IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ගාල්ල තැපැල් කාර්යාලයේ තැපැල් මලු සඟවලා

(ඩී.ජී.සුගතපාල)


ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ අධික්ෂණ නිලධාරින්ගේ කාමරයේ  මාස කිහිපයක සිට සඟවා  තිබු ලිපි දහස් ගණනක් අඩංගු තැපැල් මලු තොගයක් අද (11) දකුණු පළාත් නියෝජ්‍ය තැපැල් ජනරාල්වරිය සහ ගාල්ල ප්‍රාදේශිය තැපැල් අධිකාරිවරිය විසින් සොයා ගෙන ඇත.


මෙම කාමරයට වෙනත් බාහිර පුද්ගලයින්ට ඇතුලු විමට නොහැකි අතර ඇතුලු විය හැක්කේ අධික්ෂණ නිලධාරිවරුන්ට පමණි.


අද පෙරවරුවේ හදිසියේම එම නිලධාරිණියන් දෙදෙනා ඇතුලු තවත් උසස් නිලධාරින් කිහිප දෙනෙකු මෙම කාමරයට පැමිණ පරික්ෂා කිරිමේදි මෙම තැපැල් මලු සොයාගෙන ඇත.


එහිදි විදේශ රටවල සිටින පුද්ගලයින් විසින්  මෙරට සිටින ඥාතින්ට එවනලද ලිපි සහ පාර්සල් රැසක් කඩා තිබියදි සොයාගෙන ඇති අතර එයට අමතරව පසුගිය  මැතිවරණයේදි ගාල්ල දිස්ත්‍රික්කයේ ඇමතිවරුන් දෙදෙනෙකු විසින් ඡන්දදායකයින් වෙත යැවිමට බාරදෙන ලද ලිපි දහස් ගණනක් තිබු බවද තැපැල් සේවකයෝ පැවසුහ.


තැපැල් සේවකයින් පැවසුවේ දිර්ග කාලයක් තිස්සේ විදේශ රටවලින් ලැබෙන ලිපි කැඩිමේ ජාවාරමක් පවත්වාගෙන ගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් කරන ලද නිර්නාමික පෙත්සම් අනුව මෙම හදිසි වැටලිම කරඇති බවය.


මේ පිළිබදව ගාල්ල ප්‍රාදේශිය තැපැල් අධිකාරි බුද්ධිකා ද සිල්වා මහත්මියගෙන් දුර කතනයෙන් විමසුවිට කියා සිටියේ එවැනි සිද්ධියක් වාර්තාවි තිබෙන අතර පරික්ෂණ පවත්වා ගෙන යන බවයි.



අදහස් (6)

ගාල්ල තැපැල් කාර්යාලයේ තැපැල් මලු සඟවලා

දිමුත් Wednesday, 11 July 2018 10:45 AM

මේ ගොල්ලෝ වර්ජනය කරන්නේ හරියට නිකං සාන්තුවරයෝ වගේ...

:       0       178

දිමුත් Wednesday, 11 July 2018 10:46 AM

මේ ගොල්ලෝ වර්ජනය කරන්නේ හරියට නිකං සාන්තුවරයෝ වගේ...

:       0       6

kalani Wednesday, 11 July 2018 10:49 AM

අධීක්ෂණ නිලධාරීන්ගේ විවේක කාමරවල විදේශ ලිපි මලු රඳවාගන්නේ නම් සියලුම අධීක්ෂණ නිලධාරින් මෙම වංචාවට හවුල්විය යුතුය. එසේම සාමුහිකව මෙවැනි සොරකමක් කරතියි සිතිය නොහැක. දකුණු පළාතේ නියෝජ්‍ය තැපැල්පතිවරියත්, ගාල්ල ප්‍රාදේශීය තැපැල් අධිකාරිවරියත් මේ ගැන දැනගන්න තෙක් ගාල්ල ප්‍රධාන තැපැල් ස්ථානාධිපතිතුමා නොදැන සිටීමට හේතුවක් නැත. නොපමාව ජනතාවගේ ලිපි ආරක්ෂා කරදීම තැපැල් බලධාරීන්ගේ වගකීමකි.

:       0       216

Kumara Wednesday, 11 July 2018 01:06 PM

දෙසැම්බර් 2017 මම විදේශ රටක සිට ලියාපදිංචි තැපෑලෙන් ගාල්ලට එවපු ලියුමක් තවම ලැබිලා නැහැ. ඒකටත් ඔයටිකම තමයි වෙන්න ඇත්තේ. මේ හොරු තව වැඩවර්ජනත් කරනවා සුදනෝ වගේ... මේ අයව සේවයෙන් නෙරපා දැමිය යුතුයි.

:       0       191

Wijesooriya Wednesday, 11 July 2018 01:22 PM

අපෙත් ලියුම් නැති වෙලා තියෙනවා මෙම තැපැල් කාර්යාලයේ සමහරක් වැඩ කරන අය චන්ඩියෝ, හොයලා බලන්න නිසි දඬුවම් දෙන්න එකේ වැඩ කරන ගොඩක් අයට දේශපාලන සම්බන්ධකම් තියෙනවා යට ගහන්න ඉඩ තියන්න එපා සම්බන්ධතා අවදියෙන් ඉන්නවා

:       0       67

samanthi Wednesday, 11 July 2018 02:49 PM

ගාල්ලේ විතරක් නෙවේ අංගොඩ ප්‍රධාන තැපැල් කාර්යාලයෙත් සමහර පැති වල ලියුම් බෙදුවෙ නෑ තාම ස්ට්‍රයික් එක ඉවර වෙලා දැන් කොච්චර කාලයක්ද.. තැපැල් පියුම් මහත්තයා නෑ කියනවා.. අපි බෙදනවා කියනවා අහනකොට.. තාම බාලගිරි දෝශේ.. මහලොකුවට අර වෘත්තීය සමිති ප්‍රධානියා නම් කිව්වේ දවස් 3න් බෙදනවා කියලා.. දවස් 3ක් නෙවේ සති 3ක් විතර ගියා තාම එක ලියුමක් නෑ..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 669 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 186 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 552 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 137 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1839 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 185 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site