(මනෝප‍්‍රිය ගුණසේකර)
නීතිපතිවරයා ලෙස මෙන්ම ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ එකම පුද්ගලයා වන ජනාධිපති නීතීඥ ශිබ්ලි අසීස් මහතා අද (08) අභාවප‍්‍රාප්ත විය.
කීර්තිමත් නීති විශාරදයකු ලෙස පිළිගැනෙන ජනාධිපති නීතීඥ ශිබ්ලි අසීස් මහතා රාජගිරිය ලේක් ඩ‍්‍රයිව් හි පදිංචිව සිටි අතර මුස්ලිම් ආගමානුකූලව අද ජාවත්ත මුස්ලිම් සුසාන භූමියේදී ඒ මහතාගේ දේහය මිහිදන් කෙරිණි.
කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයකු වන ඒ මහතා 1969 වර්ෂයේදී නීතීඥයකු ලෙස දිව්රුම් දීමෙන් අනතුරුව රජයේ නීතීඥවරයකු ලෙස නීතිපති දෙපාර්තමෙන්තුවට බැඳී එහි ඉහළම තනතුර වන නීතිපතිවරයා ලෙස පත්විය.
ඉන් අනතුරුව පෞද්ගලික නීතීඥ වෘත්තියට පිවිසි ඒ මහතා ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා ලෙස පත් විය. මෙම තනතුරු දෙකම හෙඹවු එකම පුද්ගලයා වන්නේ ජනාධිපති නීතීඥ ශිබ්ලි අසීස් මහතාය.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ජනාධිපති නීතීඥ ශිබ්ලි අසීස් අභාවප‍්‍රාප්ත වෙයි