IMG-LOGO

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා


ජනපති හමුවෙන්න අගමැති යනවාලු

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවැත්වීමට නියමිත විශේෂ හමුවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ස්ථිර වශයෙන්ම සහභාගි වන බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය. 

කතානායක කරූ ජයසූරිය මහතාද සහභාගි වන මෙම රැස්වීම ස ඳහා තමන්ට සහභාගීවීමට නොහැකි යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිල වශයෙන් දැනුම් දුන් බව ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක මහතා ‘ලංකාදීප’ යට පවසා තිබිණ. 

එසේ වුවත් අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ අගමැතිවරයා ස්ථිර වශයෙන්ම ජනාධිපතිවරයා හමුවට යන බවයි. 



අදහස් (8)

ජනපති හමුවෙන්න අගමැති යනවාලු

saman Sunday, 18 February 2018 11:44 AM

අපිත් ඉස්සර ඔහොම එක එක්කෙනාගේ පස්සෙන් ගියා. එක්කෝ රස්සාවක් හදා ගන්න. එහෙමත් නැත්තන් උසස්වීම්, මාරුවීම් හදාගන්න. ඒ ඉතින් අපි බලපුළුවන් කාරයෝ නොවූ මධ්‍යම පාන්තිකයෝ වූ නිසා... එ්ත් දැන් මේ "අගමැති" කියන තානාන්තරේත් මොකක්ද කියලා තේරුම් ගන්නත් අමාරුයි මේ සිදුවෙන සිදුවීම් නිසා.

:       163       463

Ruwani Sunday, 18 February 2018 11:55 AM

මොනවාද ලංකාවේ වෙන්නේ? තිබුණේ ගමට නියෝජිතයින් පත්කරන ඡන්දය. නමුත් ජාතික ඡන්දය වගේ වැඩ කරන්නේ. එහෙනම් අගමැති වගේම ජනාධිපති ඉල්ලලා අස්වන්න. එතරම් අවබෝධයක් නැතිනම් මහ ඡන්දය තියන්න.

:       0       510

sirimal Sunday, 18 February 2018 01:13 PM

අද රට කරවන්නන් මුහුණ දී ඇත්තේ, නිතර දෙවේලේ ප්‍රචාර කෙරෙන කටකතා විශ්වාස කරමින් එකිනෙකා මඟ හරිමින් නෝක්කාඩුවෙන් කල්මරන්න සුදුසු කාලයක් නොවේ. පළාත් පාලන මැතිවරණ තුළ රජයේ පාර්ශවකාර පක්ෂ දෙකටම සුබ ලකුණු නොපෙන්වීමට ජනතාව තීරණය කළබව නායකයින් දෙදෙනාම පිළිගත යුතුය. රටේ ගොඩ නැගී ඇති දේශපාලන වාතාවරණය හරිහැටි කිරා බලා අලුත් ගමනක් ඇරඹීමට සුදුසුම අවස්ථාවක් දැන් එළඹී ඇත. පෙර පැවති පාලන සමයේ දැමූ හැංගිමුත්තන් සෙල්ලම් නැවත ස්මරණය කර සාරාණීය සුවයක් ලැබීම විනා, නැවත් එවැනි සෙල්ලම් සඳහා ඉඩ වෙන් කරගැනීමට සිතියයුතු නැත. ඒ සෙල්ලම් ලෙල්ලම් වුනේ ඒවා ගැන දිගට හරහට විවේචනය කර කර හිටියා මිස, ඒවාට නිසි පිළිතුරක් ලබා නොදීම නිසා බව දැන්වත් පිළිගත යුතුව ඇත. පතුලක් නොමැති සල්ලි පෙට්ටි ඇති මිනිසුන්ට "බහුතර" අටමඟලය අටවා ගන්න එක කජ්ජක් නොවන බව කලින් සිද්ධ වුන දේවලින් වටහා ගත යුතුය. පුද්ගල වන්දනාව වෙනුවට රටේ මතයෙන්, දැනුමෙන් සහ තොරතුරුවලින් සන්නද්ධ පුරවැසියන් පිරිසක් බිහි කලයුතුය. අරයා ආවොත් මාව මරයි කියා ඇස්, කන් පියවාගෙන ගැහිගැහී ඉඳීමට මේ කාලය නොවේ. එහෙම කළොත් වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ රෙදි ගැලවී ඒකාධිපතිවාදයක් බිහිවීමය.

:       61       209

ජගත් ලියනගේ Sunday, 18 February 2018 01:33 PM

පුදුම උනන්දුවක් නේද තියෙන්නේ? ඔය ගැම්ම රට හදන්න පාවිච්චි කළා නං අද ලංකාව සුර පුරයක්...

:       0       67

mahinda Sunday, 18 February 2018 01:45 PM

මාධ්‍යය ටිකක් ඉවසලා හිටියොත් හොඳ නැද්ද? කලබල විදියට එක එක කියලා රට කළඹවන්නේ නැතුව.. පක්ෂවලට සාකච්ඡා කරලා රට වෙනුවෙන් විසඳුමක් ගන්න ඉඩ දෙන්න.

:       0       67

Saman Sunday, 18 February 2018 03:02 PM

ඔය ශිරාල් තමයි ඔක්කොම අවුල් කරන්නේ, රනිල් එක්ක තියෙන වෛරය පිරිමහගන්න.

:       2       58

FERNANDO Sunday, 18 February 2018 03:38 PM

මේ බඩගොස්තර වාදි දෙශපාලනය නවත්වල රටට වැදගත් දෙයක් කරොත් නේද හොද

:       0       0

Perera Sunday, 18 February 2018 05:40 PM

පේනවද අවුල කොහොමද කියලා? එජාපෙ වම් අත කරන දේ දකුණ අත දන්නේ නැති තත්වයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

සරසවි හයක කොට උඩ ගිය ඉදිකිරීම් යළි අරඹයි
2025 පෙබරවාරි මස 05 83 0

මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්


ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 835 1

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 771 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 220 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 218 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 867 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 776 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site