබන අගොස්තු 24 දා සිට 30 දක්වා  පැවැත්වෙන සිව්වැනි වාර්ෂික කේෂ ධාතු පිංකම් මාලාවට සමගාමිව  අගෝස්තු  25දා  ආරම්භ වන බව විහාරාධිපති හිමියෝ පැවසුහ.
 
මේ අනුව මෙහි මුලික වටයේ සාකච්ඡාවක්  ත්‍රිකුණාමලය දිසාපති කාර්යාලයේ දී  විදුලිබල  හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය  ආජිත් පි.පෙරේරා, දිසාපති නිශ්ශංක පුෂ්පකුමාර  යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්  පැවැත්විණි.


 
 



අදහස් (3)

ගිරිහඬු සෑය පූජා භූමි සංවර්ධන සැලැස්ම වසර 33කට පසු පණ ලබයි

shan saudi Sunday, 29 July 2018 07:08 AM

ගොඩක් හොඳයි... අප බෞද්ධයන් හැටියට මේ විනාශ වන යන අපේ පෞරාණික විහාරස්ථාන හැකි පමණින් දායක වී නැවත ජනතාවගේ පුද සත්කාර සඳහා ගොඩ නැගිය යුතුය. මේ සඳහා රජයේ මැදිහත් වීම අගය කළ යුතුය.

:       0       142

අසංක Sunday, 29 July 2018 11:21 AM

සාදු සාදු සාදු !!! තිරියාය ගිරිහඬු සෑය පූජා භූමි සංවර්ධන සැලැස්ම හොඳින් ක්‍රියාත්මක වී ගිරිහඬු සෑය තව තවත් දියුණු වේවා !!!

:       0       131

එල්ජීජේ ධර්මරත්න Monday, 30 July 2018 01:01 AM

නැගෙනහිර පලාතේ ඇති වැදගත් පෞරාණික පුදබිමක් වන ගිරිහඩු මහ සෑ පුද බිමට ඇතුලුවූ විට හැගෙන්නේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ තරමටම අතීතයේ වැදගත් ආකාරයට රජදරුවන් විසින් නඩත්තු කර ඇති බවයි. අපේ අතීත මහසඟ පරපුරේ ක්‍රියාකාරිත්වය නොවන්නට මෙම බෙෘද්ධ උරුමයන් දකින්නට නොලැබෙන බව නිසැකයි. ජාතියේ මුර දේවතාවන් කියා පම්පොරි ගැසුවාට අද අපේ හාමුදුරුවරුන්ට ඒ ගරුත්වය දෙනවාද කියා දේශපාලුවන්ට මතක් කර දිය යුතුව ඇත.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 96 0

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 619 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 177 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 186 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 724 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 244 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site