(සිතුම් චතුරංග)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යාපන සංචාරය අතරතුර දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලමින් විරෝධතාවක් පැවැත්වූ අතර ඒ අසලින් ගමන් ගත් සිරිසේන මහතා මදකට නතර වී එම විරෝධතාකරුවන් හමු විය.
නඩු නොමැතිවම රිමාන්ඩ් කර වවුනියාව බන්ධනාගාරයේ සිට අනුරාධපුර බන්ධනාගාරයට යවා තිබෙන දෙමළ සිරකරුවන් තිදෙනකු යළිත් වවුනියාව බන්ධනාගාරයට ගෙන එන ලෙස ඉල්ලමින් පිරිසක් අද දිනයේ යාපනයේදී උද්ඝෝෂණයක නිරත වූහ.
නඩු නොමැතිව සිර බාරයේ සිටින සිරකරුවන් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස විරෝධතාකරුවෝ ජනපතිවරයාගෙන් ඉල්ලූහ.
එහිදී ජනපතිවරයා පැවසුවේ ඉක්මණින් සාකච්ඡාවක් ලබා දෙන බවයි.
ඊට පිළිතුරු දෙමින් විරෝධතාකරුවන් පැවසුවේ නඩු කිහිපයක් සම්බන්ධයෙන් මේ වන විට සත්‍යග්‍රහයක නිරත වන තිදෙනා සම්බන්ධයෙන් මුලින් විසඳුමක් ලබා දෙන ලෙසයි.
ජනපතිවරයා හින්දු විද්‍යාලය වෙත පැමිණෙමින් සිටි මග දෙපස කළු කොඩි ඔසවමින් රැඳී සිටි මෙම පිරිස අතරට ගිය ජනපතිවරයා ප‍්‍රකාශ කළේ උතුරේ වේවා දකුණේ වේවා ඕනෑම අයෙකුට ප‍්‍රශ්න තිබේනම් එකම මේසයක වාඩිවී සාකච්ඡා කිරීමට තමා සූදානම් බවයි.
එම විරෝධතා සම්බන්ධයෙන් අධිකරණයෙන් තහනම් නියෝගයක් පනවා තිබූ අතර යාපනය අධිකරණය ,යාපනය හින්දු විද්‍යාලය හා යාපනය ආණ්ඩුකාර කාර්යාලය අසල විරෝධතා පැවැත්වීම තහනම් කරමින් එම අධිකරණ නියෝගය පනවා තිබිණි.
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ
ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්
ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ජනපති යාපනයේ විරෝධතාකරුවෝ හමු වෙයි
Kapila Saturday, 14 October 2017 11:51 AM
මේ කට්ටිය අත්අඩංගුවට නොගන්නේ ඇයි ? උද්ඝෝෂණය කරන පොදු විපක්ෂයේ කට්ටිය විතරද තහනම් නියෝග කැඩුවා කියල අත්අඩංගුවට ගන්නේ? මේකද යහපාලනය?
RaveendraSaturday, 14 October 2017 04:49 PM
කපිල මයා වෙත, ඔබගේ අදහස්වලට අපද ගරු කරන්නෙමු . නමුත් මෙය එක්තරාකරයක නාට්‍යක් නොවේද ??? සැලසුම් සහගතව කල රග පෑමක් වියහැක. අනාගතයේ දී මෙම තිරනාටකය ලියවුනේ සහ දෙබස් පිලිබදව අප හට දැක ගැනීමට හැකි වනු ඇත.රොත්ත බුරුත පිටින් වටකරගෙන වෙනත් පැතිවල යන අය එකවිට එසේ සෙනග ලගට යන්නේ කෙසේද ???? විරෝදකරුවන් එකවිට මොහුලගට ලගාවුනේ කෙසේද ???? මේවා නියම නාටක නොවේද ??? එය සත්‍ය වශයෙන් සිදුවුනි නම් මොහුගේ ආරක්ෂාවේ විශාල අඩුපාඩුවක් ඇත.
bamunu Monday, 16 October 2017 01:46 AM
කපිල මයා වෙත,මෙයාගේ ආරක්ෂාවේ කිසිම අඩුවක් නැත මේක රංග දැක්වීමක් නිසා මෙයාගේ ආරක්ෂාව ද්‍රවිඩයන් විසින්ම සලසා ඇත. මේ ගොනාට අන්දන්නෙ ගොන් සින්හලයින්වය. මෙයාව මරන්න පැමිණි ත්‍රස්තයාට මෙයා සමාව දුන්න නමුත් ඒ ත්‍රස්තයගේ බෝම්බෙන් මැරුන අර මිනින්දෝරු මහතාට වුන අසාධාරනය ගැන මෙයා මොකද කියන්නේ? මේ සංදර්ශන ඒගොල්ලන්ටම හොඳයි. ලබන සැරේ දෙන්නනම්.
sathyapalaSaturday, 14 October 2017 08:21 PM
මේ වැරදීමකින් එතනින් ගියා කියලද හිතන්නේ? මේවා නාටක. රටක ජනාධිපති "වැරදිලා" "කුපිතවූ මහජනතාව" කරන උද්ඝෝෂණයක් මැදින් ගිහින් බැහැල ඒ අතරට යනවා.මේ කලින් කතාකරගත් විදිහට කරපු රංගනයක්. සර් මෙහෙම එන්න. මෙන්න මෙතන අපේ විශ්වාසවන්ත එවුන්ටිකක් වෙනම කෑගහමින් ඉන්නවා.එතටට ඇවිත් බහින්න. ඔන්න තිර රචනය. දැක්කේ නැද්ද ඔය උද්ඝෝෂකයෝ සහ පොලිසිය බොහොම සහයෝගයෙන් එකට හිටපු විදිහ. හැබැයි හැදුවේ සටන් පිරි වීර නාටකයක් කියලහිතාගෙන ඒත් ප්‍රසිද්ධ "කොමඩියක්" වුනා
ධම්මික Saturday, 14 October 2017 11:52 AM
උතුරේ විරෝධතාකරුවෝ හමුවෙනවා. දකුණේ විරෝධතා කරුවෝ හිරේ දානවා. අපූරු යහපාලනේ....
parakkrama Saturday, 14 October 2017 12:18 PM
කට කහනවාට මොනවා හරි කියන, අඩුම තරමින් දෙමල ඩයස්පෝරාවට බන්දේසියේ තියලා දෙන්න යනවා වත් කියන, අර්ථ ශුන්‍ය අදහස් දමන, නම දාගන්න දඟලන කොමෙන්ට්කාරයෝ තවම මේක දැකලා නැති එකයි පුදුමේ!!! මේ සිද්ධියත් එක අතකින් ඇතැමුන්ට පුදුම උපදවන්නක් වෙයි.
Sahan Saturday, 14 October 2017 12:53 PM
ජනාධිපති හම්බන්තොට විරෝධතාකරුවන් හමුවෙන්නේ කවදාද?
saman Saturday, 14 October 2017 01:25 PM
...ඒ අසලින් ගමන් ගත්..... කීවේ ළඟදී පත්තර බලලා නැහැ වගේ. මොකුත් දන්නෙම නැතිව අසලින් ගිහින් තියෙන්නේ. මොකද යාපනේ විරෝධතාවය ගැන අපි නම් පත්තර, රුපවාහිනී බලලා දැනුවත් වෙන තරමින් වත් මෙයා දැනුවත් වෙලා නැහැ වගේ. රටේ අනිත් පැතිවල ආපදා විපත් වෙනවා. එතකොට ඒ අසලින් ගමන් ගන්නවත් කව්රුත් නැහැ. තොත්ත බබා.
arnold Saturday, 14 October 2017 02:45 PM
දකුණේ විරෝධතා කරන අය අතරටත් ගිහිල්ලා ඒ යටත් ප්‍රශ්න වලට විසඳුම් දුන්නොත් කොච්චර වටිනවද.? එහෙම නැති වුණොත් අපිට හිතේවි " ඒ අයට රජෙක් ඇත්තේ අපට එහෙම නැත්තේ කියලා "
ruchira Saturday, 14 October 2017 03:52 PM
අධිකරණ තහනම් නියෝග කඩකරපුවාම අත්අඩංගුවට ගන්නේ දකුණේ විතරද?
asanka Saturday, 14 October 2017 10:55 PM
කලින් කිවුවා වවුනියාව අධිකරණයෙන පමණක් නඩු දන්නා කියල, දැන් කියනවා වවුනියාව බන්ධනාගාරයට යවන්න කියල, මොකද වවුනියාවම ඉල්ලන්නේ ? . ලොකු සැඟවුණු හේතුවක් ඇති ඒකට..............
asanka Saturday, 14 October 2017 10:57 PM
මස් රාත්තලම දීලා චන්ද ටික ගන්නයි තියෙන්නේ.
!anura Sunday, 15 October 2017 08:53 AM
අනේ බොරු කියන්න එපා. ඔයා එයාලට බයයි නේද?
Upul Sunday, 15 October 2017 03:33 PM
මාව මරන්න ආපු කෙනාවත් මම නිදහස් කළා. ඔයාලව මරන්න ආපු කොටින්වත් මම නිදහස් කරනවා. මම යහපාලනයේ හොඳේ...
vipula Monday, 16 October 2017 05:17 AM
සිංහලයන් ගැන බලන්නේ නැත්තේ ඒ අය කෑලි කෑලි වලට බෙදිලා ඉන්න නිසා අනෙක් අය ඒ වගේ බෙදිලා නැහැ. ඉතින් චන්ද බලල වැඩ කරනවානම් මේක තමයි නියම ක්‍රමය. ඔබ අපි විරුද්ද වුන කියල වැඩක් නැහැ.