IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


ජනවාරි 08 ජයග්‍රහණයේ අයිතිකරුවන්ටත් අවස්ථාව අහිමිවෙලා - අජිත් පී. පෙරේරා

ජනවාරි 08 ජයග්‍රහණයේ අයිතිකරුවන් වන අපට එම ජයග්‍රහණය භුක්ති විඳීමට හැකියාවක් ලැබී නැතැයි නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.


‘දිනන ජනතාවගේ මැයි රැළිය‘ මැයෙන් මීට සුළු මොහොතකට පෙර එක්සත් ජාතික පක්ෂ මැයි රැළිය ආරම්භ කරමින් අජිත් පී. පෙරේරා මහතා පැවසීය.


“එම ජයග්‍රහණයේ නියම අයිතිකරුවන් වන එක්සත් ජාතික පාක්ෂිකයන් ඇතුළු රටේ ජනතාව තාමත් දුකෙන් සිටින බව පක්ෂයේ නායකත්වය දන්නවා“යැයි ඒ මහතා පැවසීය.


නිදහස් අධ්‍යාපනය ගැන කතා කරන්නට අයිතිය ඇත්තේ සී.ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නංගර මහතා හඳුන්වා දුන් නිදහස් අධ්‍යාපනය පෝෂණය කළ එක්සත් ජාතික පක්ෂයට පමණක් බවද පෙරේරා මහතා කීවේය.


එජාප මැයි දින පෙළපාලිය මරදානෙන්  ඇරඹෙයි

2017 මැයි 01 වන සඳු, ප.ව. 01:57

එජාප මැයි දින පෙළපාලිය මීට ටික වේලාවකට පෙර මරදානෙන් ආරම්භ විය. ඒ පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් ඇතුළු නායකයන්ගේ ප්‍රධානත්වයෙනි.පෙළපාළියේ ගමනාන්තය කැම්බල් පිටියයි.

කැම්බල් පිටියේ දී එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය පැවැත්වීමට නියමිතය.



අදහස් (6)

ජනවාරි 08 ජයග්‍රහණයේ අයිතිකරුවන්ටත් අවස්ථාව අහිමිවෙලා - අජිත් පී. පෙරේරා

savant Monday, 01 May 2017 10:07 AM

නියම අයිතිකරුවන්ට අවස්තාව නැත්නම් ඇයි බොරු අයිතිකරුවන් සමග ආණ්ඩු කරන්නේ.

:       1       176

ranjan Monday, 01 May 2017 10:32 AM

පව් අප්පා ! දුකේ බෑ

:       1       89

Mangala Monday, 01 May 2017 11:21 AM

හරිහමන් නායකයෙක් හිටියා නම් ඔය දුක අපිට නැහැ. තමන්ගේ බල තණ්හාව නිසා සියලු එජාප පාක්ෂිකයන්ව පාවලා දීලා තියෙන්නේ. දේශපාලන පළිගැනීම්වලට ලක්වුණ අපි තාමත් හූල්ලනවා.

:       1       23

Hafeel Monday, 01 May 2017 11:45 AM

එම ජයග්‍රහණයේ නියම අයිතිකරුවන් ඔබලානං, ඇයි එහෙනම් අඩුම තරම් ආසන 113ක් ගන්න බැරිවුණේ? යාන්තම් මෛත්‍රි මහත්තයාගේ පිහිටෙන් මෙහම හරි ඉන්නේ. ලැජ්ජයි පසුගිය ජනාධිපතිවරණ දෙකටම ඔබලාගේ පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට බයවුනානේ. ඒ කියන්නේ, ඡන්දෙට කලින් පරාජය පිළිගත්තා.

:       14       346

sathyayaa Monday, 01 May 2017 11:50 PM

ඕව මොනවාද මහත්තයෝ. යුද්දය දිනවල දුන්න කියන මහින්ද රාජපක්ෂටත් බලය අහිමිවෙලා ගෙදර යන්න උනේ. යුද්දයට නියම නායකත්වය දුන්න සරත් ෆොන්සේකාට හිරේ ලගින්න උනේ. මේ කිසිම ජයග්ග්‍රහණයක් පුද්ගලයෙකුට හෝ පක්ෂයකට අයිති නැති බවත්, එය කැපවීම හා අධිෂ්ඨානය ධජය ලෙස ඉදිරියට රැගෙන ගිය නාඳුනනා මිනිසුන් දැයේ හෙට වෙනුවෙන් කල උදාර මෙහෙයක් ලෙස හිතන්න පුරුදු වෙන්න.

:       0       0

Pradeep Liyanage Wednesday, 03 May 2017 03:06 AM

බළලුන් ලවා කොස් ඇට බාගත්තම ඔහොම තමයි. නියම විදියට ජයග්‍රහණය සමරන්න නම් තමන් විසින්ම වෙහෙසිලා ජයග්‍රහණය ලබන්න ඕන.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

May Day


මහින්ද ටාජ් සමුද්‍ර හෝටලයේ ඉහළම මාලයේ
2017 මැයි මස 01 13253 11

ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළියට සහභාගි වීමට පැමිණි හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා කොළඹ ගාලු මුවදො



“රට බෙදන ව්‍යවස්ථාව ගේනදාට ජනතාව පාරට බහිනවා - මහින්ද රාජපක්ෂ
2017 මැයි මස 01 3656 7

ශ්‍රී ලංකාව බෙදීමට ලක්කෙරෙන ආකාරයේ නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවත් ඊට විරුද්ධව සටන් කිරීමට සූදානම් බවත් කුරුණෑගල දිස්ත්‍රික් ප


ප්‍රෞඩත්වයක් තිබුණු ශ්‍රී ලංකාව දැන් ණය බරින් පීඩිත රටක් වෙලා - අනුර කුමාර
2017 මැයි මස 01 1670 16

ශ්‍රී ලංකාව ප්‍රෞඩත්වයෙන් යුත් රටක් වුවද වසර 70 ක් පුරා එය පාලනය කළ පාලකයන් අද වන විට ශ්‍රී ලංකාව ණය බරින් පීඩිත, දීනත්වයට පත්කළ ජනතාවක් සිටින රටක් බවට පත



මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 223 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 518 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 250 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site