IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ අත්අඩංගුවට

(තරිඳු ජයවර්ධන)

යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ස්විස් කුමාර්ට රැකවරණය දීම සහ පැන යෑමට ආධාර අනුබල දීමේ චෝදනාවට සැකපිට මධ්‍යම සහ ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ඒ ජයසිංහ මහතා මීට ටික වේලාවකට පෙර රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය.


ඔහු කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (22)

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ අත්අඩංගුවට

ranasinghe Saturday, 15 July 2017 09:25 AM

විද්‍යා දැරිය පමණක් නොව රටේ වෙනත් ඝාතන වලටත් අනුබල දුන්න අයත් අත්අඩංගුවට ගන්න. විශේෂයෙන් රගර් ක්‍රීඩක තාජුඩින්. මද්‍යාවේදී ලසන්ත වික්‍රමතුංග වගේ අය ඝාතනය කළ අය අත්අඩංගුවට ගන්න.

:       162       1023

Hafeel Saturday, 15 July 2017 12:20 PM

රණසිංහ කියන එක හරියට හරි. රටේ නීතිය ක්‍රියාත්මක වෙන්න තෝරා බේරා කොටසකට පමණයි. ලසන්ත, තාජුදීන්, එක්නැලිගොඩ, වැලිකඩ ඝාතනවලට අනුබල දුන් පුද්ගලයාටත් තරාතිරම් නොබලා දඬුවම් දියයුතුයි.

:       123       479

GihanSaturday, 15 July 2017 03:32 PM

මිලේනියම් සිටි සිද්ධියෙන් මියගිය අපේම හමුදා සාමාජිකයෝ ගැනත් හොයමු.

:       411       591

Perakum Saturday, 15 July 2017 10:31 AM

නීතිය රකින අය මෙහෙම කරන කොට අපිට කාගේ පිහිටක්ද? අනිවාර්යයෙන්ම මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න.

:       22       898

menna Saturday, 15 July 2017 11:00 AM

ලලිත් ජයසිංහ මහත්තයා සිංහලද? ස්විස් කුමාර් දෙමලද? මම ඇත්ත නොදනිමි, මේ ලිපිය කියෙව්වාම මට ඉන්දියන් ද්‍රවිඩ ජාතිකයෙක් කියපු කතාවක් මතක් වුණා. ඉන්දියන් ද්‍රවිඩ ජාතිකයා හා වෙනත් ජාතින් කිහිප දෙනක් එක්ක කතාවක හිටිය වෙලාවේ, ඒ කාලේ යුද්දේ තිබුණු දවස්, මනුස්සය කිව්වා ලාංකිකයෙක් ඔවුන්ගේ අගමැති ඝාතනය කර කියල. මට ලැජ්ජාවකුත් අපේ රට ගැන කියාගන්න දේවලුත් අමතක් වුණා. විදේශිකයන්ට ප්‍රභාකරන් වැනි මිනිස්සු ලාංකිකයෝ වුණාට, මට නම් ලාංකිකයෙක් නොවේ. සිංහල හෝ වේවා... දෙමළ හෝ වේවා ... මනුස්සකම් තියෙන නීතිගරුක පුරවැසියෝ ඉන්න රටක් වේවා.

:       2       104

godaya Saturday, 15 July 2017 12:36 PM

රණසිංහ, එහෙම වුණොත් ඇතිද? එතකොට රෝහණ විජේවීර, රිචඩ් ද සොයිසා වගේ අයගේ ඝාතන ගැන එපාද?

:       1088       1211

පිටිගල මිලානෝ Saturday, 15 July 2017 01:12 PM

රාළහාමිලා මීට වඩා අවංක විය යුතුයි.

:       63       101

asanka Saturday, 15 July 2017 01:26 PM

අපේ ගමේ චන්දරේ, ආනන්ද, සාන්ත, බෙම්මුල්ලේ සමන් මෙකී නොකී දහස් ගානක් 88- 89 ඝාතනය කළ අයව කල්පනා වෙන්නේ නැද්ද?

:       343       869

samSaturday, 15 July 2017 10:00 PM

88-89 කාලේ රජය මගින් කල ඝාතන කිසිසේත්ම අනුමත කරන්න බැහැ. නමුත් සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතය පවත්වා ගෙන යාමට සුදුසු සාමකාමී වාතාවරණයක් ඇති කිරීම රජයේ වගකීමක්. මිලියන විස්සක ජනතාවක් භීෂණයෙන් මුදවා ගැනීමට දහස් ගණනක් ඝාතනය කිරීමට සිදු වුවා නම් එය භීෂණය ඇතිකළ පිරිසගේ වරදක් මිස භීෂණය නැති කල අයගේ හෝ රජයේ වරදක් නොවේ.

:       68       3

kapSunday, 16 July 2017 06:21 AM

අසංක, ඔයා ඔය කිව්ව මෙකී නොකී දහස් ගානක් සෙට් එකේ අය 88/89 දී ඝාතනය කරපු අහිංසක මිනිස්සු ගැන මොකද කියන්නේ?

:       0       1

sahan Saturday, 15 July 2017 03:03 PM

මෙයත් එක්ක දකුණේ පාතාලය මෙහෙයවපු හාමුදුරුවෝ දැන් කොහේද?

:       0       80

Oshan Saturday, 15 July 2017 04:07 PM

දැන් මේකටත් ඒකාබද්ධේ අය කියාවි රණවිරුවන් හිරේ දානවා කියලා...

:       0       47

Senarath Saturday, 15 July 2017 04:39 PM

රණසිංහ, ඔබ ඉඳගන්න එපා !!! මොලේ පොඩිවෙයි.

:       182       87

චන්ද ජොති හිමි Saturday, 15 July 2017 05:14 PM

නීතිය, යුක්තිය, ජාතිය ගැන හිතුවට... එතැන නීතිය යුක්තිය නැත.

:       17       1

lusena Saturday, 15 July 2017 05:15 PM

88,89 පේරාදෙණියේ ජ.වි.පෙ. රජයෙන් මරාදැමූ වෛද්‍ය සිසුන් ගැනත් සොයමු.

:       0       1

Susil Saturday, 15 July 2017 05:28 PM

නීතිය හරි පීල්ලට වැටිලා වගෙයි... ඔහොම යං..

:       6       2

Raawana Saturday, 15 July 2017 05:44 PM

වැරදි කරන අයට කොට කලිසම් අන්දන්න තිබෙන්නේ. එතකොට ජනතාව දන්නවා එයා මොන ජාතියේ කෙනෙක්ද කියලා.

:       0       0

Susil Saturday, 15 July 2017 09:51 PM

මෙයා 2020 දී අප්පච්චි යටතේ පොලිස්පති වෙන්න හිටිය කියල කතාවක් යනවා. ඒක එහෙම නම්, මෙයත් අනුර මහත්තයා වගේ ගොඩක් දේවල් කරලත් ඇති...

:       9       66

abaran Saturday, 15 July 2017 11:24 PM

කැප්පෙටිපොළ, පුරන්අප්පු, සරදියෙල් ආදී ඝාතකයින් හොයලා ඒ අයටත් නීතිය ක්‍රියාත්මක කරන්න.

:       0       6

chandan australia Saturday, 15 July 2017 11:56 PM

88- 89 ඝාතනය ආණ්ඩුවට විරුද්ධව ආයුධ ගත්ත, අහිංසක මිනිසුන්ව මරපු තරස්තවාදී සමුහයක් කියලා අමතක කරන්න එපා. කොටි ත්‍රස්තවාදීන් සහ ඔවුන් අතර වෙනසක් නැහැ.

:       0       102

lal Sunday, 16 July 2017 12:51 AM

ඇයි බටලන්දේ වධකාගාරයේදී පරලොව ගිය අහිංසක කොල්ලෝ කෙල්ලෝ?

:       82       115

abe Sunday, 16 July 2017 08:02 AM

නීතිගරුක නිලධාරියෙක් තමයි මෙතුමා... ඔබට ජය අත් වේවා!!!

:       237       251

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 136 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 1246 0

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


සහල් සැකසීමේ සංකීර්ණ දෙකක් නිෂ්කාර්ය වෙලා
2025 පෙබරවාරි මස 05 345 0

දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ


ග්‍රෑන්ඩ්පාස්-කොටහේන වෙඩි තැබීමට අයෙක් මාට්ටු
2025 පෙබරවාරි මස 05 181 0

ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්


අද කාලගුණය
2025 පෙබරවාරි මස 05 106 0

ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 807 1

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 736 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site