IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


ජනපතිවරණයේ ආරක්ෂක රාජකාරීවලට ක්ෂුද්‍ර කැමරා භාවිත කිරීමට පියවර

(බිඟුන් මේනක ගමගේ)
 
ජනාධිපතිවරණයක ආරක්ෂක රාජකාරිවලට ප්‍රථම වරට අති නවීන ක්ෂුද්‍ර කැමරා භාවිත කිරීමට ශ්‍රී ලංකා පොලිසිය මෙවර කටයුතු කරන්නේ යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් 'ලංකාදීප'යට අද (03) පැවසීය.
 
ජැකට්ටුවක රැඳවිය හැකි මෙම නවීන තාක්ෂණික ක්ෂුද්‍ර කැමරා පොලිසියට ලබා දී ඇත්තේ සී.එම්.ඊ.වී හා පැෆ්රල් යන මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල අනුග්‍රහයෙනි.
 
ඒ අනුව මැතිවරණ රාජකාරී සඳහා යොදවා ඇති විශේෂ පොලිස් කාර්ය බලකා කණ්ඩායම් 75 ක් සඳහා නවීන තාක්ෂණයෙන් යුතු මෙම කැමරා ලබා දී ඇතැයි එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.
 
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සාක්ෂි සහිතව හඳුනාගැනීමේ අරමුණෙන් හා ඒ අනුව ගන්නා අධිකරණ ක්‍රියාමාර්ග පහසු කිරීම සඳහා මෙම කැමරා ජැකට් සහිත විශේෂ පොලිස් කාර්ය බලකා කණ්ඩායම් හැත්තෑ පහ කටයුතු කරන්නේ යැයි ද එම නිලධාරියා සඳහන් කළේය.
 
සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම ආරක්ෂක පොලිස් කණ්ඩායම් යොදා ඇතැයි ද පූර්ව මැතිවරණ කාලසීමාවේත් ඡන්ද විමසීම් පැවැත්වෙන දින සහ පශ්චාත් මැතිවරණ කාලසීමාවේත් මෙම කණ්ඩායම් ආරක්ෂක නිරීක්ෂණයේ යෙදවීමට පොලිසිය කටයුතු කර ඇතැයි ද ඔහු කීය.
 
වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න, රථවාහන හා මැතිවරණ පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේගුණවර්ධන, පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහත්වරුන්ගේ මැදිහත්වීමෙන් මෙම කටයුත්ත සිදුකර තිබේ.
 



අදහස් (3)

ජනපතිවරණයේ ආරක්ෂක රාජකාරීවලට ක්ෂුද්‍ර කැමරා භාවිත කිරීමට පියවර

Vipula Sunday, 03 November 2019 04:44 PM

පොලිස්පතිතුමනි, මේ කැමරා ටික මේ දේශපාලුවන්ගේ හොර අල්ලන්න පාවිච්චි කරා නම් තමයි වඩා හොඳ... මොකද මැතිවරණ නීතියක් නිසා හිරේ යන්නෙත් ඔය දේශපාලුවන්ගේ බොරු අහලා අසරණ වෙච්ච අහිංසක මනුස්සයෙක්...

:       51       164

රවින් Monday, 04 November 2019 12:57 AM

තාක්ෂණය භාවිතා කළයුත්තේ මැතිවරණයේදී පමණක් නොවේ... විශේෂයෙන් දේශපාලුවන්ගේ මැදහත්විම් වලදී තාක්ෂණය භාවිතා කිරීම අත්‍යාවශ්‍යයි.

:       0       8

nayani Monday, 04 November 2019 02:58 AM

අපරාදේ රටේ සල්ලි. තවත් නාස්ති කරනවා මැතිවරණයක් වෙනුවෙන්... සාධාරණ මැතිවරණයක් රටේ තිබේවිද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 3 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 391 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 582 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 752 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 178 0

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


ගිං ගඟේ දෙදෙනෙක් සැඟ වෙති
2025 මාර්තු මස 13 217 0

අක්මීමන ප්‍රදේශයේ සිට හිනිදුම ප්‍රදේශයේ නෑ ගෙදරක ගොස් ගිං ගඟේ දිය නෑමට ගිය දෙදෙනකු ගසාන ගොස් අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 193 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 451 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site