IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ජාලිය වික්‍රමසූරිය අල්ලන්න විවෘත වරෙන්තු

ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා අත්අඩංගුවට ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද(5) විවෘත වරෙන්තු නිකුත් කළාය.

ඔහුට එරෙහිව කොටුව අධිකරණයේ විභාගවන නඩුවක් සම්බන්ධයෙන් පසුගිය වසරේ නොවැම්බර් 17වැනිදා සිට මේ දක්වා පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට නියෝග කෙරුණු අතර ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට නීත්‍යනුකූල නොවන අන්දමින් ගොඩනැගිල්ලක් මිලට ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු මීට පෙර අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හරිනු ලැබ සිටී.



අදහස් (11)

ජාලිය වික්‍රමසූරිය අල්ලන්න විවෘත වරෙන්තු

shantha London Friday, 05 January 2018 07:35 AM

මේ හොර ලංකාවේදී ඇල්ලුවාට පස්සේ බේරලා ඇරියේ කවුද?

:       43       126

Bamunuarachchi. Friday, 05 January 2018 07:56 AM

අල්ලා වහාම දඬුවම් කරන්න. මොවුන් තානාපති සේවයට තබා මස් කඩේකටවත් සුදුසු අය නොවෙයි.

:       64       104

Muhan Friday, 05 January 2018 08:03 AM

මේක මහවිකාරයක්... රට යන්න අවසර දීලා පස්සේ විවෘත්ත වරෙන්තු නිකුත් කරවා අල්ලන්න.

:       32       130

shelton Friday, 05 January 2018 08:16 AM

බැඳුම්කරේ හොරා පැනලා යනකම් සිටින රටක. මේ කවරෙක්ද?

:       52       539

Jayantha Friday, 05 January 2018 08:35 AM

මෙයාට ඇමරිකා යන්න අවසර දුන්නේ මහේස්ත්‍රාත් උසාවි වලින්. හැමදේටම යහපාලනයට බනින එක වැරදියි.

:       181       56

Jayantha Friday, 05 January 2018 08:45 AM

ෂෙල්ටන් බැඳුම්කර හොරාට තවම නඩුවක් උසාවියක් පනවා නැහැ. ඉතින් එයා තවම නිදහස් පුරවැසියෙක්... තමන්ට ඕනෑ විදියට ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යයක නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ.

:       130       186

Chandra Friday, 05 January 2018 08:56 AM

අරයට බලය දෙන්න. තක්කඩි ඔක්කොම නිදහස්. කොමිෂන් දැම්මට වැඩක් නැහැ.

:       1       6

de silva Friday, 05 January 2018 09:47 AM

මෙයා රට ගිහින් ඉඳලා තත්වය සන්සුන් වුණාම පවතින රජයත් එක්ක ඩීල් එකක් දමලා ලංකාවට ඇවිත් කරදරයක් නැතුව ජිවත්වේවි.. අපට මේවා අහල අහලා එපා වෙලා. නඩු අහලා ඉවර කරන්නේ නැතුව හොරුන්ට අැප දීලා නිදහස් කරනවා... වරද කාගේද?

:       0       9

Chandana London Friday, 05 January 2018 10:08 AM

ලන්ඩනයේ එක්තරා බංකොලොත් ඇස් කන්නාඩි කාරයෙක් මෙයාගේ තොරතුරු දන්නවා. ගෙදර උකස් වාරිකය ගෙවා ගන්න බැරි... මොහු ඉහත පුද්ගලයාගෙන් සල්ලි ඉල්ලගෙනලු ගෙවන්නේ කියලා ඔහුගේ පාසල් මිතුරෙක්මයි කියන්නේ....

:       120       182

ආනන්ද දොඩන්ගොඩ Friday, 05 January 2018 10:18 AM

මීට වැඩිය මගඩියක්, සොරකමක් කරපු අර්ජුන් රටින් පිටවන් තුරු බලා සිටියා නම්, මේ ජාලිය කරපු සොරකම සොච්චමක්... රටේ නීතිය පහතට ගිහින් දේශපාලන බලපෑම් මත කරන නඩු තීන්දු, පසුගිය රජයට වඩා දූෂිත රජයක් දැන් පවතින්නේ..

:       64       307

Sampath Sunday, 07 January 2018 05:02 AM

සෑම ආණ්ඩුවක්ම විනාස කරන්නේ ලග ඉන්න මිනිස්සු අවසාන ප්‍රතිපලේ බුක්ති විදින්නේ ජනතාව.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 120 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 1187 0

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


සහල් සැකසීමේ සංකීර්ණ දෙකක් නිෂ්කාර්ය වෙලා
2025 පෙබරවාරි මස 05 334 0

දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ


ග්‍රෑන්ඩ්පාස්-කොටහේන වෙඩි තැබීමට අයෙක් මාට්ටු
2025 පෙබරවාරි මස 05 172 0

ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්


අද කාලගුණය
2025 පෙබරවාරි මස 05 105 0

ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 789 1

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 736 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site