IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


ගුරු මාතාවකට වසර 27කට පසු ස්ථාන මාරුවක්

ඇත්කදුරේ ජනත් ද සිල්වා

අධ්‍යාපන ඉතිහාසයේ වාර්ථාවක් තබමින් එකම පාසලක වසර 27ක් ගුරු සේවයේ යෙදී සිටි ගුරු මාතාවකට ඇයට ප්‍රථම ස්ථාන මාරුව ලැබී ඇතැයි ඇල්පිටිය කලාප අධ්‍යාපන කාර්යාලය කියයි.

වසර 27ක් එකම පාසලේ සේවය කරමින් ගමේ දූ දරුවන්ගේ මව්පියන් සමඟ එකට කටයුතු කරමින් පාසලේ උන්නතිය වෙනුවෙන් තමන් වැඩ කල බවත් විශ්‍රාම ගැනීමට වසර කිහිපයක් තිබිය දී තමන්ට මෙම පාසලෙන් ඉවත් වීමට සිදුවීම දරා ගත නොහැකි වේදනාවක් බව පවසමින් වැඩ ආවරණය කරන විදුහල්පතිනිය මව්පිය රැස්වීමකදී සංවේදීව කථා කරමින් කදුලු සැලු අවස්ථාවේදී ඇතැම් මව් පියන්ගේ දෙනෙත් වලින්ද කදුලු වැටෙන්නට වු බව පාසල් සංවර්ධන සමිතියේ ප්‍රකාශකයෙක් පැවසීය.

වසර 27කට පසු එම ස්ථාන මාරුව ලැබී ඇත්තේ දකුණූ පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ වැලිවිටිය දිවිතුර අධ්‍යාපන කොට්ඨාශයේ ඇත්කදුර සීවලී මහා විද්‍යායේ වැඩ ආවරණය කල විදුහල්පති තනතුර දැරූ ඉලන්දාරි දේව රේනුකා ප්‍රියදර්ශනී මහත්මියට බව ඇල්පිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂක මනෝජ් පද්මලාල් මහතා අප කල විමසීමකදී පැවසීය.


ඇත්කදුර සීවලී මහා විද්‍යාලයට මෙම  ගුරු මාතාව 1991 මැයි 05 වන දින ස්වේච්චා ක්‍රිඩා ගුරුවරියක් ලෙස පාසල් අධ්‍යාපන කටයුතු වලට එක් වී 2009 වසරේ දි හිටපු විදුහල්පතිවරයා විශ්‍රාම යෑමෙන් පසු මේ වන තෙක් ම එම විද්‍යාලයේ වැඩ ආවරණය කරන විදුහල්පති ධුරයේ තමන් කටයුතු කල බවත් තමන්ට ලැබුණ මෙම ස්ථාන මාරුව නිහතමානිව භාරගෙන වෙනත් පාසලක ගොස් සේවය කිරීමට තමා කටයුතු කරන බව අයි. ඩී. රේනුකා ප්‍රියදර්ශනී මහත්මිය අපකල විමසීමකදී පැවසීය.

ලංකා ගුරු සංගමය පවසන්නේ දකුණේ ගුරු මාරු ප්‍රතිප්තිතය බරපතල ලෙස උල්ලංඝනය කරමින් ආයතනික සංග්‍රහය අනුව උපරිම වසර 08කට පසුව ගුරු සේවයේ යෙදෙන සියලු දෙනාටම හිමි විය යුතු ස්ථාන මාරුව මෙම ගුරු මාතාවට නොලැබීම තුලින් පෙන්වා දෙන්නේ දකුණේ ගුරු මාරු ප්‍රතිපත්තිය බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවයි.



අදහස් (10)

ගුරු මාතාවකට වසර 27කට පසු ස්ථාන මාරුවක්

rocky Saturday, 07 July 2018 04:18 PM

මේ ගුරුවරිය මෙතෙක්කල් කිසිම මාරුවක් නොලබා මෙච්චර කාලයක් එකම පාසලක සේවය කලේ කාගේ ආනුභාවයක් නිසාදැයි සොයා බැලීම සුදුසුය. මෙය වෙනත් කිසිම රජයේ සේවකයෙකුට නොලැබුණු වරප්‍රසාදයක් යයි සිතේ. ඇත්ත වශයෙන්ම ආශ්චර්යයකි. ඇගෙන් ඉටුවුණු සේවයේ තරමත් මේ එකම තැන පල්වීමෙන් අපට සිතා ගත හැකිය !

:       4       2

MG Saturday, 07 July 2018 04:45 PM

මෙය වාර්තාවක් වන්නේ කෙසේද? (මාරුවීමට උත්සාහ කරත් නොලැබී) වසර 34කට වඩා එකම පාසලේ සේවය කළ ගුරු භවතුන්ද ගුරු සේවයේ සිට ඇති කොට...

:       0       4

santha Saturday, 07 July 2018 07:18 PM

ඕක මොකක්ද? බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය ජාතික පාසලේ ඔයිට වඩා සිටි ගුරුවරු ඕනෑ තරම් හිටියා. දැනුත් ඉන්නවා. ඒකතමයි යහපාලන රජයක අධ්‍යාපන අමාත්‍යංශයේ යහපාලනය...

:       2       15

Sanath Saturday, 07 July 2018 08:05 PM

ගුරු මාරු ප්‍රතිපත්ති ලංකාවේ කිසිම තැනක හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපේ පවුලේ ඉන්න ගුරුවරු හැමෝම අවුරුදු 20ට වඩා කාලයක් වැඩ කරන්නේ එකම පාසලේ....

:       2       6

rama Sunday, 08 July 2018 03:32 AM

විශ්‍රාම යන විටදී තම ගම පළාතට මාරුවක් ලැබෙන්න ඕන

:       0       7

Wade mudalaali Sunday, 08 July 2018 06:33 AM

පෙළපාලි යන කට්ටිය නැද්ද?

:       0       2

kalani Sunday, 08 July 2018 08:43 AM

ගුරු සේවයේ පමණක් නොව රාජ්‍ය සේවයේ එකදිගට සේවය කළ නිලධාරීන් ගැන හොයලා බලමුද?

:       0       3

Rajitha Sunday, 08 July 2018 01:48 PM

ගාල්ල කලාපය තුල වසර 28ක කෙනෙක් ඉන්නවා, චෝදනා එමටයි, බලධාරීන් ඔහු රකිනවා... එකම තැන, ස්ථාන මාරු කරල තාවකාලිකව එතනට දාලා, කලාප බලධාරීන්ට කඩේ යාම සුදුසුකම, දේශපාලන පලිගැනීම් වලින් විදුහල්පති 1 ශ්‍රේණියට යාමට සුදුසුකම එකම තැන සේවය කිරීමයි.

:       0       0

chandana Monday, 09 July 2018 04:29 PM

විශ්වාස කරන එකෙක් නැහැ වසර 50 එකම පාසලේ සේවය කර විශ්‍රාම ගොස් තාමත් ජීවතුන් අතර සිටින මගේ ගුරුවරියක් ඉන්නවා. ලෝක වාර්තාවක්ද දන්නේ නැහැ. වසර 60 ටා පසුවත් පාසල් සංවර්දන අරමුදලෙන් පඩි ලබා දුන්නේ. ඒ වටිනාකම සහ එයාගේ දැනුම දන්නා නිසා.

:       0       0

Nana Monday, 09 July 2018 04:29 PM

කොච්චර හොඳ වුනත් වැඩේ වැරදියි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 68 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 182 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 748 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 775 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 1032 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 239 0

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 196 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 454 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site