(නාලක සංජීව දහනායක)
මීට පෙර පැවති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාව අනුව ජනාධිපතිධූරයේ කටයුතු කළ තැනැත්තන්ට නැවැත ජනාධිපතිධූරයට තරඟ කළ නොහැකි බව 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාවේ කිසිම තැනක සඳහන් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (20) පැවසීය.
යම්කිසි පනතක් බලාත්මක වන්නේ අනාගතයට මිස අතීතටය නොවන බැවින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට හා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියට 19 වැනි ව්‍යවස්තා සංශෝධනයේ ප‍්‍රතිපාදන බලනොපාන බවද කීය.
එහිදී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මෙසේද පැවසීය.
විධායක ජනාධිපතිධූරය අහෝසි කරනවාට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. විධායක ජනාධිපතිධූරය ඉවත් කිරීමෙන් රටේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඉතාම බරපතල ගැටලූ රාශියක් නිර්මාණය වෙනවා. පළාත් සභාවක විධායක බලය ආණ්ඩුකාරවරයාට ලැබී තිබෙනවා.නමුත් යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාව අනුව පළාත් සභාවේ විධායක බලය මහ ඇමතිවරයාට ලැබෙනවා.
එමෙන්ම යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාව අනුව ඉදිරියේදී ජනාධිපතිවරණ පැවැත්වෙන්නේ නැහැ. ජනාධිපතිපත්කර ගැනීමට මහජනතාවට තිබෙන්නාවූ අයිතිය පාර්ලිමේන්තුවට පැවරෙනවා. ඒ අනුව මෙම ආණ්ඩුව ඉදිරියේදී මැතිවරණ පැවැත්වීමට කිසිම සූදානමක් නැති බව ඉතාම පැහැදිලියි.
19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තා සංශෝධනය අනුව නැවත වරක් ජනාධිපතිවරණයකට තරඟ කිරීමට තමන්ට හැකියාව තිබේදැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා බැලීමට හිටපු ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා. 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාවෙන් දැනට පවතින විධායක ජනාධිපතිධූරය සම්පූර්ණයෙන්ම වෙනස්වූවා මිස එය සංශෝධනය වූයේ නැහැ.
ජනාධිපතිධූරය බිහිකරන වගන්තිය 19වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාවෙන් සම්පූර්ණයෙන්ම කිරීම නිසා අද තිබෙන්නේ අලූත් ජනාධිපතිධූරයක්.
19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාවේ 8 වැනි පරිච්ඡේදයෙන් ජනාධිපතිධූරයේ බලතල බොහෝමයක් වෙනස් කළා.
ඒ අනුව අද තිබෙන්නේ ජේ. ආර් ජයවර්ධන මහතා විසින් නිර්මාණය කළ විධායක ජනාධිපතිධූරයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ජනාධිපතිධූරයක්. ජේ.ආර් ජයවර්ධන මහතා විසින් නිර්මාණය කළ ජනාධිපතිධූරය අනුව කැබිනට් ඇමතිවරුන්පත් කිරීමේදී ජනාධිපතිවරයා අගමැතිවරයාගෙන් විමසීමට අවශ්‍ය නැහැ.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
‘ජනපති ධූරයේ සිටි අයට යළි තරග කළ නොහැකි බව 19 වැනි ව්‍යවස්ථාවේ නෑ’
දිමුත් Monday, 20 August 2018 10:46 AM
19 වැනි ව්‍යවස්ථාවක් කොහෙද තියෙන්නේ? එක ව්‍යවස්ථාවයි තියෙන්නේ. අනේ මෙහෙමත් මහාචාර්යවරු!
RNG Monday, 20 August 2018 02:09 PM
දන්නේ නැත්නම් මෝඩකම, ගොන්කම ප්‍රදර්ශනය නොකර ඉන්න. ලංකාවේ තියෙන්නේ දැන් 19වෙනි වතාවට වෙනස් වූ ව්‍යවස්ථාව.. ඒක නිසයි එහෙම කියන්නේ...
රන්ජන් Monday, 20 August 2018 11:00 AM
රන්ජන්ට මෙය හොඳ සාක්කියක්. නීතිය දන්නා මහාචාර්යවරු වංචාව, බොරුව මගින් ජනතාව මුලා කිරීම...
බද්රානි Monday, 20 August 2018 11:12 AM
ව්‍යවස්ථාව කෙසේ වෙතත් විකෘති ජාන සහිත අඥාන, අමන උගත්තු පිරිසක් වගේම, බහිරව යෝගයෙන් උපත ලද පාලකයින් රැලක් වර්තමානය තුළ, අප රට තුළ දකින්න ලැබෙනවා. වත්මන් සමාජ පරිහානියට හේතුව වන්නේද මේ බහිරවයින්ගේ නොමනා ක්‍රියා කලාපය බවට කිසිදි විවාදයක් නැහැ...
naradha Monday, 20 August 2018 11:35 AM
මේ අයට ඉතින් මහින්ද රාජපක්‍ෂගෙන් තොර පැවැත්මක් නැති නිසා, පැය 24ම හීන දකින්නේ මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති කරවීමටයි.
ධනුෂ්කMonday, 20 August 2018 02:38 PM
මේ රටේ ජනතාව එක දෙයක් කල්පනා කල යුතුයි. රටක් ගොඩනගන්න අඩිතාලම දැමිය හැකි සුදුසු අවස්ථා කීපයක් පවතී. විප්ලවයක්, ස්වාධීනත්වය ලැබීමක්, යුධ ජයග්‍රහණයක් හෝ පුලුල් සමාජ පෙරලියක් සිදුවන අවස්ථාවක්... අලුත් යමක් ගොඩනගන්න පරණ දේ කඩා විනාශ කළ යුතුයි. එ්ක හැමවෙලේම කරන්න බෑ. අපේ රටේ එවැනි අවස්ථා දෙකක්... එනම් නිදහස ලැබීම හා 2009 යුද ජය හඳුනා ගත හැකිය. නමුත් මේ එකක්වත් අපේ පාලක දෙපිරිස රට වෙනුවෙන් යොදාගත්තේ නෑ. මහින්ද මහතාට හැකියාව තිබුණා යුද්දෙන් පස්සේ ඔහුට ලැබුණු මහජන අවනතභාවය හා ගරුබිය මත මේ රට ගොඩනගන අඩිතාලම ව්‍යවස්ථානුකූලව දමන්න. නමුත් සිදුකලේ කුමක්ද? ඔහු දැන් අැවිත් මොනවා කරන්නද? පරණ දේවල්ම තමයි..
dhamneth Monday, 20 August 2018 11:37 AM
විධායක ජනාධිපතිධුරය අහෝසි කරනවා කියා අනූව දශකයේදී ඔයා කටින්ම කිව්වා මතක නැද්ද?
chamila Monday, 20 August 2018 12:46 PM
මු කුඩු ගහලද? කසිප්පු බිලද?
Jaya Monday, 20 August 2018 12:57 PM
පුදුම වැඩේ කියන්නේ මෙතන ඔක්කොම ඉන්නේ මහින්ද විරුද්ධ වාදීන්. හැබැයි ඡන්දයක් තිබ්බම මහින්ද දිනුම්...
ධනුෂ්කMonday, 20 August 2018 02:19 PM
අැයි ඔබතුමාට 2015 ජනවාරි 08 අමතකද? මතක තියාගන්න ඉන්පසු පැවැති මැතිවරණවලදී මහින්ද පිල දිනුවේ... ඔවුන් යහපත් නිසා නොව පත් වූ අාණ්ඩුවේ අඳබාලකමත් සමග ජනතාවට වෙන මගක් නොමැති නිසා මහින්ද පිල දිනුවා. එය හුදෙක් අාණ්ඩු විරෝධයක් වින ඔවුන්ගේ යහපත්කමක් නොව. එතන ඉන්නේ සුපුරුදු තක්කඩින්ය. මම හිතනවා මෙම දෙපිරිසම අතහැර තෙවන බලවේගයක් වටා ජනතාව රැස්වේවි... හැබැයි ටිකක් කල් යයි. දේශපාලන හා සමාජ පරිවර්තනවලට ටිකක් කල් ගතවෙනවා.
rohana Monday, 20 August 2018 12:58 PM
මෙයාට මොකුත් කියන්න එපා... එයා වයසයිනේ. එයාට දැන් මතක නැහැ....
Hafeel Monday, 20 August 2018 01:37 PM
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසන්න පුළුවන් වෙන්නේ බලයේ ඉන්න ජනාධිපතිට පමණක් බව ඊයේ විජේදාස ඇමැතිතුමා කියා තිබුණා.
Saman Monday, 20 August 2018 05:24 PM
එතකොට මේ වගන්තිය අර්ථ දක්වන්නෙ කොහොමද ? 19 වන සංශෝධනයේ 4 (2) වන ව්‍යවස්ථාවේ මෙසේ දක්වා ඇත. “ජනතාව විසින් ජනාධිපති ධූරයට දෙවරක් තෝරා පත් කර ගනු ලැබූ තැනැත්තෙකු ජනතාව විසින් නැවත එකී ධූරය සඳහා තෝරා පත් කර ගනු ලැබීමට සුදුස්සෙකු නොවන්නේය.”
Susil Tuesday, 21 August 2018 02:13 AM
උගත්කම 'වහල්කමට' යට කල අයෙක්.