මුදිතා දයානන්ද
ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේ ක‍්‍රීඩාගාරය තාවකාලිකව ඉදිකිරිමට පමණයි එකල අවසර දුන්නේ යැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (26) පැවසීය.
ගුණවර්ධන මහතා මෙසේ පැවසුයේ අද මහරගම ඇල්හේන පාරේ පිහිටි මහජන එක්සත් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදී ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගනයේ ක‍්‍රිඩාගාරය අනවසර ඉදිකිරිමක් දැයි මාධ්‍යවේදියකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදි තවදුරටත් ඔහු මෙසේද පැවසීය.
යුනේස්කෝ සංවිධානය වසර තුනකට පමණ වතාවක් ලෝක උරුමයන් නම් කරනවා. ඒ අනුව ගාලූ කොටුවත් ලෝක උරුමයක් ලෙස නම් කළා. එහිදි ඔවුන් උපදෙස් දුන්නා එය පිටත සිට බලන්නෙකුට නැරඹිමට බාධාවන කිසිදු ඉදිකිරිමක් නොකරන ලෙසට. එනිසා ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිඩාංගනයේ ක‍්‍රිඩාගාරය ඉදිකිරිමට අවසර ලැබී තිබුණේ තාවකාලික ඉදිකිරිමකටයි. එහි ස්ථිර ක‍්‍රීඩාගාරයක් නැතිවීම ගැටලූවක් නෙවෙයි. ජාත්‍යන්තර තරග වසර පුරා පැවැත්වෙන්නේ නැහැ. එවැනි තරග පැවැත්වෙන අවස්ථාවක තාවාකාලික ක‍්‍රීඩාගාරයක් සකස් කිරිම අමාරු දෙයක් නෙවෙයි. එවැනි ඉදිකිරිමකට යුනෙස්කෝවේද විරෝධයක් නැහැ.
පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත
ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ශ්‍රී ලංකා කාර්යාලයට කොන්ත්‍රාත් පදනම මත බඳවා ගනු ලැබූ සේවකයන් හෙට (07) රාත්‍රී 11.59 සිට පඩි සහිත අන
ඒකාබද්ධ ග්‍රාම - නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රටපුරා පැතිරි යමින් ඇති සූකර ඌණට ලක්ව ඌරන් 1600 ක් මේ වන විට මිය ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ
බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
’ගාලු ක්‍රීඩාගාරය තාවකාලිකව ඉදිකිරිමටයි එකල අවසර දුන්නේ’
රවින් Thursday, 26 July 2018 11:49 AM
අනිකුත් බසින් මෙතුමා කියන්නේ පහුගිය දවස්වල කතා බහට ලක්වුණු ක්‍රීඩාංගනය නීති විරෝධී කියලානේද? ඔයටික පහුගිය දවස්වල කෑ මොර ගහපු ඔබගේම හිත මිත්‍රන්දිට කිවුවනම් වඩාත් හොඳයි.
සතයපාල Thursday, 26 July 2018 02:34 PM
තමන්ගේ නම ගහ ගන්න තියෙන උන්මාදය නිසා තැන නොතැන නොබලා කල අදූරදර්ශී අඥාණ වැඩ නිසා රටට කොපමන හානියක් හා පාඩුවක් කරලා තියනවද?