IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


ග්ලයිෆොසේට් නිසා මියගිය අයකු වෙනුවෙන් කෝටි 10 ක් වන්දි ඉල්ලා නඩු පවරන්න යයි

(දයාරත්න ඇඹෝගම)


ගල්යිපොසෙට් නිසා ලංකාවේ පිළිකා හා වකුගඩු රෝගයෙන් මිය ගිය එක් අයකු වෙනුවෙන් රුපියල් කෝටි දහය බැගින් (මිලියන සියයක්) වන්දි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු  පැවරීමට තීරණය කළ බව රජරට විශ්ව විද්‍යාලයේ   වෛද්‍ය පිඨයේ  මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (12)දින පැවසිය .
 මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා    මෙසේ ද පැවසිය.  

         
 ඇමරිකාවේ මොන්සැන්ටෝ   සමාගමට එරෙහිව ඇමරිකාවේ අධිකරණය මගින් ලබාදුන් නඩු තීන්දුව පුර්වාදර්ශයට ගනිමින් ලංකාවේද ග්ලියිපොසෙට් කෘෂි රසායනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ  නඩු පැවරීමට අවශ්‍ය කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.


ලංකාවේ මේ වන විට ග්ල්යිපොසෙට් හේතු කොට ගෙන පුද්ගලයින් 25000 ක් පමණ මිය ගොස් සිටිනවා . මේ පිළිබඳව අප දිගින් දිගටම පර්යේෂණ සිදු කරමින්   වකුගඩු හා පිළිකා සදහා මෙම කෘෂි රසායනය  සෘජුව  බලපාන බව පර්යේෂණ මගින් මනා ලෙස ඔප්පු කළා .නමුත්  එය වගකිව යුත්තන් විසින් පිලි ගත්තේ නැහැ.


මේ අනුව පාර්ශව හතරක්  සමඟ එක්ව මෙම නඩුව  පැවරීමට තීරණය කළා.ඒ සදහා පර්යේෂණ කළ අයකු ලෙස තමන්ද ,ග්ල්යිපොසෙට් හේතු කොට ගෙන  පිළිකා හා වකුගඩු රෝගයෙන් මියගිය පුද්ගලයන්ගේ දරුවන්ද ,ගොවි  සංවිධානද, දැනට රෝගය වැලදී ප්‍රතිකාර ලබමින් සිටින පිරිසද  ඇතුළු පාර්ශව හතරක් මේ සදහා එකතු වී සිටිනවා.


ඇමරිකාවේ මොන්සැන්ටෝ  සමාගම හා ලංකාවේ එහි නියෝජිතයන් මෙහි වග උත්තර කරුවන් ලෙස නම කර තිබෙනවා .මේ වන විට එම කටයුතු ආරම්භ කර ඇති අතර නඩු පැවරීම කඩිනමින් සිදු කරන බවද මහාචාර්යවරයා වැඩි දුරටත් පැවසිය.



අදහස් (20)

ග්ලයිෆොසේට් නිසා මියගිය අයකු වෙනුවෙන් කෝටි 10 ක් වන්දි ඉල්ලා නඩු පවරන්න යයි

kalpa Sunday, 12 August 2018 08:04 AM

මහාචාර්යතුමාට ජයවේවා !!!

:       7       88

ravi Sunday, 12 August 2018 08:39 AM

ඔව් ..එ්ක හරි !!! හැබැයි මේ නඩුව ගොනුකලයුත්තේ .. මේවා පාවිච්චි කරපු ගොවීන්ට විරුද්ධවයි ..! රජයට විරුද්ධව නොවෙයි .. !

:       277       16

ධනුෂ්කSunday, 12 August 2018 12:21 PM

මේකේ කියලා තියන්නේ නම් අාණ්ඩුවට නඩු පවරනවා නොව මන්සැන්ටෝ සමාගමට හා එහි එ්ජන්තයන්ට නඩු පවරන වග... ගොවියන් රසායන විද්‍යාව දන්නෑ. එ් නිසා අාණ්ඩුව අවසර දෙන දේ ඔවුන් භාවිතා කරනවා. රවී මහතා කියනවා ගොවියන්ට නඩු දාමුලු. එ් විදියට කරනවා නම් කුඩු, ගංජා, අබිං, කසිප්පු, මත් පෙති, ගිනි අවි අාදි නිෂ්පාදකයන්ට, ගෙන්වන්නන්ට, බෙදාහරින්නන්ට නඩු නොදමා භාවිතා කරන අයට පමණක් නඩු දාන්න වෙයි. කැකිල්ලේ පරපුරේද මන්දා. ගොවියෝ අතර රන්ගොවියෝත් ඉන්නවා...

:       0       0

SamiraSunday, 12 August 2018 12:24 PM

දන්නා තරම තමයි.. කෑ ගහන්න එපා බූරු හඬ ඇහෙන්නේ..

:       12       10

Dasuni Sunday, 12 August 2018 08:58 AM

කරනවා නම් හොඳ වැඩක්. රටේ මිනිස් ජීවිත බිල්ලට දෙන අය මේකත් නවත්තන්න පුළුවන්.

:       6       93

ලුම්බිණි Sunday, 12 August 2018 09:18 AM

මොන්සැන්ටෝ සමාගමට එරෙහිව ඇමෙරිකාවේ අධිකරණය මගින් ලබාදුන් නඩු තීන්දුව අනුව පිළිකා හැදෙන්න පුළුවන් මේ රසායනිකය නිසා. මම හිතනවා මේක හොඳ දෙයක් කියලා.

:       1       19

හිරාන් Sunday, 12 August 2018 09:24 AM

ඔබ වැනි විද්වතුන් අගය කළ යුතුමයි මහාචාර්යතුමනි...,

:       0       58

sena Sunday, 12 August 2018 10:12 AM

හොඳම හොඳ වැඩක්...

:       0       18

sam Sunday, 12 August 2018 10:56 AM

ඕස්ට්‍රේලියාවේ ඔය වගේ වෙලාවට ක්ලාස් ඇක්ෂන් කියලා සියල්ලන්ම වෙනුවෙන් නඩු දානවා. ඒ නඩු සඳහා පැමිණිල්ල වෙනුවෙන් කතාකරන නීති සමාගම්වලිනුත් හොයන්න පුළුවන් නම් හොඳයි. අපේ ලංකාවට බැරිකමට නෙවෙයි.. නමුත් මේ සමාගම් ඇස්බැස්ටෝස්, දුම් පානය කරන තැන රැකියා කළ අය වෙනුවෙන් සාර්ථකව නඩු කිව්ව නිසා අපේ රටටත් ඔබින අත්දැකීම් ඇති. ඒ නිසයි මේ ලියන්නේ.

:       1       80

rocky Sunday, 12 August 2018 11:30 AM

මහාචාර්යතුමාලා කිවුවොත් ඔක්කොම හරි! ලඟදි අර පොදුපෙරමුනේ සුනන්ද මහාචාර්යතුමා දෙසා බෑවනේ ලංකාවට කුරුඳු ගෙනාවේ පෘතුගීසිකාරයෝ කියලා. එ්කත් ඇත්ත කොන්ඩේ බැඳපු සමහර උන්නැහේලාට. වකුගඩු රෝගීන්ගෙන් සීයට පනහක් ලෙඩ්ඩුන්ට තියෙන්නේ වෙනත් රෝගයක්ය කියලා සමහරු කියනවනේ. රබර්, තේ ගොවිතැන්වලට කෙලවිලා ග්ලයිෆොසේට් නැතුව කියලා සමහරු කියනවා. වෙනත් රටවල මේවා පාවිච්චි කරන්නේ නැද්ද? මේක මහ ප්‍රෝඩාවක් කියලයි මට හිතෙන්නේ. වෙනත් පළාත්වල වකුගඩු රෝගීන් නැද්ද? මගේම මස්සිනා මරුණත් වකුගඩු රෝගයකින්. මගේ අසල් වාසීන් දෙන්නෙකුටත් හැදුනා. ඒ මිනිස්සු ග්ලයිෆොසෙට් කියන ජාතිය හීනෙන් වත් දැකපු මිනිස්සු නෙමෙයි. බොරුකාරයෝ රැලක් මුළු රටම නොමග යවලා !

:       408       2

Sanath Sunday, 12 August 2018 12:02 PM

මේ මිනිසුන්ගේ වකුගඩු රෝගයට එකම හේතුව ග්ල්යිෆොසේට් කියලා ඔප්පුකරගන්න බැරි වුනොත් අපිට ඩොලර් මිලියන 500ක් වත් ඒ සමාගමට ගෙවන්න වෙයි.

:       11       2

SamanSunday, 12 August 2018 03:29 PM

එහෙම වුනොත් කාටද ඒක ගෙවන්න වෙන්නෙ? ආණ්ඩුවටද බදු ගෙවන ජනතාව ? පැමිනිල්ල දාන කාණ්ඩ හතරටද ?

:       0       0

raviSunday, 12 August 2018 08:58 PM

එකත් අපි මේ මහාචාර්ය තුමාගෙන්ම ලබා ගනිමු.

:       0       0

jayatissa Sunday, 12 August 2018 02:37 PM

මේ දේවල් ඇතුවත් බැරි නැතුවත් බැරි වගෙයි. මග හිටියොත් තෝ නසියි ගෙදර ගියොත් අඹු නසියි කිව්වලු. ඔය රජරට පැත්තේ තමයි වකුගඩු රෝග වැඩියෙන් තියෙන්නේ. හොරණ ඉංගිරිය ප්‍රදේශවලත් මේ බෙහෙත් ගැහැව්වා.. තාම නම් ඒ තරම් නරක ප්‍රතිඵල දැනගන්න නැහැ. කොහොම වුණත් රසායන පාවිච්චිය නම් හොඳ නැහැ. පෙනඩෝල් වුණත් පාවිච්චි නොකරනවා නම් තමයි හොඳ. මේ පැත්තේ ලොකු මඤ්ඤොක්කා වගාවන්ට කොහොම හරි මේ බෙහෙත් හොයලා ගහනවා. ඒ අලවලටත් මේ විෂ උරා ගන්නවා ඇතිනේ. මිනිස්සු කෑමට ගන්නවා.

:       0       0

Nihal Sunday, 12 August 2018 05:56 PM

රුසියාව ,බ්‍රසීලය සහ සුවිස් ඇතුළු රටවල් විශාල ප්‍රමාණයක ග්ල්යිෆොසෙට් තහනම් කරලා තියෙනවා

:       0       0

ධනපාලSunday, 12 August 2018 07:44 PM

රුසියාව, බ්‍රසීලය ග්ලයිෆොසේට් තහනම් කරලා නැත. රුසියාව එම ද්‍රව්‍යය සැදීමට අලුත් කර්මාන්ත ශාලා උතුරු යූරල් ප්‍රදේශයේ පටන් ගෙන ඇත. සැන් සැල්වඩොර් රට ග්ලයිෆොසේට් තහනම් කොට, නැවත පාවිච්චියට අවසර දී ඇත. ලෙවෙහි රටවල් 195 ඇත. එයින් රටවල් 193 ක් ග්ලයිෆොසේට් පාවිච්චි කරමින් සිටී. ගොවියන් 90,000 ක් ගේ සෞඛ්‍යය අවුරුදු 25ක් තුල නිරීක්ෂණය කල පර්යේෂණයක් 2017 නොවැම්බර් 17 පිලිකා විද්‍යා සංගරවක පල විය. අවුරුදු 25ක් දිනපතාම ග්ලයිෆොසේට් පාවිච්චි කල මුත් සාමන්‍ය පමණට වැඩි පිලිකා හෝ වකුගඩු නරක් වීමක් කිසි සේත් නොමැති බව එම පර්යේෂණයෙන් එලි විය. කැලිෆොර්නියා නඩුවට ඉන්න ජූරිකාරයෝ විද්‍යාව නොදන්නා සාමාන්‍ය මිනිස්සුය. ග්ලයිෆොසේට් වලින් පිලික හෝ වකුගඩු රෝගය හැදෙනවා කීම බොරුය.

:       111       0

rocky Monday, 13 August 2018 12:11 AM

මේ මහාචාර්යවරයාගෙන් මම එක එල්ලේ ප්‍රශ්නයක් අසමි. මේ ලියන මම නිකමට කොමෙන්ට් ගසන කෙනෙකු නොවේ. භාෂා දෙකක් හොඳින් උගත් තවත් භාෂා දෙකක දැනුම ඇති, හොඳින් පොත පත කියවූ, එමෙන්ම අවුරුදු 60 ක පමණ කාලක් තිස්සේ ලේඛන කලාවෙහි නිරත අයෙක්මි. ඔය කියන මලගිය ඇත්තන්ගේ මරණවලට ග්ලයිෆොසෙට් ම පාදකවූ බව ඔබ තහවුරු කර ගත්තේ කෙසේද? මොන්සන්ටෝ සමාගම අපකීර්තියට පත් කිරීමේ උත්සාහයක යෙදීමෙ තර්ජනයෙන් ඔවුන්ගෙන් කප්පමක් ගැනීමට අරමුණක් ඔබතුල ඇත්තේ යයි සැකයක් මට සිතෙයි! එසේ නම් එය කණපිට හැරෙන්නට ඉඩ ඇති බවද කරුණාකර මෙනෙහි කරන්න.

:       0       0

බෝධි Monday, 13 August 2018 01:40 AM

ඔබ වහා කැලිෆෝනියාවට ගොස් එහි ජූරි සභිකයන්ට විද්‍යාව කියා දෙන්න. ලංකාවේ අහිංසක මිනිසුන්ව රවටන පිස්සු කතා නොකියා ඉන්න.

:       0       0

kalani Monday, 13 August 2018 05:26 AM

ජිවිත 25,000 ක් උදුරාගත් බව පැවසෙන ග්ලයිෆොසේට් පිළිකා කාරක යැයි පවසන්නේ ඒ පිලිබඳ පරීක්ෂණ කළ විද්වතුන් මිස ගොවියන් නොවේ. එය එසේ නොවේනම් ඒ පිළිබඳ සහතිකයක් ලබාදීමට අනෙක් පාර්ශව කටයුතු කළයුතුය. මියගිය සංඛ්‍යාව එවැනි හේතුවකින් නොව වෙනත් හේතුන් නිසා මියගිය බව තහවුරු කළයුතුය. ග්ලයිෆොසේට් රැකගැනීමට මහාචාර්ය තුමාට හෝ ඒ පිළිබඳ උනන්දුවක් දක්වන උගතුන්ට අවශ්‍යතාවයක් තිබිය නොහැකිය. සමහර මත දක්වන්නන් විදේශ රටවල් නම් කරමින් ඉදිරිපත් කරන කරුණු මහාචාරයවරයා නොදන්නවා විය නොහැකිය. වීපතට පත් අහිංසක ජිවිත සහ පිඩාවට පත් එම පවුල්වල සාමාජිකයින්ගේ ජීවිතවලට වඩා කෘෂි රසායනය රැකීමට පෙළ ගැසෙන්නේ දේශපාලන බලයෙහි නිර්දය ස්වභාවය නිසාය. දේශපාලන උඩඟුකම ඉවසිය නොහැකිව උද්ඝෝෂණ මතුවුවත් ඊට ඉහළින් ගොරහැඩි දේශපාලනය මතුවෙයි. ඔවුන් කතා කරන්නේ වචනවලින් නොව කෘෂි රසායනික ඒජන්තයින්ගේ මුදල්වලිනි. ගොවි ජනතාව අසල කිසියම් බියකරු විපතක් සැඟ වී ඇති බව පිළිනොගන්නේ එහෙයිනි.

:       0       0

rocky Monday, 13 August 2018 02:24 PM

මා මගේ ප්‍රශ්නය යොමු කලේ මහාචාර්යතුමාට මිස එතුමා වෙනුවෙන් ඉදිරිපත් වන තෝල්කයන්ට හෝ ඇම්බට්ටයන්ට නොවේ. මෙය ඕනෑම කෙනෙක් කියන ඕනෑම දෙයක් පිලි ගන්න විචාර බුද්ධියෙන් හීන, එමෙන්ම බල්ලන්ගේ වැඩ බූරුවන් භාර ගන්න රටක් බව මම හොඳින් දනිමි. බෝධි සහ කලණිද එයට නිදසුන් සපයති. මහාචාර්යතුමා නඩුව දිනන තුරු කට ඇරගෙන බලා ඉන්න කියනවාට වඩා ඔබ වැන්නන්ට කිව හැකි වෙනත් දෙයක් අපට නැත....!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මීනගයා ඇතුළු දුම්රිය කීපයක් අවලංගුයි
2024 ඔක්තෝබර් මස 18 140 0

කොළඹ -මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය හා හිගුරක්ගොඩ අතරදී අද (18) අලුයම ඉන්ධන දුම්රියකට වන අලි රංචුවක් ගැටී ඉන්ධන දුම්රිය පීලි පැනීම හේතුවෙන් මාර්ගයේ


නඩු භාණ්ඩ කාමරයේ මුදල් සොරාගෙන
2024 ඔක්තෝබර් මස 18 387 0

වාරියපොළ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුබඩු කාමරයේ තිබූ රුපියල් දෙලක්ෂ පනස් පන්දහසක මුදලක් කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇතැයි වාරියපොළ පොලිසිය පවසයි. අධි


උතුරු දුම්රිය මාර්ගයේ අලි අනතුරක්
2024 ඔක්තෝබර් මස 18 438 0

කොළඹ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක වන අලින් සිවුදෙනකු ගැටීමත් සමග එම දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇතැයි අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය පව


තැනින් තැනට සිහින් වැස්සක්
2024 ඔක්තෝබර් මස 18 45 0

උතුරු පළාතේ වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හමාස් නායකයා ඝාතනය: රටවල් රැසක් සතුට පළ කරයි
2024 ඔක්තෝබර් මස 18 2601 0

ගාසා තීරයේ හමාස් නායක යාහ්යා සින්වාර් මරා දැමීම සම්බන්ධයෙන් රටවල් රැසක රාජ්‍ය නායකයන් සතුට පළ කර ඇත. යාහ්යා සින්වාර් ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධි


හමාස් නායකයා මැරුවට ගාසා සටන් අවසන් නැහැ
2024 ඔක්තෝබර් මස 18 1630 0

හමාස් නායක යාහ්යා සින්වාර් ඝාතනය කිරීම, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ගෙන යන යුද්ධයේ අවසානය නොවන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 616 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1553 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site