IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ගල්යිෆොසේට් තහනම ලිහිල් කරන්න යයි

අජන්ත කුමාර අගලකඩ
 
ග්ලයිෆොසේට්වලට පනවා ඇති තහනම ලිහිල් කර තේ වගාව සඳහා පමණක් ගල්යිෆොසේට් භාවිත කිරීමට අවසර දීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (20) දහවල් පැවැති ජාතික ආර්ථික සභා රැස්වමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බව වාර්තාවේ.
 
ගල්යිෆොසේට් රසායනික ද්‍රව්‍ය භාවිතය වකුගඩු රෝගය ඇතිවීමට එක් හේතුවක් විය හැකි බව පවසමින් රජය 2015 නොවැම්බර මාසයේ දී  ගල්යිෆොසේට් භාවිතය තහනම් කළේය.  ගල්යිෆොසේට් තහනම තේ අස්වැන්න අඩුවීමට ප්‍රභල ලෙස බලපා ඇති බැවින් තේ වගාවට පමණක් ගල්යිෆෝසේට් රසායනිකය භාවිතයට අවසර දෙන්නැයි තේවගා කරුවන් වැවිලි කර්මාන්ත අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබිණි.



අදහස් (12)

ගල්යිෆොසේට් තහනම ලිහිල් කරන්න යයි

Ranesh ranawaka Tuesday, 20 February 2018 01:22 PM

ඉතා හොදයි.

:       0       0

සතයපාල Tuesday, 20 February 2018 01:55 PM

මේක මොන මෝඩ යෝජනාවක්ද ? තේ වගාව වැඩිපුරම කරන්නේ මධයම කඳුකරයේ . එහි මේ ග්ලයිෆොසේට් භාවිතා කලවිට මධයම කදුකරය හරහා ගලා බසිනා සියලු ගංගාවලට මේ රසායිනිකය මුසුවේවී ඒ තුලින් රටේ සමස්ත වාරි පද්ධතියටම නැවත ග්ලයිෆොසේට් එකුතු වේවී.ඊට වඩා හොදයි තහනම ඉවත්කලා නම්.

:       2       0

ranjith Tuesday, 20 February 2018 02:19 PM

ලෝකේ දිඋනු රටවල හොද වල්නාසකය ලෙස මෙය බවිත කරනවා මෝඩ පණ්ඩිතයන්ගේ උපදෙස් නිසා කෘෂිකර්මය නෙති වෙනවා

:       0       1

Perakum Tuesday, 20 February 2018 02:26 PM

කිසිඳු සාධාරණ හා විද්‍යාත්මක හේතුවක් නොමැතිව මේ වල් නාශකය තහනම් කලේ කාගේ වුවමනාවකටද? මෙතෙක් ඇමෙරිකානු කොම්පැනියක් සතුව තිබූ ගල්යිෆොසේට් ඒකාධිකාරය අහෝසි වූ පසු දැන් එය මහා පරිමාණයෙන් චීනයේ නිපදවයි. එය යටපත් කිරීමට ඊට එරෙහිව බටහිර ව්‍යාපාරික මාෆියාව විසින් කරනු ලබන දුෂ්ඨ ප්‍රචාරක ව්‍යාපාරයට අප කවුරුත් යට වී ඇතිබව කිසිවෙක් නොදනී. ගල්යිෆොසේට් රසායනික ද්‍රව්‍ය භාවිතය වකුගඩු රෝගය ඇතිවීමට එක් හේතුවක් විය හැකි බව මෙතෙක් කිසිවෙක් විද්‍යාත්මකව ඔප්පුකර නොමැත. මෙය කියවන කිසිවෙකුට එසේ කල හැකි නම් සාධක සහිතව ඔප්පුකරන ලෙස මම අභියෝග කරමි.

:       0       0

සඳුන් Tuesday, 20 February 2018 03:15 PM

යහපාලන ජවනිකා... ඇස්බැස්ටෝස් පිළිකාකාරකයක් නොවේ. ගල්යිෆොසේට් භාවිතය වකුගඩු රෝග ඇතිනොකරයි.

:       0       0

Dr Edward Perera Germany Wednesday, 21 February 2018 12:04 AM

තේ වගාව නැත්නම් ලංකාවේ මිනිස්සු බඩ ගින්නේ යයි කීවොත් එය බොරුවක් නොවේ. මැද පෙරදිග අර්ධ වහල් සේවයට යන අපේ ශ්‍රමිකයන් නැත්නම් ලාංකිකයින්ට අත්වන්නේ ද ඉහත කී ඉරණමයි. 60 දශකයේ අග භාගයේ රෝහණ විජේවීර නම් වූ විප්ලව වාදියා තේ ආර්ථිකයෙන් මිදෙන්න ගෙනගිය සටන ට එදා ආචීන කල්පික අදහස් දැරු දේශපාලන නායකයින් සැවොම විරුද්ධ වුණා. තේ නිෂ්පාදනයෙන් 1871 සිට වසර 75 කට වඩා කාලයක් ශුද්ධ ලාභ ලැබුවේ සුදු වතු පාලකයින්. ඊට පසු කළු සුද්දන්. වතු කම්කරුවන් අදත් ජීවත් වන්නේ අවම පහසුකම් යටතේ. දැන් තේ වගාවේ පලදායකත්වය අඩු වීමට පිළියමක් වශයෙන් ග්ලයිෆොසෙට් රසායනිකය මධ්‍යම කඳුකරයේ පසට එකතු කරන්න යෝජනා කරනවා. එවැනි ක්‍රියාවක් තුලින් මුළු ලංකාවටම ජලය සපයන මධ්‍යම කඳුකරයේ දිය උල්පත්වලට මේ රසායනිකය ද්‍රව්‍යය මුසු වුනොත් සිදුවන අයහපත් තත්වයන් ගැන භූ විද්‍යාත්මක පර්යේෂණවලින් සොයා බැලිය යුතව තිබෙනවා. අපේ දේශීය කෘෂි විද්‍යාඥයින් මේ ක්ෂේත්‍රයේ බොහෝ කලකට පෙර උනන්දුවක් දැක්වුයේ නම් විකල්ප පිළියමක් සොයා ගන්න තිබුනා කියා අපට සිතෙනවා.

:       0       2

PerakumWednesday, 21 February 2018 07:53 AM

ඔබ ඉන්නේ ජර්මනියේ නම් කියන්න බලන්න ජර්මනිය ගල්යිෆොසේට් තහනම් නොකළේ ඇයි? ඔබ නොදන්නවා උනාට එදා සිටම තේ වගාවේ ගල්යිෆොසේට් වල්නාශකයක් ලෙස භාවිත කරා. ඒත් වකුගඩු රෝගය තියෙන්නේ උතුරුකරයේ මිස තේ වතු හරහා එන ගංගා වල ජලය භාවිතා කරන ප්‍රදේශවල නොවේ. එසේ නම් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් සිටියයුත්තේ කොළඹ නගරයේ විය යුතුය. මුළු ලංකාවටම ජලය සපයන මධ්‍යම කඳුකරයේ දිය උල්පත්වලට මේ රසායනිකය ද්‍රව්‍යය මුසුවී දැනට දශක ගණනාවක් ගත උන මුත් මෙතෙක් එහි හානිදායක ප්‍රතිඵලයක් දක්නට නැත. මොන්සන්ටෝ සමාගමට ගල්යිෆොසේට් ඒකාධිකාරය නැතිවූ දා සිට මේ මාෆියාව ක්‍රියාත්මක උනි. ඔබත් ඊට හවුල් කරුවකු වීම ගැන ශ්‍රී ලාංකිකයෙක් ලෙස මම කනගාටුවෙමි. දැනට ලෝකයේ ප්‍රධාන ගල්යිෆොසේට් සැපයුම්කරු චීනයයි. ඉතිරිය සිතා ගැනීම ඔබට බාරයි.

:       0       31

Gihan Wednesday, 21 February 2018 12:24 AM

ඡන්දෙට වියදම් කරපු කලු කඩ මුදලාලිලට ඒ වෙනුවට මොනව හරි දෙන්නත් එපැයි. කමක් නෑ රටේ මිනිස්සු ඔහේ මැරිච්ච දෙන්.

:       0       18

රවින් Wednesday, 21 February 2018 03:49 AM

අපේ රටේද, පොඩ්ඩක් ඉඩදුන්නොත් විනාශයේ මුල තමා. එක්කෝ සම්පුර්ණයෙන් තහනම් නැතිනම් තහනම ඉවතට. බාගෙට තහනම ඉවත් කලොත් දෙසපලුවෝ සල්ලි හොයන ක්‍රම ක්‍රියාත්මක වෙයි.

:       0       18

y.p.dasanayake Wednesday, 21 February 2018 03:57 AM

වස විස නැති රටක අපි කල යුතු දෙයක් ද හිතන්න 3 න් වරක්

:       0       14

සෙනෙවි Wednesday, 21 February 2018 05:15 AM

තේ බොන එක නවත්වන්න වෙයි වගේ

:       0       10

ජීවක Wednesday, 21 February 2018 06:55 AM

ග්ලයිෆොසේට් නිසා රජරට භූගත ජලය සම්පූර්ණයෙන්ම වාගේ විෂ වුණා. වකුගඩු රෝගීන් බහුල වුණා. මරණ අනුපාතය වැඩි වුණා.. දැන් මධ්‍යම කඳුකරයේ භූගත ජල පද්ධතිය විනාශ කරලා රටම විෂ කරන්න හදන්නේ.. බලධාරීන් දැන ගන්න ඕනේ මධ්‍යම කඳුකරෙන් තමයි සියලුම ගංගා පටන් ගන්නේ කියන එක. වැදගත් තීරණයක් ගත යුතු කාරණයක් කියන දේ ඕනෙම කෙනෙක්ට තේරෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ජල ගාස්තුව සියයට 10 ත් 30 ත් අතර අඩු වීමක්
2025 පෙබරවාරි මස 05 11 0

ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.


පොල් මද ගේන්න කැබිනට් අනුමැතිය
2025 පෙබරවාරි මස 05 124 0

දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


එජාප කාන්තා සංවිධානය අචිනිට
2025 පෙබරවාරි මස 05 659 1

එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.


වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 2471 3

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 719 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


නාන්න ගිහින් වීරවිල වැවේ සැඟවෙයි
2025 පෙබරවාරි මස 05 370 0

බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 764 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site