IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


‘ජීඑම්ඕ කථා කිතුලට ගිය මිනිසාගේ කථාව වාගේ‘ - රාජිත

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නිකුත් කරන ප්‍රකාශ කිතුල් ගහට ගිය මිනිසාට කියන්නට සිදු වූ හේතු වගේ යැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

සයිටම් ආයතනය සම්බන්ධ රජයේ ස්ථාවරත්වය සෞඛ්‍ය අමාත්‍යාංශය සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව කැබිනට් පත්‍රීකාවක් මගින් හෙට (27) කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට නියමිතය.

‘‘මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලීම් ලබා ගත් බව ප්‍රකාශ කරමින්, බොරු කියමින් සිය සාමාජිකයින් අපහසුතාවයට පත් කළ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය එම බොරුව හෙළි වූ පසු එය මගේ පිට පටවන්න හදනවා. ජනාධිපතිවරයාගේ නිල නිවේදනය වෙනස් කරන්න මට පුළුවන් ද. මම සෞඛ්‍ය ඇමැති විතරයි. මම ජනාධිපති නොවෙයි. නමුත් ප්‍රතිපත්ති මාලාව සකස් කිරීමේ දී ජනාධිපතිවරයා මා සමග සාකච්ඡා කළා. රජයේ තීන්දු තීරණ ප්‍රතිපත්ති පොඩි ළමයි වගේ හදන්නේ නැහැ. නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පොඩි ළමයි වගේ හැසිරෙනවා. දේශපාලන පරමාර්ථ ඉටු කර ගැනීම සදහා ඔවුන් කටයුතු කරනවා‘‘ යැයි ද ඔහු එම නිවේදනයේ සඳහන් කර ඇත. 

‘‘නව ව්‍යාපාරයක් බිහි කිරිම සදහා මා සමග වෛද්‍යවරුන් රැසක් අදහස් හුවමාරු කර ගත්තා. ඔවුන් මගෙත් එක්ක එකතු වෙනවා. අත්තනෝමතික දේශපාලන මතවාද ඔළුවේ දරාගෙන වෛද්‍යවරුන් කටයුතු කිරීම උචිත නැහැ. එමගින් වන්නේ අනාගතයේ බිහිවන වෛද්‍ය සිසුන්ගේ ඉගෙනීමේ අවස්ථාව ද ගිලිහී යාමයි. එවැනි අත්තනෝමතික වෛද්‍ය සංගම් වලට ජනතාව විසින් පිළිතුරු ලබාදෙනු ඇත.‘‘ යනුවෙන් එහි වැඩිදුරටත් සඳහන්වේ.

 

 



අදහස් (14)

‘ජීඑම්ඕ කථා කිතුලට ගිය මිනිසාගේ කථාව වාගේ‘ - රාජිත

ian Monday, 26 June 2017 04:18 PM

වැඩ වරන දොස්තරවරුන් සේවයෙන් නෙරපන්න. විශ්‍රාම ගිය අය කොන්ත්‍රාත් පදනම මත බඳවා ගන්න. හමුදා දොස්තර වරු හැකි තරමක් රජයේ රෝහල් වලට කැඳවන්න. ඉන්දීය හමුදා දොස්තරවරු සහ විශේසඥයන් පිරිසකුත් ඉන්දියාවෙන් ඉල්ලා සිටින්න. මෙය එක වරක් කෙරුවොත් මේ අය මහජනතාව බිල්ලට තියන එක නවතියි. ලෙඩුන් කිහිප දෙනෙකුගේ ජීවිත හානි වීමට ඉඩ ඇතත් එක එක්වරක පමණක් වන දෙයක් වේවි.

:       1059       3343

නානාMonday, 26 June 2017 05:15 PM

SAITM හොර දොස්තරල මොකද ඔයාගෙ ලිස්ට් එකේ නැත්තේ? එයාලගෙන් බේත් ගන්න බයද? කොහොමද හොර දොස්තරලා බොවෙන්න ගත්තම? එතකොට අහන්න වෙන්නේ ''ඔබට සනීපද දැන්'' කියලා..

:       91       103

prsannaTuesday, 27 June 2017 04:24 AM

මුලදී ජී.එම්.ඕ.ඒ. එක ඉල්ලුවේ සයිටම් ප්‍රමිතිය ඇතිකිරීම සහ විභාගයකට මුහුණදීම යන කරුණු.... එම කරුණු සම්බන්ධව රජය ක්‍රියාත්මක වීමේදී එය ජනසතුව දක්වා වෙනස් වී ඇත. මෙය ශෛලොක්ගේ මස්රාත්තල ඉල්ලීමට සමානය. ජී.එම්.ඕ.ඒ. එකට සයිටම් ප්‍රශ්නයක් වුවද සිසුන් පිටරට පැමිණීම ප්‍රශ්නයක් නොවේ. එතකොට මුදල් ගෙවා නෙවෙයිද ඉගෙන ගන්නේ. එම දෙමාපියන් ඔය කියන කෝටිපති ගණයට නොවටෙන්නේද? පිටරට යවන ආයතන කරන්නේ මෙම දොස්තරවරුය..

:       0       0

one stilankan Monday, 26 June 2017 04:21 PM

ලංකාවේ සිටින බුද්දීමත්ම මිනිස්සු හතර දෙනෙක් වේ 1. ඔබතුම 2.ඔබතුමාගේ පුතා 3.ගොනෙකුට වුණත් යුද්ද කළහැකි කී ගරු ඇඅමති තුමා 4.පිස්සෙක් වගේ පිස්සෙක් වගේ ,,,ජංගිය පිටින් ..ඒවගේම හාමුදුරු වනට නමින් කතාකරනඇඅමති තුමා ,,,,,ගරු බුද්දිමත් සියල්ල දත් ඇමතිතුමනි ,,,,සෛටෙම් නීති විරෝදීද,,,එසේනම් වසන්න ,,,,එසේ නැද්දද ඔප්පුකරන්න ,,,සමීර සේනාරත්න බොරු නළුවෙක්නේද...නීතිය ක්‍රියාත්මක කරන්න,,, වැඩිම විදෙස විනිමය හොයන්නේ රට රස්සා කරන ශ්මි‍රකයෝ නේද ,,,,හරිනම් ,,,සමාන අදායම් සොයන්න ,,,දොස්තරලා වෙන්න අස දක්ෂ ලමිට ගෙවල සාදාරන මුදලකට mbbs උපාදිය රජයේ විශ්ව විද්‍යෘලවලින් වලං පටන් ගන්න ,,,එන එස් බ එම හරිත් සරසවිය ගන්න ,,,කොටිගනම් අත්තිකාරම් දෙන්න ළමයි ලංකාවේ ඉන්නවා ,,,එයින් අරමුදල් තරකරගන්න පුළුවන්,,පිටරට ලමයි හොයාගන්න පුළුවන් ,,,නිකරුනේ අමාත්‍යංශ කාර්යාල වලට ගෙවන සල්ලි මේවට යොදවන්න ,,,ලංකාවේ හොදම අදායම් උපදවන තැන මෙය වේවි ,,,වැඩේ පටන් ගන්න ඔබටුමට කව්රුත් පින් දෙවි ,,,උපදෙස් ඔබතුමාගේ පුතා දෙවි --පින් අයිතිවෙයි සෛයිටම්වහල එදරුවන්ට වන්දි ගෙවල ,,අපේ කොල්ලෝ නොමරා ඉගෙනගන්න අරින්න ,,,දත් දොස්තර මහත්තයෝ ඔබතුමාට පින්

:       1556       1558

lasantha Monday, 26 June 2017 05:08 PM

ඔබ වගේ කොන්ද පනතියෙන ඇමති කෙනෙක් තමා රරට ඕන .ian කියපු දේවලුත් හරියට හරි.ජයවේවා ඇමතිතුමා .අපිත් කළුතර .

:       89       38

Nimali Monday, 26 June 2017 05:17 PM

මේ ඇමති වගේ මොට්ටයින්ට බය නැති ඇමති වරු දහයක් හිටියනම් මේ රට ගොඩ. අවාසනාවට ඉන්නේ ෆීල්ඩ් මාර්ෂල් විතරයි.

:       59       131

hewawitharana Monday, 26 June 2017 07:05 PM

ලිඳ තුල මැදි වුන මැඩියා සෙසු ලොව තොරතුරු නොදනී

:       2       16

Vichithra Monday, 26 June 2017 08:27 PM

නීතිය ක්‍රියාත්මක කල යුතුයි එකට එරෙහිව. මම දන්නේ නෙහෙ එකට එති අයිතිය කරන්න රටේ එක සම්බන්දව. මේකට අදාල වෙන්නේ සහ ආණ්ඩුව පමණි. Strike on this is ඉල්ලෙගල්. ආණ්ඩුව නිදිද?

:       51       49

hewawitharana Monday, 26 June 2017 08:59 PM

කිතුල් ගහටගියේ මොලේ තිබෙන මිනිසෙකි ඒ මිනිසාගෙන් ප්‍රශ්නයක් අහල ඔහු කිවූ දෙය විස්වාස කරලා අනෙකුත් මිනිසුන් අතර ප්‍රචාරය කලේ මොලේ කලඳක් නැති මෝඩ තක තීරුවෙකි

:       47       92

sanju Monday, 26 June 2017 10:31 PM

රාජිතගේ බොරු නවට්ටලා මේ හොර උපාදි කඩේ වැහුවානම් නේද හොඳ. දැන් හොරා කන බව එලි වෙලා ඉවරනේ.

:       106       208

Nihal Monday, 26 June 2017 11:47 PM

රාජිත, ඔබ හරි. රටට ජය නියතයි.

:       229       88

දිනේෂ් Tuesday, 27 June 2017 04:43 AM

වෛද්‍ය වැඩ වර්ජන වලින් බැට කන්නේ අහිංසක මිනිස්සු, රටේ හොර දොස්තරල බිහි වුනොත් ඒකෙන් බැට කන්නෙත් අහිංසක මිනිස්සු. මහ පුටුවල ඉන්න අය හරි පිළිතුරක් නුදුන්නොත් රට අගාදයට තමයි

:       0       0

ravin Tuesday, 27 June 2017 06:41 AM

GMOA එකට කිතුලට නගින්න පාර සුද්ධ කරලා කපලා දුන්නේ කවුද?

:       0       0

සෙනෙවි Wednesday, 28 June 2017 06:25 AM

ඔය GMOA එකට විරුද්ධ්ව හදන්න යන්නෙ 89 දි කලා වගේ "ප්‍රා" වැනි එකක්ද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

බදුල්ල නගරවැසියන්න මුඛ ආවරණ පළදින්න උපදෙස්
2025 පෙබරවාරි මස 05 71 0

බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර


රුවන්ඩා මහ කොමසාරිස් අගමැතිනිය හමුවෙයි
2025 පෙබරවාරි මස 05 50 0

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම


ජපානය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙයි
2025 පෙබරවාරි මස 05 76 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය


මාතරටත් අලුත් දිසාපති කෙනෙක්
2025 පෙබරවාරි මස 05 281 0

මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


හැටන් නගරයට රතු නිවේදන
2025 පෙබරවාරි මස 05 439 1

හැටන් දික්ඔය නගර සභා සිමාවේ ව්‍යාපාරිකයන්ට, පදිංචිකරුවන්ට, නගරයට පිවිසෙන පාරිභෝගිකයන්ට හැටන් පොලිසිය සහ හැටන් දික්ඔය නගර සභාව එක්ව අද (05) රතු නිවේදනය ස


බුද්ධිමය දේපල පනත සංශෝධනයට
2025 පෙබරවාරි මස 05 151 0

බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 767 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site