තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
චිත්‍රපට බෙදාහැරීමේ කටයුතු ජාතික චිත්‍රපට සංස්ථාවට පවරාගැනීම වළක්වාලමින් නිකුත් කර තිබූ වාරණය මෙම මස 30 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය අද නියෝග කළේය.
චිත්‍රපට බෙදාහැරීම සිදුකළ පෞද්ගලික සිනමා සමාගම් 04ක් ගොනු කර තිබූ පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පමිල රත්නායක මහතා මෙම වාරණය දීර්ඝ කළේය.
ඊ.ඒ.පී චිත්‍රපට සමාගම , ලංකා ෆිල්ම් ඩිස්ට්‍රිබියුටර්ස් පෞද්ගලික සමාගම , සිනමා එන්ටර්ටේන්මන්ට් සමාගම , මූවි ප්‍රඩක්ෂන් යන සමාගම් ගොනු කළ මෙම පැමිණිල්ලෙන් ජාතික චිත්‍රපට සමාගම ඇතුළු පිරිසක් වගඋත්තරකනරුවන් ලෙස නම් කරනු ලැබ තිබිණි.
එම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර ජාතික චිත‍්‍රපට සංස්ථාව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ ජාතික චිත‍්‍රපට සංස්ථාව විසින් එම තීරණය ගනු ලැබ ඇත්තේ විෂය බාර අමාත්‍යවරයා විසින් ලාබා දුන් උපදෙස් මත බවයි.
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
චිත්රපට සංස්ථාවට එරෙහි වාරණය 30 දක්වා දිගටම
theshan Tuesday, 07 August 2018 03:04 AM
එතකොට මේ ආයතන ගෙන්නන ඒවා විතරද බලන්න පුළුවන්?? ඊට පස්සේ මේ රටේ හදන ඒවා පෙන්නන්න මුන්ට සල්ලි දෙන්න ඕන?? එකද කියන්නේ..මේ තනිකර මාෆියාවක්.