IMG-LOGO

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා


ජනපවුරට සහය දක්වමින් ජිඑම්ඕ එක සිව් දින වැඩවර්ජනයක්

(රංජන් කස්තුරි)

මාලබේ සයිටම්  වෛද්‍ය  විද්‍යාලයට  විරෝධය දැක්වීම සඳහා  ජනපවුර  සංවිධානය මගින් පවත්වන රථ පෙළපාලියට  සහය දැක්වීම සඳහා  රජයේ වෛද්‍ය  නිලධාරීන්ගේ සංගමය හෙට (12) සිට සිව් දින වැඩවර්ජනයක් දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට තීරණය කර  ඇත.

ජනපවුර සංවිධානය මගින් පවත්වන රථ පෙළපාලිය හෙට (12) යාපනය සහ තිස්සමහාරාමය යන දිස්ත්‍රික්ක වලින්  ආරම්භ කිරිමට  නියමිත අතර  එය දින හතරක්  පුරා  ගමන් කර  15 වැනි දා කොළඹට ළඟාවීමට  නියමිතය.

ඒ අනුව රථ පෙළපාලියට සහය දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරු යාපනය, ත්‍රිකුණාමලය,මඩකලපුව, නුවරඑළිය සහ හම්බන්තොට  යන දිස්ත්‍රික්කවල වැඩවර්ජනයේ නිරත වන බව වෛද්‍ය සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය  සමන්ත ආනන්ද මහතා පැවසීය.

වවුනියාව,මාතලේ,අම්පාර,බදුල්ල,මොනරාගල සහ මාතර  දිස්ත්‍රික්කවල 13 වැනි දාත් අනුරාධපුරය, කුරුණෑගල,මහනුවර,රත්නපුර, සහ ගාල්ල දිස්ත්‍රික්කවල 14 වැනි දා වැඩ වර්ජනය සිදු කරන බව ඔහු ප්‍රකාශ කළේය.



අදහස් (11)

ජනපවුරට සහය දක්වමින් ජිඑම්ඕ එක සිව් දින වැඩවර්ජනයක්

ruwan Monday, 11 September 2017 11:31 AM

අරමුණ ඉතා පැහැදිලියි. බලය අඩු පෙදෙසෙන් පටන් අරගෙන බලය සිටින තැනින් අවසන් කර බොරුවට දින හතරක් පෙන්වීම. ඔබලත් ඔය වැනි පහත් තත්වයකට වැටෙයි කියා ජනතාව කිසිවිටක බලාපොරොත්තු වෙන්නේ නැහැ.

:       539       863

one srilankanTuesday, 12 September 2017 02:57 AM

කුහකයන්ට ඕනෑම එකක් ලියන්න පුළුවන්. යථාර්ථය අනාගත පරපුරට නිදහස් රජයේ ගුණාත්මක අධ්‍යාපනය ලබාදිය යුතුයි. මේකේ වටිනාකම බහුතර දුප්පත් දක්ෂ දරුවන්ට. ඔය කුහකව ඉන්න අයගේ දරුවොත් මේකට ඇතුලත් .මූල්‍ය ප්‍රතිලාභ පිළිබඳ පමණක් නොසිතිය යුතුයි. බොරු කයිවාරු ගහන්නේ නැතිව සිටිය යුතුයි. ආයිත් ඡන්දේ දෙන්න එකෙක් නැත.අපි තුන්වැනි බලවේගයක් උදෙසා බුද්දිමත් කොටසක් සදහා ඉදිරියේ නියෝජිතයන් පත් කළ යුතුයි. පාර්ලිමේන්තුවේ නිදිකිරා නොවැටෙන.කටමත නොදොඩවන නුවණ ඇති ජනතා නියෝජිතයෝ ලංකාවේ බිහිවේවා... කියල පතමු

:       4       27

JAMEEL Monday, 11 September 2017 11:56 AM

මේ වැඩේ හින්ද දොස්තර වරුන් තමන්ගේ ගරුත්වය පලුදු කරගත්තා. මහජන මුදලින් ඉගන ගත්ත දොස්තරලා මෙහෙම අහිංසක මිනිස්සුන්ට දඬුවම් කිරීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.

:       372       526

මම1 Monday, 11 September 2017 12:31 PM

වැඩ වර්ජනය කරන අය සේවයෙන් නෙරපා අරින්න. නොකරන අයගේ පඩිය දෙගුණ තෙගුණ කර අවශ්‍ය සේවය ලබාගන්න. හමුදා වෛද්‍යවරු සේවයට කැඳවන්න. ඉන්දියාවෙන් හමුදා වෛද්‍යවරු ගෙන්වා ගන්න. මේ කුහකයින්ට වෙන පිළිතුරක් කවදාවත් තේරෙන්නේ නැහැ.

:       233       369

RisithaTuesday, 12 September 2017 06:21 AM

මොඩ කතා, ප්‍රශ්නය විසදන්නේ නෑතිව හමුදාවේ ඉන්න වෙද්යවරු 100-150 දාලා කොහමද රටේ සෙවුක්ය සේවය පවත්වා ගෙන යන්නේ..

:       15       1

dilan Monday, 11 September 2017 12:31 PM

ඔය රථ පෙළපාලියට මහජනතාව නිසි ප්‍රතිචාර දක්වනු ඇත.

:       6       224

one srilankan Monday, 11 September 2017 04:59 PM

සියලු වර්ජන සාර්ථක වේවා. ජාතිය පිබිදේවා. සයිටම් වැසී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. සයිටම් දරුවන්ටත් රජයේ විශ්ව විද්‍යාල අනුයුක්තයක් ලැබේවා. සියලුම දරුවන්ටත්,දරුවන් වෙනුවෙන් වෙහෙසෙන සියලුම දොස්තර මහතුන්ටත් අනිකුත් සහබාගි වන්නටත් ආරක්ෂාව ලැබී සටන ජයගනිවා.

:       0       0

ලුම්බිණි Tuesday, 12 September 2017 04:10 AM

ආණ්ඩුවේ මන්දගාමී පිළිවෙත මේ දොස්තරලා තමන්ගේ වාසියට යොදාගෙන. ඇයි්‍? රෝහල් සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට පත් නොකරන්නේ?

:       1       40

dias Tuesday, 12 September 2017 04:28 AM

රථ පෙළපාලියට ජනතාව ප්‍රතිචාර දක්වාවි. ජනතාවට ජයවේවා..... වර්ජකයින් දොට්ට දමන ලෙස බලකරමු.

:       1       85

wasantha Tuesday, 12 September 2017 04:32 AM

රජය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඉක්මනින් ඇතිකිරීමට අවසර දිය යුතුයි. එහෙත් සියලුම සිසුන් සඳහා එකම අවසාන විභාගයක් පැවැත්විය යුතුයි.

:       1       63

shan Tuesday, 12 September 2017 06:19 AM

GMOA එකේ ඉන්න හොර රැල එලවල හොඳ ගුණගරුක දොස්තර වරුන්ගේ ගෞරවය රැක ගනිමු. මේ බොරු දේශපාලන වර්ජන වලට එක්වෙන්නේ නැතුව සේවයට පැමිණ මහජන ගෞරවය දිනා ගන්න.

:       0       51

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

සරසවි හයක කොට උඩ ගිය ඉදිකිරීම් යළි අරඹයි
2025 පෙබරවාරි මස 05 81 0

මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්


ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 814 1

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 770 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 218 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 218 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 863 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 776 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site