( තිළිණි ද සිල්වා )
කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් තමාවත් , තම අතදරුවා සහ ස්වාමියාගේ මව යන තිදෙනාම බත්තරමුල්ල ප‍්‍රදේශයට බලහත්කාරයෙන් රැගෙන යාම නීතිවිරෝධී බවත් , එමඟින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරු වන දිලූම් තුසිත කුමාර නැමැත්තාගේ බිරිඳ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (24) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.
ගාල්ල, ඉමදූව ප‍්‍රදේශයේ පදිංචි ඉරේෂා ලක්මාලි නමැත්තිය විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ආරක්ෂක ලේකම්වරයා, වැඩබලන පොලිස්පති, ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයින්, කොළඹ අපරාධ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, එහි ස්ථානාධිපතිවරයා ඇතුළු 15 දෙනෙකු නම් කරනු ලැබ සිටිති
පෙත්සම්කාරිය කියාසිටින්නේ ඉකුත් 10 වනදා රාත‍්‍රී තම නිවසට කඩාවැදුණු කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් තමාවත් තම මාස තුනක් වයසැති අතදරුවා සහ ස්වාමියාගේ මව යන තිදෙනාම බත්තරමුල්ල ප‍්‍රදේශයට බලහත්කාරයෙන් රැගෙන ගිය බවය.
කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් විසින් තමන්ව අත්අඩංගුවට ගෙන මේ ආකාරයෙන් රැගෙන ගොස් රඳවා ගැනීම තුළින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික අයිතීන් උල්ලංඝණය වී ඇති බවයි ඇය පෙන්වා දෙන්නීය.
එබැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු වාර්තාවට අදාල ලේඛන ගෙන්වා පරීක්ෂණයක් පවත්වා සිය මූලික අයිතීන් උල්ලංඝණය වූ බවට නියෝගයක් ලබාදෙන ලෙසත් , එලෙස රැගෙන යාමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට ප‍්‍රකාශ කරන්නැයිද පෙත්සම්කාරිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නීය.
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
චම්පිකගේ රියදුරුගේ බිරිදගෙන් පෙත්සමක්
beau Tuesday, 24 December 2019 11:19 AM
අබුද්ධස්ස කාලේ. ඇමති හොරු නිදහස් අහක යන මනුස්සයෝ හිරේ
Mahee Tuesday, 24 December 2019 12:17 PM
ඉතාම හොඳයි. ඒ රියදුරු අල්ලගෙන නඩු පවරනවා හෝ අත්අඩංගුවට ගන්නවා හෝ ඕන නීත්‍යානුකූල දෙයක් කළාට අපේ ප්‍රශ්නයක් නෑ. නමුත් අද කාලේ පොලිසියත් ආදි කාලේ කළා වගේ ගෙවල්වල ඉන්න අත දරුවයි, වයසක ගැහැණුයි ඇදගෙන ගිහින් ගාල් කරන එකනම් කැතවැඩක්. මේ කාන්තාවගේ පෙත්සම ජයග්‍රහණය කෙරේවා කියලා මම පතනවා.
dhammika Tuesday, 24 December 2019 01:57 PM
පේනවනේ අපේ පොලිසිය කොච්චර බුද්ධිමත්ද කියලා. හදිස්සියේ ගිහින් අත්අඩංගුවට අරගෙන තියෙන්නේ ඩ්‍රයිවර්ගේ පවුලේ අයව. ඔය කට්ටියත් අහල පහල වෙච්ච දෙයකට ගෙදරට ඇවිත් අත්අඩංගුවට ගන්න ඕන කීවොත් පුදුම වෙන්න එපා.
Perera Tuesday, 24 December 2019 02:49 PM
දැන් අධිකරනයේ ස්වාධීනත්වය උරගා බැලිය හැකි කදිම අවස්තාවක්.
Kumar Tuesday, 24 December 2019 05:35 PM
මෙවැනි අකටයුතු හෙලාදකින්න ඕනේ... නඩු කාරයින්ට මේවා පේන්නේ නැද්ද?
lanka Tuesday, 24 December 2019 10:30 PM
පක්ෂ දේශපාලනයකින් තොරව මේ පෙත්සමට රටක් වශයෙන් සහය දියයුතුයි. මෙහෙම නිකරුනේ අදාල නැති අයට කරදර කරන්න පොලිසියට කිසිම අයිතියක් නැහැ. ගෙදරට පැමිණ ප්‍රශ්න කළහැකි වුවත් මෙසේ චෝදනාවක්, වරදක් නැතුව කෙනෙක්ට පොලිසියෙන් කරදර කරනවට උපරිම දඬුවම් දිය යුතුයි. පොලිසිය හිතන් ඉන්නේ තමන්ට ඕනෑදෙයක් කළ හැකියි කියලයි. හැබැයි ඔක්කොම පාට් දාන්නේ අහිංසක, දුප්පත් මිනිස්සුන්ටයි විපක්ෂේ ලොක්කන්ටයි විතරයි. මොන ආණ්ඩුව බලයට ආවත් බලයේ ඉන්න කිසි කෙනෙක්ට මොනවරද කළත් කිසිම අවුලක් නැහැ.
Bamunuarachchi Wednesday, 25 December 2019 01:20 AM
බැලූ බැල්මට ඒක අසාධාරණයි. පවුලේ කෙනෙක් කළ වරදට පවුලේ අනික් අය අපහසුවට පත් කිරීම නීතියේ ඉඩ තිබෙනවාද? ජනාධිපතිතුමනි, ඔබතුමාගේ රජය අපහසුවට පත් කිරීමට මොවුන් මෙවැනි දේවල් කරනවා වෙන්න පුළුවනි. පරිස්සම් වෙන්න. මොවුන් කරන වැරදි වැටෙන්නේ ඔබේ ගිණුමට.
Rata Perata Wednesday, 25 December 2019 05:16 AM
19 ත් අහෝසි කරගෙන මේ යන්න හදන්නේ මොන වගේ ගමනක් ද කියල තේරෙනකොට පරක්කු වැඩි වෙලා තියේවි. වහලුන් සහ ජඩ මාධ්‍ය මේවාට වග කිව යුතුයි.
BamunuarachchiThursday, 26 December 2019 04:40 AM
එළුවාගේ අඟේ දැන්වැටෙයි, දැන්වැටෙයි කියකියා පස්සෙන් යන හිවලෙකුට තරහ ගියාමත් ඔහොමයි. ලෝකයේ බලවත් රටවල මෑතක පාලනය කරලා තිබෙන්නේත් එ් කාලෙන් ආපු වහල් පරපුරේ අය..