IMG-LOGO

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා


ජනපති හමුවෙන්න විමල් යයි

(නාලක සංජීව දහනායක)
 
බෙදුම්වාදීන් විසින් සකස් කරන ලද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා පැකේජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර කැබිනට් මණ්ඩලයේදී අත්හිටුවන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අද (11) පැවසීය.

එමෙන්ම ලැබුණු ජනවරම අනුව මේ සම්බන්ධයෙන් සියළුම දේශපාලන පක්‍ෂ සම`ග නව කථිකාවතක් අරඹන ලෙසද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව ඔහු කීවේය.

ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර , වීරකුමාර දිසානායක, නිරෝෂන් පේ‍්‍රමරත්න යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුද පක්ෂයේ ප‍්‍රධාන ලේකම් ප‍්‍රියන්ජිත් විතාරණ, මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

ඡායාරූප  ජනාධිපති මාධ්‍ය අංශය

 

(ඡායාරූප ශාන්ත රත්නායක)



අදහස් (13)

ජනපති හමුවෙන්න විමල් යයි

TILAK Wednesday, 11 October 2017 04:13 PM

ජනාධිපතිතුමාට යම් අලුත් දෙයක් ගැන සිතන්න පුළුවන් වෙයි.

:       444       419

kanishkaThursday, 12 October 2017 01:27 AM

තමන් ගැන,තමන්ගේ ආගම ගැන තමන්ගේ ජාතිය, තමන්ගේ කුලය ගැන කතා කරන්න කාටත් පුළුවන්. එය තනිකරම ජාතිවාදය. ආගම් වාදය. තමන්වාදය.

:       522       174

erdi Wednesday, 11 October 2017 04:50 PM

බෙදුම්වාදීන් කියන්නේ දකුණු ඉන්දියාවේ කට්ටියක්ද නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව හදල තියෙන්නේ.ඒකත් සිංහලයො තමා කෙටුම්පත් කරල තියෙන්නේ. ව්‍යස්ථාවේ සංශෝධන කරනවනම් ඒකට රටේ වැදගත් අය පත්කරන්න.

:       305       359

ravin Wednesday, 11 October 2017 05:26 PM

ජනාධිපතිතුමනි කරුණාකර මේගොල්ලෝ එක්ක කරපු සාකච්චාව අකුරක් නෑර රට හමුවේ කියන්න.

:       145       328

Rohitha Wednesday, 11 October 2017 06:34 PM

හොදඊ ලගදීම අපිට තව උපවාසයක් බලාගන්න පුළුවන්!

:       105       100

s.perera Wednesday, 11 October 2017 09:41 PM

විමලේ වෙනගේමක් ගහන්නේ මේ , නව කතිකාවක් , මෙයාගේරෙද්දේ කතිකාව මෙයාට වුවමනා ඔයවැඩේ කඩාකප්පල් කරන්න

:       253       250

වින්සන්ට් Wednesday, 11 October 2017 10:07 PM

මේ වෙනකොට ශ්‍රී ලංකාවේ බොහෝ දේශපාලකයන් " දේශපාලන හිඟන්නන්" බවට පත්වෙමින් සිටි. හිඟන්නෝ තමන්ගේ පැවැත්ම ගෙන යන අකාරයටම සමහර දේශපාලකයන් තමන්ගේ පැවැත්ම ගෙනයන බවක් අපට පෙනෙන්නට ඇත. වංශවත් හිඟන්නෙක්ද එහිදී අපි දකින්නෙමු .

:       337       359

Saman Thursday, 12 October 2017 05:09 AM

අනේ, විමලේ මොකද උනේ ? අන්තිම රැස්වීමෙදීත් අප්පච්චි ඉස්සරහ තියාගෙන කිව්වෙ " අයියෝ, සිරිසේන " කියල නේද ? දැන් රෙදි ඇඳගෙනද හම්බවෙන්න ගියේ ?

:       704       1000

roshan fernando Thursday, 12 October 2017 05:40 AM

සමන් ගේ අදහස හරි

:       4       23

Shan Thursday, 12 October 2017 06:17 AM

කාලේ නාස්ති කිරීමක් විතරයි.

:       0       25

ranjana silva Thursday, 12 October 2017 06:32 AM

සිරිසේන........ සිරිසේන ............ කෝ මේ සිරිසේන.........

:       0       52

නුවන් Thursday, 12 October 2017 07:37 AM

කවුරු මොනව කිව්වත් එක දෙයක් දැනගන්න ඕන. මේ අලුත් ව්‍යවස්තාවෙන් පොදු ජහමනයාට වෙන සෙත කිම?

:       61       77

weera wickrama Thursday, 12 October 2017 08:52 AM

මේ අවස්ථාව ඉතාමත් තීරණාත්මකයි.පක්ෂ වලින් තොරව ඇත්ත තත්වය තෝරා නොගත්තොත් ගස්.අරයට මෙයට මද ගහ ගහ ඉන්නේ නැතිව තියෙන භයානක කම තේරුම් ගත යුතු වෙනවා. සමහර විට ජනාධිපති තුමාටත් අප ශක්තියක් දිය යුතුව ඇති බව පෙනෙනවා. වෙන්න යන්නේ මොකද කියල 4 පන්තියේ ළමයෙකුටත් තේරෙනවා.මේ වෙලාවේ යන්තම් හරි රටක් ඕනේ කියල හිතෙන කට්ටිය එක පැත්තකට වෙලා 225 අතරේ බලගතු වෙලා ඡන්දෙ දෙන්න ඕනේ. එහෙම නොකරන අය ගැනයි අපි හොඳට බලාගෙන ඉන්නේ.

:       3       45

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

සරසවි හයක කොට උඩ ගිය ඉදිකිරීම් යළි අරඹයි
2025 පෙබරවාරි මස 05 71 0

මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්


ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 783 1

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 764 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 216 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 218 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 856 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 776 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site