IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ජනපති මෛත්‍රී ලබන සතියේ සීෂෙල්ස් සංචාරයක

(තිළිණි ද සිල්වා)
 
දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ලබන සතියේ සීෂෙල්ස් දූපත් බලා පැමිණෙන බව එරට විදේශ සේවා කාර්යාලය අද (03) නිවේදනය කළේය.
 
ඒ අනුව ලබන 08 වැනිදා සිට 10 වැනිදා තෙක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එරට සංචාරයක නිරත වන බවද එහි වැඩිදුරටත් සඳහන් වේ. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමඟ ඉහළ පෙළේ දූත පිරිසක්ද මෙම සංචාරයට එක්වීමට නියමිතය.
 
දෙරට අතර තානාපති සබඳතා වර්ධනය කිරීමේ අරමුණෙන් සී ෂෙල්ස් ජනාධිපති ඩැනී ෆුරේ මහතා  කළ නිල ආරාධනයක් පිළිගනිමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙම සංචාරයේ නිරත වන බව එරට විදේශ සේවා කාර්යාලය කියා සිටී.
 
සී ෂෙල්ස් සහ ශ්‍රී ලංකාව අතර තානාපති සබඳතා ආරම්භ කර හෙටට (04)  වසර 30 ක් සපිරෙන අතර 2013 වසරේ දී එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් ස්ථාපිත කෙරිණි.
 



අදහස් (14)

ජනපති මෛත්‍රී ලබන සතියේ සීෂෙල්ස් සංචාරයක

Uditha -London Wednesday, 03 October 2018 12:28 PM

අගමැතිතුමා එහෙන් රට යනවා.. ජනාධිපතිතුමා එහෙන් රට යනවා.. හෙට අනිද්දා බලය නැති වෙන්න කලින් මේ ගොල්ලෝ රටවල් ටිකේ ඇවිදලා කරලා බලා ගන්නවද කොහෙද...? බලය තියන වෙලාවේ එහෙමවත් දෙයක් කර ගන්න ඕනනේ..

:       0       162

sam Wednesday, 03 October 2018 01:09 PM

මෙයා වැඩියෙන්ම ඉන්නේ අහසේ...

:       0       80

sugandhi Wednesday, 03 October 2018 01:23 PM

දෙන්නම එකයි.. එක්කෝ ඉන්නවා නැතිනම් පිටරට....

:       0       50

සතයපාල Wednesday, 03 October 2018 01:41 PM

තානාපති කාර්යාලයක් ඇති කෙරුවේ දෙරට අතර සම්බන්ධතා වර්ධනය කර ගන්න තමයි. ඒකට අායේ රාජ්‍ය නායකයෝ එහේ දුවන්න ඕනෑ නැහැ. එහි තානාපති කාර්යාලයේ නිලධාරින්ගෙන් ඒ වැඩේ හරියට කෙරෙන්නේ නැහැ කියලා හිතෙනවා නම් ප්‍රශ්නයක් නැහැ.. ශී ෂෙල්ස් තනාපති වෙලාම යන්න තිබුණා. ඇත්තම කතාව සමහරවිට අපේ මහා රජ්ජුරුවන්ට වගේ ශී ෂෙල්ෂ්වල බැංකු ගිණුමක් අරඹන්න හිතිලද දන්නේ නැහැ...

:       7       160

Raveendra Wednesday, 03 October 2018 01:57 PM

මෙයා විතරක් නොවේ අරයත් නිතරම උඩම තමා ඉන්නේ මෙයා... අපි මේ දෙන්නටම මෙහෙම යෝජනා කරමු මොකද දෙන්නටම පහසුයිනේ. දෙන්නගේම ඇදුම් කෑලිටික ගුවන්තොටුපලේ පෙට්ටියක දාලා තිබ්බනම් ඇදුම් කෑලි කරගහගෙන යන්න ඕනේ නැහැනේ. එතැනින්ම ගත්ත ඇඳුම් කෑලි ටික ගියා අහස් යාත්‍රාවට...

:       600       29

wishwa Wednesday, 03 October 2018 01:59 PM

කෙහෙල් කොලේ බත් ගෙදරින් ගෙනත් කනවා... කියූ පොර නේද මේ සතියට තුන් පාරක් රට සවාරි ගහන්නේ. සවාරි ගහනවා .... තව මාස කීයද? කකුළුවා යන්නේ කෙලින් නේද? හැබැයි කවුරු කවුරුත් මතක තියාගත්තොත් හොඳයි අපේ රීරි මාංස උරාගෙන බීලා මේ ආත්මේ සුර සැප විඳින අයට ආත්ම අසංඛයක් ගෙව්වත් ඔය ණය ගෙවා නිම කරන්න බැරි බව...

:       0       119

RaveendraWednesday, 03 October 2018 03:02 PM

විශ්ව මයා වෙත, ඔබ අදහස් කලේ ඇටිකෙසෙල් කොළද? නැත්නම් ඇටි කෙසෙල් කාපු ගවයින් ගැනද?

:       0       39

සතයපාල Wednesday, 03 October 2018 02:00 PM

ඔවා දෙනු පරහට.... තමන් සම්මතෙහි පිහිටා සිට.... දුසිරිත් දනන් දෙන... ඔවා වැද්දන් දෙසන බණ වැනි.. කියලා ලෝකෝපකාරයේ සඳහන් වෙලා තියෙන්නේ මෙයා ගැනම වෙන්න ඕනෑ...

:       0       67

sirimal Wednesday, 03 October 2018 02:02 PM

ඔය ගමනේදී ජනවාරි 15 දවස්වල මිහින් ලංකා යානයක් පුරවාගෙන සී ෂෙල්ස් වලට අරගෙන ගියේ මොනවාද? එහෙ ලංකා බැංකු ශාඛාවක් ඇරියේ මොකටද කියලා අහල බැලුවොත් වටිනවා.

:       132       5

සනත් Wednesday, 03 October 2018 03:06 PM

සීෂෙල්ස් යන්නේ කලුසල්ලි සුදුකරන්න කියලයි මම නම් අහලා තියෙන්නේ...

:       3       54

Chanak Los angelesWednesday, 03 October 2018 08:56 PM

ඔබ හරි, එම රටෙන් අපේ රටට ගතයුතු යමක් නම් නැත. අරමුණ සබඳකම් නොවේ. ඒ වගේම එම රටේ ඉඩම්නම් සල්ලිකාර විදේශිකයින්ට ගත හැකියි. අපේ හිටපු රජතුමා ඒ ගැන දන්නවා. එයාගේ එහා පැත්තෙන්ම මෙයත් ගනියි. නමුත් බලයට ආවේ නාස්තිය පිටුදකිනවා කියලයි. ඔන්න දැන් පවුලේ නඩයම ජනතා බදු මුදලෙන් පිටරට වන්දනාවේ.. අනේ කාලේ වනේ වාසේ ..

:       0       0

OMG Wednesday, 03 October 2018 03:49 PM

අනේ අම්මපා තව රටවල් කීයක් විතර තියෙනවද සංචාරය කරන්න? ගහමුද ප්ලෑනක් ඉතුරු රටවල් ටිකත් කවර් කරන්න. අහසේ මාලිගාවක් හදලා නවතින්න බැරිද ඉතුරු ටික කාලෙට..?

:       0       4

Amila Thursday, 04 October 2018 02:38 AM

සිෂේල් වලින් රටට තියෙන වාසිය මොකක්ද ?

:       0       0

maal Thursday, 04 October 2018 02:53 PM

සීෂෙල්ස් රාජ්‍යයේ ශ්‍රී ලංකා වැසියන් සිටින්නේ 150 ක් පමණ බව ඔබ දන්නවාද? මහින්දට තව කෙනෙකුගේ නමින් එම රටේ සුඛෝපබෝගි මන්දිරයක් සහිත දිවයිනක් තිබෙන බව මෛත්‍රි දන්නවද? MR ගේ කාලේ BOC ශාඛාවක් එහි විවෘත කරනකොට ලංකාවේ අය 98 දෙනෙක් පමණක් සිටි බව කී දෙනෙක් දන්නවාද? මහින්ද සල්ලි රට යවපු තව හොර මාර්ගයක් වුනේ මේ සීෂෙල්ස් BOC එකයි. මිහින්ලංකා වලින් දාපු සීෂෙල්ස් ෆ්ලයිට්වල 25%ක් වත් සෙනඟ හිටියේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

තරුණයාට දස වද දුන් පොලිස් ලොක්කෝ 3ක් ගෙදර
2025 පෙබරවාරි මස 05 65 0

අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක


දිමුත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
2025 පෙබරවාරි මස 05 56 0

ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක, ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිලවශයෙන් අද (5) නිවේදනය කළේය.


විටමින් පෙත්ත සිසුන් 18 රෝහලට යවයි
2025 පෙබරවාරි මස 05 115 0

පාසලෙන් ලබා දුන්නේ යැයි කියන විටමින් පෙති පානය කිරීමෙන් පසු ආසාත්මික තාවයක් හේතුවෙන් සිසුන් 18 දෙනකු ප්‍රතිකාර ලබාදිම සදහා අනුරාධපුර පයිරිමඩුව ප්‍රා


රටේ හැමෝම නීතියට යටයි
2025 පෙබරවාරි මස 05 402 0

ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් නොවෙයි මේ රටේ කිසිවකුටත් නීතියට උඩින් යා නොහැකි බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.


මන්ත්‍රීවරුන්ට වාහන දෙන හැටි නලින්ද කියයි
2025 පෙබරවාරි මස 05 592 2

ජාජබ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දෙන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


විපක්ෂයේ හැමෝම සජිත්ගේ නිවෙසට
2025 පෙබරවාරි මස 05 674 3

පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 771 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 740 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site