IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ජපාන යුද නෞකා දෙකක් කොළඹ වරායට

සංචාරයක් සඳහා පැමිණි ජපාන යුධ නෞකා දෙකක් මේ වනවිට කොළඹ වරායේ නැංගුරම්ලා ඇත. ජපානයේ ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් වන මෙම නෞකා දෙක ‘කාගා’ සහ “ඉනසුමා” ලෙස හැඳින්වේ. 
 
කාගා නෞකාව දිගින් මීටර් 248 ක් වන අතර එහි ධාරිතාවය ටොන් 19,950කි. 400 දෙනෙකුගෙන් යුත් පිරිසක් එහි රාජකාරී කරනු ලබයි. සබ්මැරීන ලුහුබැඳ යාහැකි හෙලිකොප්ටර් හතරක් ද යාත්‍රාව සතු වේ. 
 
ඉනසුමා නෞකාව දිගින් මීටර් 151 හා ධාරිතාවය ටොන් 4,550 ක් වන අතර එහි  170 ක පිරිසක් සේවය කරති. 
 
මෙම නෞකාවන් කොළඹ වරායේ නැංගුරම්ලෑමට පෙර ජපානයේ සිට පැමිණෙන අතරතුර පිලිපීන, ඉන්දුනීසියා හා බ්‍රිතාන්‍ය නාවුක යාත්‍රා සමඟ යුධ අභ්‍යාස වල යෙදී ඇත. චීනය විසින් සාගර කළාපයේ ආධිපත්‍ය වර්ධනය කරන අතරතුර ජපාන යුධ නෞකා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන බව මේ සම්බන්ධව අදහස් දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
 
දින 05 ක නිල සංචාරයක් සඳහා පැමිණි මෙම නෞකාවන් දිවයිනේ රැඳී සිටින කාල සීමාව තුළදී එහි කාර්යය මණ්ඩලය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන සුහද ක්‍රීඩා තරඟ ඇතුළු වැඩසටහන් කිහිපයක් සඳහා ද සහභාගී වීමට නියමිතව ඇත.
 
නෞකා දෙකේ කපිතාන්වරු නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවීමට ද සැලසුම්කර ඇති අතර සංචාරයෙන් අනතුරුව ඔක්තෝබර් 04 වන දින මෙම නෞකාවන් ‍කොළඹ වරායෙන් පිටත් වීමට නියමිත බව සඳහන් වේ. 
 
(රොයිටර් පුවත් ඇසුරිනි - 085)



අදහස් (2)

ජපාන යුද නෞකා දෙකක් කොළඹ වරායට

K.A.Darshana Hasaranga Monday, 01 October 2018 07:07 PM

අපේ හමුදාව පුහුණු කරන්න ජපානයට පුළුවන් තාක්ෂණය තියෙනවා. ආව එකෙන් ප්‍රයෝජනයක් ගන්න.

:       8       28

Bamunuarachchi Tuesday, 02 October 2018 02:33 AM

ජපානයට සමාව දීමේදී යුද්ධ ආයුධ නිපද වීම තහනම් කළා නේද?

:       0       31

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 194 0

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 214 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


නාන්න ගිහින් වීරවිල වැවේ සැඟවෙයි
2025 පෙබරවාරි මස 05 130 0

බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .


‘කුෂ්‘සමඟ මගියා ගුවන්තොටේදී මාට්ටු
2025 පෙබරවාරි මස 05 155 0

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා


පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 322 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 1995 2

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 737 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site