තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
ජංගම දුරකතනයක් නාදවුවත් ,ඈනුමක් ඇරියත් මිනිසුන් රිමාන්ඩ් කිරීමේ බලතල ඇති මහේස්ත්‍රාත් අධිකරණයක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කළ ප්‍රකාශ හා හැසිරීම් සුළු කොට තැකිය නොහැකි බව හෝමාගම හිටපු මහේස්ත්‍රාත් සහ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක අද (18) අභියාචනාධිකරණය හමුවෙහි පැවසීය.
හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ කලහකාරී ලෙස හැසීරීමෙන් අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා ලැබ සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ඉදිරිපත් කර ඇති චෝදනා පත්‍රය විභාග කිරීම ආරම්භ කරමින් එහි පළමුවැනි සාක්කිකරු ලෙස සාක්කි දෙමින් දිසානායක මහතා මේ බව කියා සිටියේය.
අභියාචනාධිකරණය හමුවේ වැඩිදුරටත් සාක්කි දුන් මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා කියා සිටියේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කළ විට අධිකරණයට නියෝග දෙන ස්වරූපයෙන් කලහාකාරී ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ ශාලාවේ හැසිරුණේ යම් පූර්ව සූදානමකින් බව හැඟී ගිය බවයි.
හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ කලහකාරී ලෙස හැසීරීමෙන් අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා ලැබ සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ඉදිරිපත් කර ඇති චෝදනා පත්‍රය විභාග කිරීම අභියාචනාධිකරණ සභාපති විනිසුරු එල්.ටී.බී දෙහිදෙණිය මහතා සහ අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා හමුවේ සිදු කෙරිණි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතාගේ මෙහෙයවීමෙන් සාක්කි දුන් සාක්කිකාර මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මෙසේද කීය.
‘‘2006 ඔක්තෝබර් 06 වැනිදා සිට මා මහේස්ත්‍රාත් විනිසුරු සේවයට එක්වූවා. 2015 දී පුත්තලම දිසා විනිසුරු ලෙසත් , 2016 ජනවාරි 01 වැනිදා සිට මා හෝමාගම අතිරේක මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු ලෙස සේවය කළා. මාධ්‍යවේදියෙකු වන ප්‍රදීප් එක්නැලිගොඩ ගේ අතුරුදන්වීම සම්බන්ධ නඩුවක් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වුණා. එම නඩුව 2010 වසරේ සිට එම අධිකරණයේ විභාගවුණා. මා අතිරේක මහේස්ත්‍රාත් ලෙස හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ කටයුතු ආරම්භ කරන විටත් , එම නඩුවේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබූණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන ඔවුන් සම්බන්ධයෙන් යම් යම් නියෝග විවිධ අවස්ථාවල ලබා දී තිබුණා. ඒ අතරම එම නඩුවේ සැකකරුවන්ට ඇප ලබා දිය නොහැකි බවට පූර්වගාමී විනිසුරුතුමා නියෝගයක් නිකුත් කර තිබුණා. එම නඩුව සම්බන්ධ මෙහෙයවීම් සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ අධි නීතිඥ දිලීප පීරිස් මහතා පෙනී සිටි අතර ඇතැම් අවස්ථාවල රජයේ අධිනීතීඥ වසන්ත පෙරේරා මහතා පෙනී සිටියා.
2016 ජනවාරි 25 වැනිදා මෙම නඩුවට සම්බන්ධ විශේෂ දෙයක් සිදු වූවා.එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ අධිනීතීඥ දිලීප පීරිස් මහතා පෙනී සිටියා. එම අවස්ථාවේ සැකකරුවන් නමදෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටියා. එහිදී දෙපාර්ශ්වය වෙනුවෙන් කළ කරුනු දැක්වීම් පිටු 21 ක සඳහන්ව තිඛෙනවා. එය අධිකරණය වෙත යොමු කර ඇති අදාළ නඩු ගොනුවේ දැක්වෙනවා. එම කරුණු සැලකිල්ලට ගත් මා සැකකරුවන් හයදෙනෙකු තවදුරටත් රිමාන්ඩ් බාරයට පත් කිරීමට නියම කළා. සෙසු සැකකරුවන් නැවත රිමාන්ඩ් බාරයට පත් කළේ පසු දිනයේදීයි. ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු එම නඩුව අවසන් කළා.පසුව වෙනත් නඩුවක් අධිකරණය හමුවෙහි කැඳවනු ලැබුවා. ඒ වන විට නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණයෙන් ඉවත් වෙමින් සිටියා.
ඊළඟ නඩුවේ විත්තිකරුවන් අධිකරණයට කැඳවනවාත් සමඟම විශේෂ දෙයක් සිදු වුනා. මට එය හොඳට මතකයි. ඒ වනවිට මා මහේස්ත්‍රාත්වරයෙකු ලෙස වසර 12 ක් සේවය කර තිඛෙනවා. ඒ කාලය තුළම මෙවැනි දෙයක් සිදුවී නැහැ. ඒ නිසාම මට එම සිදුවීම හොඳට මතකයි. ඒ වනවිට හෝමගාම මහේස්ත්‍රාත් අධිකරණය පවත්වා ගෙන ගියේ වෙනත් තාවකාලික ගොනැගිල්ලකයි. එය කුලියට මිලදී ගත් නිවසක සාලයක තමයි මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව පවත්වාගෙන ගියේ .ඊට හේතුවුනේ එම කාලයේ නව අධිකරණ පරිශ්‍රයක් ඉදිකරමින් පැවතීමයි. එය එතරම් විශාල ශාලාවක්ද නොවෙයි. එහි සැකකරුවන් රඳවා තබා ගැනීමට ,නීතීඥවරුන්ට අසුන් ගැනීමට ස්ථාන වෙන් කර තිබුණා. නඩුවට පැමිණි අයට අසුන් ගැනීමට තිබුනේ ආසන පේළි දෙකක් පමණයි. සෙසු ජනතාවට රැඳී සිටීමට ටකරන් මඩුවක් තිබුනා. විනිශ්චය ආසනය ඉදිරියේම විත්ති කූඩුව පැවතියා.
බී 7417/10 දරණ ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව විභාග වන අවස්ථාව වන විට සාමාන්‍ය මිනිසුන් අසුන් ගැනීමට තිබෙන සියලූ ආසන වල ස්වාමීන් වහන්සේලා අසුන් ගෙන තිබුණා. මෙම නඩුවේ හෝ ඊට පසු කැඳවූ නඩුවේ මෙම ස්වාමීන්වහන්සේලා විත්තිකරුවෙකු ලෙස නම් කර සිටියේ නැහැ. මෙම නඩුව අවසන් වන විටම අසුන් ගෙන සිටි ස්වාමීන්වහන්සේ නමක් විනිශ්චයාසනය දෙසට පැමිණ සිට ගත්තා. මාසිටි අසුන හා ස්වාමීන්වහන්සේ අතර දුර අඩි 15 ක් පමණ ඇති. අනික් නඩුව පටන් ගන්නවාත් සමගම ‘‘රණවිරුවන් හිරේ දමා තිබෙනවා .කොටි එළියට දමා තිබෙනවා. මේ සුද්දාගේ නීතිය අපි පිළි ගන්නේ නැහැ.‘‘ ලෙස කියමින් දේශන ස්වරූපයෙන් එම ස්වාමීන්වහන්සේ ප්‍රකාශ කර සිටියා. අධිකරණයේ අවසරයකින් තොරව කිසිවකුට එලෙස කතා කරන්න බැහැ. මා එකවරම විශ්මයට පත් වුණා. මා අධිකරණයේ භාෂා පරිවර්තකට කතා කර කීවා අධිකරණයේ හැසිරිය යුතු ආකාරය දන්වන ලෙසට. එය පැවසුවත් එම ස්වාමීන්වහන්සේ එය නොතකා දිගින් දිගටම අදහස් දක්වමින් සිටියා.
එම ස්වාමීන්වහසේ අත්අඩංගුවට ගන්නා ලෙස නීතීඥවරුන් ප්‍රකාශ කලා. එහෙත් මා කලබලයට පත්වූයේ නැහැ. දිගු වේලාවක් තිස්සේ භික්ෂූන් වහන්සේලා පිරිසක් අධිකරණයේ අසුන් ගෙන තිබීම සහ එම අධිකරනයේ විශේෂ ආරක්ෂාවක් නොතිබූ නිසා මට සිතුනා එම ස්වාමීන්වහන්සේලා පූර්ව සැලසුමකින් පැමිණ සිටින බව . ඔවුන් අධිකරණයට බාධා කිරීමේ අරමුණෙන් පැමිණි බවත් හැඟී ගියා.
එම ප්‍රකාශය කරනවිට එම ස්වාමීන්වහන්සේ අධිකරණයට අභියෝග කරන ආකාරයෙන් කතා කළා. එය බැගෑපත් ඉල්ලීමක් නොව. එය නියෝගයක් ස්වරූපයෙන් කළ ප්‍රකාශයක් බව හැඟී ගියා . එක්නැලිගොඩ නඩුව අවසන්ව විනාඩියක්වත් ඉක්මයාමට පෙර මෙම ප්‍රකාශය පටන් ගත්තා. එම නඩුවේ සැකකරුවන් යුද හමුදාවේ බුද්ධි අංශ නිලධාරීන් ලෙස කටයුතු කළ අයයි. රණවිරුවන් ලෙස එම ස්වාමීන් වහන්සේ අදහස් කළේ එම සැකකරුවන් බව මට හැඟී ගියා.
එවිටම රජයේ අධිනීතීඥවරයා සහ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතඥ උපුල් කුමරප්පෙරුම මහතා අධිකරණයට පැමිණියා.එවිට ස්වාමීන්වහන්සේ ගේ ස්වරය දැඩි වුනා.‘රජයේ නීතීඥවරුන්ගේ අදහස් අහන්න මට අවශ්‍ය නැහැ.ඔවුන් නීතිපතිගේ නපුංසකයින්‘ යැයි උන්වහන්සේ ප්‍රකාශ කළා. එම ප්‍රකාශයෙන් පසුව එම ස්වාමීන් වහන්සේ අනෙකුත් ස්වාමීන්වහන්සේලා සමඟ අධිකරණ ශාලාවෙන් ඉවත්ව ගියා.
මා ඉදිරියේ එලෙස හැසීරීමෙන් එම ස්වාමීන්වහන්සේ අධිකරණයේ බලයට අභියෝග කිරීමෙන් සහ රජයේ නීතීඥවරයාට තර්ජනාත්මක ස්වරූපයෙන් කතා කිරීමෙන් දඩුවම් ලැබිය යුතු වරදක් කළ බව හැඟී ගියා . ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ නීති ප්‍රකාරව මෙම ස්වාමීන් වහන්සේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට නියෝග කරනු ලැබුවා. එම ස්වාමීන්වහන්සේ මීට පෙර ජනාමාධ්‍ය මඟින් මා දැක තිඛෙනවා. එහෙත් එම ස්වාමීන්වහන්සේ හඳුනාගන්නා ලෙස මා අනෙක් නීතීඥවරුන් ගෙන් ඉල්ලීමක් කළා. එතැන සිටි නීතීඥ මහතෙකු වන උපාලි සේනාරත්න මහතා විසින් උන්වහන්සේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ලෙස හඳුන්වා දෙනු ලැබුවා.
ඒ වගේම එම ස්වාමීන්වහන්සේ මට හොඟින් හඳුනා ගත හැකියි. උන්වහන්සේ ශරීරය හොඳින් පවත්වා ගෙන යන ,කඩවසම් අයෙකු ලෙස හැඳින්විය හැකියි. මේවනවිටත් එම ස්වාමීන්වහන්සේ අධිකරණයේ පෙනී සිටිනවා.
මා හෝමාගම පොලීසියට කළ නියෝගය අනුව ජනවාරි 26 වැනිදා හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමා එම ස්වාමීන්වහන්සේ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. එම ස්වාමීන්වහන්සේට ඇප දීම ප්‍රතික්ෂේප කළ මා සැකකාර හිමිනම පෙබරවාරි 09 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයට පත් කරන ලෙස නියෝග කළා. පෙර දිනක එක්නැලිගොඩ නඩුව අවසානයේ අගතියට සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට යම් වචන ප්‍රකාශ කිරීමේ සිද්දියක් සම්බන්ධයෙන් එදිනම මෙම ස්වාමීන්වහන්සේ තවත් නඩුවකට ඉදිරිපත් කරනු ලැබුවා.
මෙලෙස අධිකරණයේ කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධ 40042/16 දරණ නඩුවේදී මෙම ස්වාමීන්වහන්සේට මවිසින් ඇප නියම කරනු ලැබුවා.ඊට පෙර මෙම ස්වාමීන්වහන්සේ පෞද්ගලිකවම මා ඉදිරියෙහි පෙනී සිටියේ නැහැ. එසේම මට උන්වහන්සේ සමඟ කිසිදු අමනාපයක් නැහැ. මේ සම්බන්ධයෙන් ඉදිරි පියවරක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) වගන්තිය යටතේ අධිකරණයට අපහාස කිරීමේ නඩු විමසීම සඳහා අභියාචනාධිකරණයට එය යොමු කිරීමට මා තීරණය කලා. එම ස්වාමීන් වහන්සේ කළ වරද ලඝු කළ නොහැකි බව මා තීරණය කළා. සමස්ත අධිකරණයට ගැරහීම ,අධිකරණයට බාධා කිරීම ,අධිකරනයේ කලහකාරී ලෙස හැසරීම සුළු වරදක් නොවන බව මා තීරණය කළා.
පුද්ගලයෙක් ඈනුමක් අරියත් ,ජංගම දුරකථනයක් නාද වූනත් ,සිර දඩුවම් නියම කරන අපේ අධිකරණයක ස්වමීන්වහන්සේ මෙලෙස අධිකරණයට බාධා කරමින් ,අභියෝග කරමින් කලහකාරී ලෙස හැසිරීම සුළු වරදක් නොවන බව මා තීරණය කළා. ඒ අනුව මා මෙම කරුණ එවකට අභියාචනාධිකරණ සභාපති විජිත් මළල්ගොඩ විනිසුරුතුමා වෙත ලිඛිත කරුණු සහිතව ලිපියක් මඟින් යොමු කළා.‘‘ යැයි හෝමාගම හිටපු මහේස්ත්‍රාත් සහ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා කීවේය.
ඒ සමඟම පැමිණිල්ලේ සාක්කි විමසීම නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා විසින් අවසන් කළේය.
මෙහිදී විත්තිකාර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතා ද මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ගෙන් හරස් ප්‍රශ්න විමසීමක් සිදු කළේය. එහිදී සාක්කිකාර මහේස්ත්‍රාත්වරයා මෙසේද පැවසීය.
‘‘මෙම නඩුව මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නැමැත්තෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධව පැවතුණා. ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියෙකු බව පොලීසිය මඟින් ඉදිරිපත් කළ බී වාර්තාවේ සඳහන් වූවා. 2016 ජනවාරි 25 දින විත්තිකාර හිමියන් ගේ හැසිරීම සම්බන්ධයෙන් සඳහන් කරමින් අභියාචනාධිකරණය සභාපති විනිසුරුතුමා වෙත ලිපියක් පසුව යොමු කළා. එම ලිපියේ සහ අදාළ සිදුවීම සිදුවූ දින අධිකරණ වාර්තාව අතර යම් යම් වෙනස්කම් තිබිය හැකියි. එවැනි ලිපියක් එවීම සිදු කළේ නැති නම් මෙවැනි අධිකරණයට අපහාස කිරීමේ නඩු කටයුත්තක් සිදු වන්නේ නැහැ.
එදින ස්වාමීන්වහන්සේ අධිකරණ ශාලාව තුළ බොහෝ දේ කිව්වා. ඒ අවස්ථාවේදී එම ප්‍රකාශ ලඝු ලේඛිකාවක් විසින් සටහන් කර ගත්තේ නැහැ. මගේ මතකයේ තිබූ කරුණු කිහිපයක් පමණයි එහි සටහන් කර ඇත්තේ. මේ සිද්ධිය සම්බන්ධ දිවුරුම් ප්‍රකාශ 12 ක් ලබා දී තිබෙනවා. අදාළ සිදුවීම වන විට අධිකරණ ශාලවේ රැඳී සිටි නීතීඥවරුන් ඒ වන විට ප්‍රකාශ කලා මෙම ස්වාමීන්වහන්සේ අත්අඩංගුවට ගන්නා ලෙස‘‘ යැයිද දිසානායක මහතා එම හරස් ප්‍රශ්න විමසීමේදී කියා සිටියේය.
මේ නඩුවේ සාක්කි විභාගය හෙටට (19) කල් තැබිණි.
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ
ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්
ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ඥානසාර හිමිගේ හැසිරීම සුළුකොට තැකිය නොහැකියි - මහේස්ත්‍රාත් සාක්කි දෙයි
chandana Tuesday, 18 July 2017 03:39 PM
මේ සාක්ෂිය පොඩි දරුවෙක්ගේ සාක්ෂියට කිසිඳු ආකාරයකින් වෙනස් වෙන්නේ නැහැ.. මට මතකයි ඔය විනිසුරු තුමාම බුද්ධි අංශ නිලධාරින් කිසිඳු සාධාරණ හේතුවක් නැතුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කරද්දී ප්‍රකාශ කළා "මියගිය පුද්ගලයාගේ දේහය නැහැ, මරණයට පත්කළ ස්ථානයකුත් නැහැ, මරණයට පත්කළ ක්‍රමයක් ගැන සඳහනකුත් නැහැ, නමුත් නීතිපතිතුමාට අනුව කටයුතු කරමින් මොවුන්ව තව දුරටත් රිමාන්ඩ් ගත කරනවා". අන්න ඒ වගේ විනිසුරුතුමෙකුගේ සාක්ෂිය තමයි මේ....
kanchana Tuesday, 18 July 2017 03:46 PM
"අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරදනම්, කුමට මෙරට අධිකරණය නීතිය සහ විනිසුරුවන්"- නන්දා මාලනී ඔබතුමිය මොහොකටවත් හෝමාගම අධිකරණය පැත්තේ යන්න එපා... මොකද ඉස්සරට වඩා කාළෙත් වෙනස්නේ...
රසික Tuesday, 18 July 2017 04:03 PM
වරදක් කර ඇත්නම් කිසිවකුගේ තරාතිරම නොබලා දඩුවම් කළ යුතුය.
Deepananda thero Tuesday, 18 July 2017 04:48 PM
අල්ලලා හිරේ දමන්නේ නැතිව මොනවද මේ කාලය කන වැඩ. මේවා පුරුද්දට අරගෙන හැමෝම උසාවියේ කැ ගහන්න ගත්තොත් ඇතිවන තත්වය කුමක්ද ?
පිටිගල මිලානෝ Tuesday, 18 July 2017 07:58 PM
ඥානසාර ගැන කැමති තරම් කතා කරන්න හැබැයි බෞද්ධ දර්ශනය මීට ගාවා ගන්නේ නැතුව.
amarasiri Wednesday, 19 July 2017 07:25 AM
ආපෝ පිටිගල ..මේ පිටුව ගඳ ගස්සන්නේ නැතිව ඉන්න.
BamunusingheWednesday, 19 July 2017 08:42 AM
පිටිගලගේ අදහස නිවැරදියි.
dingirala Tuesday, 18 July 2017 11:50 PM
මේ දන්නේ නැති කමටයි අහන්නේ ආයි බොවන්, අධිකරණයේ කෑ ගහන එක වැරදි බව සහ නීති විරෝධී බව තේරෙනවා. ඒවුනාට මිනිස්සු ලවා අධිකරණයට ගල් ගහන එක වැරැද්දක් නොවෙයිද.?
ලුම්බිණි Wednesday, 19 July 2017 12:52 AM
නීතිය තමන්ට අතට ගන්න පුළුවන් කියල හිතාගෙන වැඩ කරන හැමෝටම දඬුවම් දිය යුතුයි.
sudath Wednesday, 19 July 2017 01:15 AM
උසාවියට ගල් ගහපු අයත් ඔය හොදට ඉන්නේ මේක එච්චර දෙයක් නෙමෙයි එහෙම බලන කොට
Madushanka Wednesday, 19 July 2017 03:01 AM
උසාවියට ගල් ගහද්දි කොහෙද හිටියේ ?
VJ Wednesday, 19 July 2017 04:01 AM
අද උසාවියත් තියෙන්නේ ඔය රණවිරුවෝ නිසා නේද?
NuwanWednesday, 19 July 2017 08:41 AM
ඔය රණවිරු කතාව හැම එකටම ගාවගන්න එපා... යන්නේ කොහෙද මල්ලේ පොල්. ඔබ කියන්නේ රටකට නීති පද්ධතියක් නැතුව හමුදාවක් විතරක් හිටියම ඇතියි කියලද?
Susil Wednesday, 19 July 2017 04:17 AM
මේ සැරේනම් ඇතුලට යයි වගේ...
Jayampathi Wednesday, 19 July 2017 06:08 AM
පිටිගල මිලානෝ ඔබගේ අදහස හොඳයි, ඥානසාර හිමි ගැන මුළු රටම දන්නවා , ඉතා නොහොබිනා අයුරින් මාධ්‍ය ඉදිරිය්දී පවා හැසිරෙන හැටි අපි කව්රුත් දැකල තියෙනවා . මෙයට බෞද්ධ දර්ශනය ගාව ගන්න එපා. මොහුට අනිවාර්යයෙන්ම නීතියන් දඩුවම් ලැබීය යුතුයි. මොහුගේ ක්‍රියා කලාපය නිසා ලංකාව සහ බුද්ධාගම ගැන අන් රටවල් වැරදි මතයක් හිතන්න පුළුවන්.
Saranapala Wednesday, 19 July 2017 08:43 AM
බැලුවෝ 10,058 ක් විතරක් ඉන්නකොට කොහොමද මෙහි 2 වන අදහසට විරුද්ධව 12,572 ක් සහ පක්ෂව 5,070 ක් දෙනෙක් ඉන්නේ? අනේ අපටත් කියා දෙන්න.
kota Nihal Wednesday, 19 July 2017 09:46 AM
උසාවියට ගල් ගැහුවේ කවුද? වහාම විමර්ෂණයක් කරන්න
dingiralaWednesday, 19 July 2017 05:12 PM
ඔයා ලංකාවේ නෙවෙයිද ඉන්නේ?
Sampath Wednesday, 19 July 2017 10:17 AM
"එම ස්වාමීන්වහන්සේ මීට පෙර ජනාමාධ්‍ය මඟින් මා දැක තිඛෙනවා." "උපාලි සේනාරත්න මහතා විසින් උන්වහන්සේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ලෙස හඳුන්වා දෙනු ලැබුවා." මොන බෞද්ධයාද ඥානසාර හිමිව නොදන්නේ මහත්තයෝ? ඥානසාර හිමි වැරද්දක් කරනවා නම්, මිගෙට්ටුවත්තේ ගුණානන්ද, ශ්‍රී සුමංගල, දුටුගැමුණු යුගයේ සිටි ථේරපුත්තාභය යන හිමිවරුත් වැරැද්දක් කලේ කියලද කියන්නේ? මේ සුද්දගේ අධිකරණයේ නීති හදල තියෙන්නේ දේශද්‍රෝහින්ව ආරක්ෂා කරලා දේශයට ආදරේ මිනිස්සුන්ව හිර ගත කරන විදියට. එහෙම නැත්නම් ඒ අයට එදා රට පාලනය කරන්න බැරි වෙනවා... ඔය නීතියම තමා අදටත් ඔය අධිකරණ වල තියෙන්නේ. අනිත් කාරණාව බුද්ධ පුත්‍රයෝ, බුදු හාමුදුරුවෝ සහ තවත් භික්ෂුවකට හැරුණු කොට රජතුමාටවත් හිස නමන්නේ නැහැ මහත්තයෝ. අරාබි රට වල ශරියා නීතිය වගේ අපිත් ඔය සුද්දගේ නීතිය ලංකාවෙන් අතුගාල දාලා මේ බෞද්ධ රටේ, බෞද්ධ නීති ඇතුලත් වෙන විදියට නීති සම්පාදනය කල යුතුයි.
sachitha Wednesday, 19 July 2017 03:25 PM
සම්පත් කියන එක හරියටම හරි, මේ මහේස්ත්‍රාත්තුමා ඥානසාර හිමිව අඳුරන්නේ නැහැ කියන්නේ විහිළුවක්.. අද ඔය අදහස් දක්වන කිසිම කෙනෙක් කතා කරන්නේ නැහැ ඥානසාර හිමි කතා කරන්නේ ඇත්තද නැත්ද කියන එක. ඥානසාර හිමිගේ වාග් විලාශය නොව එතුමා පෙන්වලා දෙන දේ හරිද වැරදිද කියලා බලන්න.
buddikaThursday, 20 July 2017 10:15 AM
ඔබයි මෙතන විහිලු සපයන්නේ. මහේස්ත්‍ත්‍රාත්වරයෙක් නීතිය දෙස බලන්නේ පෞද්ගලික අදහස් වලින් තොරව
pinky Friday, 21 July 2017 05:13 PM
මේකනම් ලේසියෙන් අතැරිය නොහැකි වරදක්