IMG-LOGO

2025 ජනවාරි මස 03 වන සිකුරාදා


ඥානසාර හිමි අල්ලන්න පොලිස් මෙහෙයුමක්

(ඉන්දිකා රාමනායක)

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කර තර්ජනය කිරීම, ජාතීන් අතර අසමඟිය ඇති වන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීම යන සිද්ධීන් කිහිපයක් මුල් කර ගනිමින් මෙලෙස ඒ හිමියන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ඇරඹු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කරයි.

ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවත් පොලීසිය විසින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව අලුත් කඩේ අංක 4 මහේස්ත්‍රාත්වරයා විසින් ඥානසාර හිමියන්ට රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරනු ලැබ ඇත.

ඥානසාර හිමියන්ට විරුද්ධව ලැබී ඇති පැමිණිලි සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණ ද උන් වහන්සේ එම දැනුම් දීම පැහැර හැර ඇතැයි ද පොලීසිය පවසයි.

 



අදහස් (61)

ඥානසාර හිමි අල්ලන්න පොලිස් මෙහෙයුමක්

PA-RA Thursday, 25 May 2017 11:48 AM

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කියනදේ කුමක්ද කියා සාධාරණව සොයා බලා, අරාබි රටවල බලධාරින්ගේ ඔලුව අවුල්කර යටින් ලංකාවට සිංහල ජාතීන්ට විරුද්දව උල්පන්දම් කට්ටිය සොයා බලනවානම් හොදයි මොකද අපි අරාබියේ කලක් තිස්සේ සේවය කරන නිසා ගොඩක් දේ දන්නා නිසා.

:       7396       17558

thilina Thursday, 25 May 2017 12:00 PM

ඉතාමත් කනගටුදායකයි ..රටේ ජනාධිපතිට උතුරට එන්න එපා කියල තර්ජනය කරද්දී , මුස්ලිම් ජනතාව අවුස්සගෙන ලේ වැගිරීම් වෙයි කියද්දී ඇහුනේ නෑ වගේ හිටපු උදවිය හාමුදුරුවන්ව අල්ලන්න තියෙන උනන්දුව..

:       12293       28023

sampath Thursday, 25 May 2017 12:07 PM

ඉක්මනට ඡන්දයක්වත් එනවද?

:       501       522

sarath Thursday, 25 May 2017 12:24 PM

අයි අනිත් පැත්තේ පන්සල් කඩන, පන්සල් වල ඉඩම් අල්ලන අය අල්ලන්න බයද, සිංහල බෞද්ධ පහසුවෙන්ම ආණ්ඩුවේ ඉලක්කයක් වුනේ මෙවර විතරක් නොවෙයි.87-89,71, රතුපස්වල, බියගම ,සයිටම් සහ මෙකි නොකී සැම අවස්ථාවකම රජය ගියේ ,ප්‍රශ්නෙට හේතුව සඳහා විසඳුමක් දෙන්නේ නැතිව , සිංහලයින් පසුපස.

:       186       7196

sisira Thursday, 25 May 2017 12:38 PM

රටේ නීතිය කාටත් සමානව ක්‍රියා නොකිරීම නිසා හරි වැරැද්ද පෙන්නලා දුන්න හාමුදුරුවන්ව අල්ලන්න යන්නේ.

:       678       5020

dick Thursday, 25 May 2017 12:46 PM

එතකොට අර නැගෙනහිර බොදු සිද්ධස්ථාන වල නටබුන් ඩෝසර් කරන අය, විල්පත්තු කැලේ කපන අය අල්ලන්නේ කවද්ද?

:       2213       3348

nayana Thursday, 25 May 2017 12:50 PM

මෙයින් අප තේරුම් ගතයුත්තේ මුස්ලිම් අන්තවාදය කෙතරම් ප්‍රබලද කියාය.

:       1936       4025

ruwan Thursday, 25 May 2017 12:53 PM

ජාතිවාදී ප්‍රකාශ කරන අනෙක් අයවත් අල්ලන්න.

:       928       2216

Privi Arachchila Thursday, 25 May 2017 01:05 PM

අපි අපි ගැනම ලැජ්ජා විය යුතු නොවේද? පොලිසියේ මහත්වරුනි කරුණාකර එම ස්වාමින්වහන්සේට පොලිසියට එන්න කියන්න ,එම ස්වාමින්න්වහන්සේ අකට යුතුකම් ගැන කතා කරන එක වරදක්ද ?

:       610       730

nuwan Thursday, 25 May 2017 01:08 PM

නිදා උන් ජාතියක් අවදි කල හිමි නමක් ඔබ වහන්සේට මගේ නමස්කාරය !!!!

:       6850       7899

sadun Thursday, 25 May 2017 01:20 PM

මේ රට විනාස කරන්නේ කව්ද ? ලංකාවට කුඩු ගේන්නේ වද පෙති ගේන්නේ යට ඇදුම් වලට විස දාන්නේ . පන්සල් විනාස කරලා සිංහල උරුමයන් විනාස කරන්නේ විල් පත්තුව කුර ගල දෙවනගල එලි කරලා අරාබි කොලනි හදන්නේ කව්ද ? ඒ අයට නැති නිතිය අනේ අපේ හාමුදුරුවන්ට විතරද ? එක රටක ජිවත් උනත් නීති දෙකක් තියන රටක කවදා හරි දවසක අපේ හාමුදුරුවෝ පෙන්නලා දුන්න දේ කාට කාටත් තේරේවි . ඔබ වහන්සේව ජය ශ්‍රී මහා බෝ සමිදු ආරක්ෂා කරාවී!! මාරයෝ පරදලා බුදුන් වහන්සේ බුදු වුනා මිසක් පැරදුනේ නෑ!!!!!!

:       2140       7287

AshaniSaturday, 27 May 2017 01:26 AM

මෙහෙම කතානම් විශ්වාස කරන්න බැහැ. පන්සල, ජාතිය ගැන හිතනවානම් පළමුව පන්සලට යන්න ඕනේ...හතර පෝයට සිල් ගන්න ඕනේ....මේවා මොකුත් නොකර අනික් ජාතීන්ට බැන බැන හිටියොත් ඔක්කම හරිද?

:       5       9

Sumana Saturday, 27 May 2017 07:04 AM

සිල් ගන්න හරි මුලින්ම පන්සල් ටික ඉතුරු කරගන්න ඕනෙ... හැබැයි හැමෝම සිල් අරන් හිටියොත් නියමෙට තියේවි....!!!

:       7       24

nadun Thursday, 25 May 2017 01:23 PM

නිදා උන් ජාතියක් අවදි කරපු සග රුවනක් !! වරදාන වලට යට වුන රටක සිංහලේ සග රජු ඔබයි හිමියනි !!!

:       3528       5208

kumara Thursday, 25 May 2017 01:31 PM

මේ රටේ ප්‍රශ්න ඇති කරන්නේ කව්ද ? අලුත් ගම පල්ලියේ ඉදල ගල් ගැහුවේ කව්ද ? නමුත් වැරදි වූනේ අසරණ සිංහලයම තමයි . ජාතිවාදී ප්‍රකාශ කරන්නේ කව්ද ? අපේ හමුදුරුවනි ඔබ වහන්සේව ශාසනය රකින දෙවිවරු රකිවා !!!!!

:       535       2485

Ravi Thursday, 25 May 2017 03:08 PM

රජය හොද අනා ගැනිමකටයි ඔය සැරසෙන්නේ

:       390       5286

nimallalitha Thursday, 25 May 2017 04:02 PM

මේ නීති විග්නේශරම්ලාට,සිවාජි ලින්ගම්ලාට, විල්පත්තුව විනාස කරන බදුර්දීනට බලපාන්නේ නැත්ද. හැම නීතියක්ම ක්‍රියාත්මක වන්නේ සිංහලයන්ට සහ සිංහල අයිතිය වෙනුවෙන් හඬ නගන භික්ෂුන් වහන්සේලාට පමණක්ද. මහා නායකලට මේවා පෙනෙන්නේ නැද්ද. නැතිනම් මරනින්දේද.

:       1591       2028

wije Thursday, 25 May 2017 04:15 PM

අපේ ජාතිය ආගම විනාශ කරන්න හදන අන්තවාදීන් අපේ ජාතිය ආගම ගැන කතාකරන්න ඉන්න හැම කෙනකුවම බලයට කෑදරකමෙන් ඉන්න අපේම නායකයින්ට කියලා නිහඩ කරවනවා. අපේ කොන්ද පණනැති නායකයෝ ඒ අයගේ බලය රැකගන්න ඕන නිසා අන්තවාදීන් කියන ඕනෑම පදයකට නටනවා. මෙහෙම ගියොත් අපේ ජාතියත් ඉවරයි ආගමත් ඉවරයි.

:       139       1818

Fareed Thursday, 25 May 2017 04:24 PM

හිමිනමක් අත්අඩංගුවට පත්වීම ඉතා කණගාටුදායකයි. එත් ඔබවහන්සේගේ ක්‍රියා කලාපය හා හැසිරීම බුදු දහමට හාත්පසින් වෙනස්. යම්කිසි මනුස්සයෙක් වැරද්දක් කරානම් නීතිය මගින් ක්‍රියා කලයුතුයි.

:       1487       836

kumara nadanThursday, 25 May 2017 06:53 PM

ෆරීඩ් ඔබ තුමාගේ අදහසට මම විරුද්ද නැහැ එහෙත් මහත්තයෝ උන්වහන්සේ කියන කරන මොකක්ද කියල බලන්න අපිත් ඔයාලත් මේ සිංහල මිනිස්සු එක්ක කොඉතරම් සමගින්ද මේ රටේ ඉන්නේ එහෙත් අමනාප වෙන්න එපා මුස්ලිම් මිනිස්සු විතරක් ඉන්න රටවල තියෙන තත්වය අපේ රටේ නැහැ මහත්තයෝ මේ සිංහල මිනිස්සු කොයිතරම් හොදද කියල කාලයකදී හැමෝටම තේරෙයි. අයි එස් කාරයෝ අපේ රට අල්ල ගත්ත දවසට එනිසා මුන්වහන්සේ කියන්නේ මොනවද කියල හොදට බලන්න කියන විදිය නෙමෙයි

:       1       184

bamunuThursday, 25 May 2017 11:53 PM

Fareed මහත්මයෝ දිගු ඉතිහාස තිබෙන රටවල් වල නීති සැදී ඇත්තේ කොහොමද? රටක නීති සැදෙන්නේ රටේ පවතින සංස්කෘතික සහ එරටේ ජීවත් වන බහුතරයක් මින්සුන්ගේ ආකල්ප වලට මුල තැන දීගෙනය. මුස්ලිම් ජනයාම ජීවත් වන රටවල අත්තේ ෂරියා මුස්ලිම් නීතියයි යුරෝපා රටවල ඇත්තේ ක්‍රිස්තියානි ආගමට නැඹුරුවූ ඒ රටවල සංස්කෘතියට නැඹුරුවූ නීතියකි. නමුත් මේ සිංහල රටේ තිබෙන්නේ අවුරුදු 2600 පැරණි බෞද්ධ සංස්කෘතියට නැඹුරු වූ 75% වූ සිංහලයාගේ ආකල්ප වලට මුල තැන නීතියක්ද? නැත! අවුරුදු 2600 පැරණි බෞද්ධ සංස්කෘතිය තිබෙන මෙරටට නීති සැදුවේ සුද්දාය ගෙනාවේ රෝම ලන්දීසි නීතියයි. ඒ තුල සිංහල බවුද්දයගේ ආකල්ප සහ සංස්කෘතික අබිප්‍රායන් නීති ගත වි නැත. එසේ වූ වනම් හරක් මැරීම ඌරන් මැරීම මත්පැන් බාවිතය නීතියෙන් තහනම් වනු ඇත. එසේම බුද්දාගමට ව්රුද්ද වීම අන්‍ය ආගම්වලට හරවා ගැනීම, බවුද්ද චීවරයට නිගරු කිරීම නීතියෙන් තහනම් වනු ඇත. නීතියේ නැති නමුත් සිංහල බෞද්ධයා ගේ සිත්වල මේදේවල් නීති ගතවී ඇත. අන්න එනිසයි සිංහලය වෙනුවෙන් කතා කොරන ඥානසාර හිමි රෝම ලන්දේසි නීතියට යටකර ගන්න බය.

:       1       157

SARAFriday, 26 May 2017 04:02 AM

මේ රටේ හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ, අපි කට කියන්නද මේවා වෙනරටකට කතා කරලා කියන්නද

:       1       42

imeshFriday, 26 May 2017 08:52 AM

නඩු 40 කට වඩා දැනටමත් දාලා තියෙන්නේ. ඒවා ක්‍රියාත්මක නොවී හාමුදුරුවෝ අල්ලන්න කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ.... ආණ්ඩුව අනාගන්නයි හදන්නේ දැන් නම්....

:       1       24

KasunFriday, 26 May 2017 11:23 AM

එ්ක තමයි හාමුදුරුවෝ කිව්ව කතාව.... වැරදි කරන මුස්ලිම් නායකයින්ට දඬුවම් දෙන්නේ නැත්තේ මොකද කියන එක. රජය කරන්නේ ඒ කතාව කියපු හාමුදුරුවන් හිරේට දාන්න යන එකයි. ආණ්ඩුව කෙළින් නැති එකයි මේ සේරටම මුල ....

:       1       67

[email protected] Thursday, 25 May 2017 04:35 PM

ඥානසාර හිමි අත් අඩංගුවට ගන්න කලින්, අන්තවාදී මුසල්මානුවන් අත්අඩංගුවට ගත්තනම් හරි. මේ ප්‍රශ්න මොනවත් නැ .

:       1576       24001

susantha Thursday, 25 May 2017 05:00 PM

අනේ මෙහෙම ආණ්ඩුවක්. හාමුදුරුවෝ මතු කරන කාරණය ගැන බලන්නේ නැතිව උන් වහන්සේව අත්‍ අඩංගුවට අරන් හරියනවද? සිංහල ජාතියේ බුද්ධ ධර්මයේ මළගම ඉක්මනින්ම ලියන්න හදන්නේ මේ ජරා ආණ්ඩුව.

:       1115       2218

roshan Thursday, 25 May 2017 05:27 PM

මුහුදු මහා විහාරයට හානි කරන අයව අත් අඩංගුවට ගන්නෙ නැද්ද ?

:       108       666

lakmal Thursday, 25 May 2017 05:29 PM

නැගෙනහිර පළාතේ දාගැබ් ඩෝසර් කරද්දී පොලිසිය කොහෙද හිටියේ.

:       108       514

සේනාධීර Thursday, 25 May 2017 05:50 PM

සහජීවනයේ මූලික පදනම සමානාත්මතාවයයි. අපේ රටේ සිංහල බෞද්ධයට එක් නීතියක්, අනිත් අයට රාජ ‍රැකවරණ නීතියක්.... ඉතින් මෙහෙම තියෙනකොට මොන සහජීවනද? මේක නිකන් සිංහලයව රවට්ටන දෙයක් විතරයි...

:       1       53

athula Thursday, 25 May 2017 06:17 PM

සිංහලයා වෙනුවෙන් කියන කඩතුරාවට මුවාවී කරන දේවල් අනුමත කරන්න පුළුවන්නම්... එදා රතුපස්වල ජනතාවට වෙඩිතියලා...බිහිසුණු අපරාධයක් කරපු වෙලේ සිදුවූ දේ මතකද? ඒ වගේම 2014 වසරේ සාමණේරයන් වහන්සේලා 13 නමක් තම පන්සලෙන් ඉවත් කර දැමුවේ කුලයට ගැලපෙන්නේ නැහැ කියලා. ඉතින් තම ජාතිය වෙනුවෙන් කතාකරන්න පුළුවන්ද?

:       126       38

Shihan Thursday, 25 May 2017 06:22 PM

ඉතාම ඉක්මනින් වෙනස් කල යුතු ආන්ඩුවක්.. එක් ජාතියකක් පමනක් නොව මුලු ශ්‍රි ලන්කාවටම මළ ගෙදරට දක්වන නිවට පාලනයක්.. චන්දයක් ඉක්මනින් ගෙනෙනු.. අපට සෑබෑ වෙනසක් අවශයයි..

:       49       163

athula Thursday, 25 May 2017 06:32 PM

අද අපි කාටත් ඕන සමගිවෙලා ජීවත් වෙන්න මිස එකිනෙක මරාගන්න රටක් නොවේ අපි මනුස්සයන් විදිහට ඉපදී මිය පරලොව යන හැමෝම මෙයාල කරන්නේ රටේ තියෙන සැබැ ප්‍රශ්න මිනිසුන්ට අමතක කරලා නැති ප්‍රශ්නයක් ඇතිකරලා මෙම පාහර තක්කඩි පාලක දේපොළට බලය හුවමාරු කරගන්න ඉඩ සලස්වන එක කෝ මෙයාල කතා කරනවද රටේ බඩගින්නේ තම දරුවන්ට බත් කටක් දෙන්න බැරි අම්මල කෝච්චියට බෙල්ල තියනවා රටේ අපේම ගැහැනුන් මැදපෙරදිග වහල් බවට ගිහින් විදින දුක් පීඩාවලට රටේ අපරාද හොරකම් කුඩු මත්ද්‍රවය , මට අමතක උනා මෙයත් ඉතින් මත්වතුර පානය කරලා අහිංසක මින්හෙකුත් යටකරගෙන ගිහින් රිමාන්ඩ් එකේ හිටපු සිල්වත් එක්කෙනේක්නේ මෙයා පෙනී ඉන්නේ තක්කඩින්ට බලය අරන්දෙන්න හදන හෙන්චය්යෝ එතකොට එයාලත් ගොඩ .ජතිඅලය තමා විකුනන්නේ , රටේ දැවෙන එක ප්‍රශ්නයක් වෙනුවෙන්වත් මෙයාල පෙනී ඉන්නවද ? මේවගේ මැරයන් හිරේ දාන්නම ඕන , ජාතියට අද්රේනම් පළමුව විනීතව හැසිරෙන්න ඕන තමුන් ආදර්ශමත් වෙන්න ඕන නිකම් තක්කඩි කමට වීරයන් වෙන්න හදන අය නිසා අපි බොහෝ වන්දි ගෙවපු රටක් , පාලකයෝ රට වනසන අයව ආරක්ෂා කරනවා පැහැදිලිවම මොන ආගමක වුනත් මොන භාෂාව කතාකලත් රටට හානි කරනවානම් හිරේ දාන්නම

:       611       408

hasitha Thursday, 25 May 2017 07:03 PM

මියන්මාරේ වීරතු හිමිට ඒ රටේ ජනාදි පති හිස නැමුව . උන් වහන්සේ පෙන්නලා දුන්න අනතුර පොරවෙන් කොටන්න කලින් නිය පොත්තෙන් කඩලා දැම්මා.ජාතියන්ත්රේ මොනා කිව්වත් කලත් නුපන් පරපුරට ඉන්න රටක් හදල දුන්නා. අද යුරෝපෙට වෙලා තියන දේ ඇස් පනාපිට පෙනද්දී හින්දු බැති මතුන් කොට හේනේ කෝවිලේ පෙර හැර කරද්දී මාලිගාවත්තට එන්න එපා කියලා තරිජනය කරද්ධි . බෝ ගස් කපලා පල්ලි හදන කොට ඇස් කන් පියාගෙන ඉන්න පුළුවන් ද ?අනික අපේ හාමුදුරුවෝ කැලා කපල ද ? කුඩු ගෙනල්ල ද ? වඳ පෙති ගෙනල්ල ද ? රටේ වෙනමම කලාප ඉල්ලලා ද ?රටේ ජාතික සම්පත් විනාස කරලද ? පොලිස් මෙහෙයුම් කොරන්නේ ? කාට කාටත් කියන්නේ කන්න කටක් තිබිලා මදි ඉන්න රටකුත් ඕනි . මුන් වහන්සේ මේ කරන්නේ සිංහලයට රටක් වගේම හින්දු කතෝලික අයටත් බල පාන අනතුරක් පෙන්නලා දුන්න එක .ලංකාවේ අයි එස් නෑ කිව්වා සිරියාවට ගිය සෙලානිල උන්නේ නැද්ද ?කාට කොහොම පෙනුනත් මට පෙනේන්නේ සිංහල බෝඋද්ධ රටක් තියන තාක් කල් මේ රටේ සිංහල හින්දු කතෝලික අයට නිදහසේ ඉන්න ලැබේයි එතැනින් පස්සේ අබසරණයි !

:       87       343

Roshan Perera Thursday, 25 May 2017 07:29 PM

බෞද්ධයන්ට පමණක් ක්‍රියාත්මක වන නීතිය. මෙයයි ඔබ ජනවාරි 8 කල වෙනස. මේ දේවල් වලට සම්බන්ධ වන නිලධාරීන් ඉදිරියේදී මේවට වගකිවයුතු බව තේරුම් ගැනීමත් වැදගත්. මේ නිලධාරීන් ඉදිරියේදී අධිකරණට ගෙන ආ යුතුයි.

:       15       135

පිටිගල මිලානෝ Thursday, 25 May 2017 08:09 PM

මේ සිංහල බෞද්ධ රාජ්‍යය ආරක්ෂා කරන අය පොලිස් අත්අඩංගුවේ වැටෙනවානම් විල්පත්තුවේ කැලේ කපා වනසන අය පෝරකයට යැවිය යුතුයි නේද?? මේ අය දැන් ආයෙත් ලෝක වාර්තාවක් කරා යන බව පෙනෙනවා.

:       12       157

siri Thursday, 25 May 2017 09:56 PM

මේක මහා පුදුම විහිළුවක්.හාමුදුරුවන්ව අල්ලන්න විශ්ෂ පොලිස් මෙහෙයුමක්?මොකද හාමුදුරුවෝ කැලේ පැනලද?

:       16       57

bamunu Thursday, 25 May 2017 11:40 PM

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට කරන චෝදනාව සම්පුර්ණයෙන් හෙළ දකිනවාය. ඥානසාර හිමියනුත් බණ කියමින් කාලය ගෙවන්නට සිදු උනානම් මෙ යහපාලනය මුස්ලිමයින්ට සහ දමිලයින්ට මේරට ලියා දීල බොහොම කල්ය. මහා නාහිමිවරුන් ලැබෙන සුව පහසුකම් ලබමින් ඉන්නව මිස සාසනයට වෙන වින්නැහිය ගැන කිසිවක් කතා නොකරයි. ඥානසාර හිමියන්ට බණ කියන විට ඔය ආකාරයට කතා නොකරන බව අපි දනිමු. වෙසක් තොරණට අවසර නොදුන්නේ තෝරන් දැකීමෙන් මුස්ලිමයින්ගේ හිත රිදෙන නිසාය කියා බලදාරීන් කීබව ඥානසාර හිමියන් මල්වත්තේ නාහිමියනට පවසන ආකාරය අපි දැක්කෙමු. මල්වත්තේ නාහිමියන් ඔලුව වැනුවා මිස වචනයක් කතා කලේ නැත. ලංකාවේ සිටින සියලුම හාමුදුරුවරුන් මල්වත්තේ නාහිමි මෙන් ඔලුව වනමි සිටියොත් බුද්දාගමට වෙන්නේ මොකක්ද කියා පැහැදිලි කොරනවානම් හොඳය. පානදුරා වාදය කල මිගෙට්ටු වත්තේ ගුණානන්ද හිමියන්ගේ පිළිරුව දිහා බැලුවනම් ඒ ස්වාමින් වහන්සේ ඇඟිල්ලක් ඔසවා කරන කතාව මොනවගේ එකක්ද කියා ගොබ්බ්යින්ට නොවන කතා කොරන්න දන්නා මිනිසුන්ට හිතා ගත හැකිය. මිගෙට්ටු වත්තේ ගුණානන්ද හිමියන් එම වාග් ප්‍රහාරය දෙන්නේ ක්‍රිස්තියානි පූජකයින්ටය.

:       15       140

bamunu Thursday, 25 May 2017 11:42 PM

පානදුරා වාදය කල මිගෙට්ටු වත්තේ ගුණානන්ද හිමියන්ගේ පිළිරුව දිහා බැලුවනම් ඒ ස්වාමින් වහන්සේ ඇඟිල්ලක් ඔසවා කරන කතාව මොනවගේ එකක්ද කියා ගොබ්බ්යින්ට නොවන කතා කොරන්න දන්නා මිනිසුන්ට හිතා ගත හැකිය. මිගෙට්ටු වත්තේ ගුණානන්ද හිමියන් එම වාග් ප්‍රහාරය දෙන්නේ ක්‍රිස්තියානි පූජකයින්ටය. එම වාදය දැක්ක ඕල්කොට් වැනි අය ලංකාවට පැමිණ බුදුදහම වැළඳ ගත්ත මිස බුදුදහමට නිගරු කලේ නැත. මුස්ලිමයින්ගෙන් තම රටට වෙනවෙන ව්පත්තිය දකින යුරෝපයේ සිටිනවුන් ඥානසාර හිමියන් මුස්ලිමයින්ට විරුද්දව මේ කරන සටන ගැන සතුටු වෙනවා නොඅනුමානය. ට්‍රම්ප් මහතාද මුස්ලිමයින් තම රටට වෙන ලෝකයට වෙන විපත මැඩලීම ගත උත්සාහය ගොන් ඇමරිකානුවෝ දක්කෙනැත. ඒවා මොනවා උනත් ඥානසාර හිමියන්ගේ මේ උදාර පරිශ්ශ්‍රමය මුස්ලිම් ත්‍රස්ත වාදයෙන් සිංහල බවුද්දරට බෙරා ගැනීමටය. මගේ ගුරු හාමුදුරුවන් වන දැවමොට්ටාවේ අමරවංස හිමියන් ගැන ඔබ දන්නවා ඇති කියා සිතමි. ඥානසාර හිමියන් කතා කොරන විට දැවමොට්ටාවේ අමරවංස හිමියන්ට දෙවැනි නැත. හාමුදුරුවරු වේදිකාවට නගින්නේ මුස්ලිමයින්ට සහ දමිලයින්ට බණ කියන්න නොවේ, සිංහල බවුද්දයා නැගිටවීමටය.

:       20       176

sara Friday, 26 May 2017 12:53 AM

අන දෙන අයගේ ලේ පරික්ෂා කරලා බලන්න

:       16       58

Dodanpahala Friday, 26 May 2017 01:27 AM

හාමුදුරුවන් නෙවෙයි, ඇයි මේ මෙවැනි දේවල් වෙන්නේ, (1965 පටන්ගත් නැගෙනහිර අන්තවාදය (එකල හිටි බ්‍රිගේඩිය පොන්සේකා "මේවනවිට ඔහු මියගොස් ඇත" කෙලින්ම ආ බෝට්ටු විනාස කලේ එතුමාගේ බුද්දිය නිසා එහි ගිනි අවි තිබුන ඒ එදා, 1977 කොටි පටන් ගැන්ම, (ගණන් ගත්තේ එතම සුළුවෙන් ) 1983දි පොට වැරදුනා, එදා සිට 2009 දක්වා උන විනාසය, එය නවතුවේ විසල වියදමක් දරා බිය නැති නයකටුමෙක් නිසා, මේ මේ දක්ස බිය නැති හාමුදුරුවන් ගැන පොලිසිය ඔහු සමග මිත්‍ර්සිලිව බුද්දීමත්ව කටයුතු කරනවානම්, එය සුබයි, මහජනත්වට අවහිරයක්, කාලය, මුදල් නාස්තියක්, කදුළු ගැස් අයුතු ජනරාසියක් කිසිම ප්‍රස්නයක් නැහැ. ඇයි ගින්දර ආව්ලගන්නේ ලංකාවේ කොතරම් ප්‍රශ්න තියනවද? අවරුදු 5ක බලය කන නොසිතා රටේ දිගු පැවැත්මට කරුත් අපි වේද කරනවා නම් එත් හොදයි අපි අවරුදු 28ක් තිස්සේ අරාබියේ දුක් විදින්නේ රටේ තියන උද්දමනය නිසා රට ඇතුලේ සිටින ප්‍රබු කියන අය සැප විදින්නේ, හොද වේතනයක් ගන්නේ අපි නිසා, අපි දන්නවා රටක් දියුණු කරනහැටි නමුත් ඔය ලංකාවේ අමුතු නිතිය නිසා අපි අක මැතියි...

:       9       100

Ruwan Friday, 26 May 2017 01:44 AM

එතකොට අර නැගෙනහිර බොදු සිද්ධස්ථාන වල නටබුන් ඩෝසර් කරන අය, විල්පත්තු කැලේ කපන අය අල්ලන්නේ කවද්ද?

:       15       110

suran Friday, 26 May 2017 02:39 AM

අදහස් ප්‍රකාශ කරලා තියෙන විදිය දැක්කම ලොකු සතුටක් දැනෙනවා. මෙතන හැමෝම පක්ෂවල පාට කන්නාඩි ගලවල තම හිතට එකගව අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. සිංහලයාගේ සහජීවනය නිසා තමා අදවනතුරු සියලු ජාතීන් මේ රටේ ජීවත් වෙන්නේ. එම සහජීවනය බියගුලුකමක් ලෙස සිතන අරාබි අන්තවාදීන්ට නියම පිළිතුරක් තමා දැන් දියයුත්තේ. අපේ සිංහල දේශපාලකයෝ තම බලය රැකගැනීමට අපේ ජාතීය ආගම පාවාදෙන තත්වයට පැමිණ ඇත.

:       20       167

gallage Friday, 26 May 2017 02:50 AM

අපේ හාමුදුරුවෝ ටිකක් සැරෙන් කතා කල තමා. ඉතින් මේක ප්‍රජාතන්ට්‍රවාදය නෙමෙයිද. සිංහල, බෞද්ධ හැමෝගෙම අදහස මම හිතන විදියට, නීතිය අර අවුරුදු 12කින් ගෑනු ළමඊ සහේට ගන්න පුළුවන් කියපු මරක්කල හාදයත් හිරේ යවන්න ඕනේ. පුරා වස්තු කඩන කට්ටියත් එහෙම්ම යවන්න ඕනේ.

:       19       79

vipula Friday, 26 May 2017 02:59 AM

උඩ පැනගෙන ගිහිලා ජන්දේ දුන්නට රටට වෙලා තියෙන සෙතේ මොකක්ද ? හැම අතින්ම සිංහලයට කුඩම්මාගේ සැලකිලි. අපි දැන්ම ප්‍රර්ථනා කරන්න වෙනවා නැවත කරුමෙට හරි මේ රටේ ඉපදෙනවා නම් දෙමළ හෝ මුස්ලිම් වෙලා ඉපදෙන්න කියල. තමන්ගේ ජාතිය වෙනුවෙන් හඩ නගන නායකයෝ ඉන්නේ දෙමළ හා මුස්ලිම් ජාතියට පමණයි

:       33       69

sanjeewa Friday, 26 May 2017 03:15 AM

මමත් යහපලනෙට චන්දය දුන්න හැබැයි මේ වගේ අමන වැඩ බලාපොරොත්තු වුනේ නෑ ඊළඟ පාර ගෝටාබය මහත්තය ඉල්ලුවාම මේවා ඔක්කොටම විසදුම් ලැබෙයි.

:       4       108

vipula Friday, 26 May 2017 03:23 AM

බෑ ඉවසන්නට බෑ ඉවසන්නට අම්මෙනි පෙම්බර ලංකා .............. මා සිත ගින්නෙහි ලූ ලුණු මෙන් පුපුරන්නේය කෝප විකාරෙන් ............. ඈ සනසන්නට සිංහල ලේ ඇති සිංහල කොල්ලෙකු අය්යෝ ............ දැන් උපදින්නේම නැද්ද උපුල්වන් දෙවි රජුනේ ලක රක්නා................'ටිබෙට් ජාතික එස් , මහින්ද හිමි '

:       35       134

Vasala Kumarage Friday, 26 May 2017 04:02 AM

මේ සියල්ල දේශපාලන සැලසුම්. දේශපාලන න්‍යාය පත්රය සඳහා සාප්පු සවාරි යනවා කෙනෙක් ඇප අවස්ථාවක් නැත

:       1       19

sameera Friday, 26 May 2017 04:36 AM

කවුරු කරත් වැරද්ද වැරද්දමයි. එයගේ කට හරි නැහැ. භික්ෂු නමකට ඔය ක්‍රියා කලාපය හරි නැහැ. භික්ෂු නමකට කුණුහරුප කීමට පුළුවන්ද ? එයාව අල්ලන්න ලේස්ති වෙන කොට නාඩගමක් නටනවා. මම නම් ඔහුව භික්ෂුවක් ලෙස සලකන්නේ නැහේ. ඔහු දාමරිකයෙක්

:       527       141

sanath Friday, 26 May 2017 04:39 AM

මේ හමුදුරුවොගේ ආරක්ෂාවට ජන වැටක් බදින්නට කාලය ඇවිල්ල.

:       22       200

sanju Friday, 26 May 2017 04:52 AM

විගන්ශ්වරන්ලට සිවාජිලිංගම්ලට එතකොට මුස්ලිම් ලොක්කෝ ටික පන්සල් කඩනකොට, අනිත් ආගම වල යට තර්ජනය කරනකොට, ජනදිපතිට තර්ජනය කරනකොට පූසෝ වගේ ඉන්න දූෂිත ආණ්ඩුව මේ අපේ කම රක ගන්න පොඩ්ඩක් හරි කෑ ගහන හාමුදුරුවන්ව අල්ලන්න තියෙන උනන්දුව. මේ ගොල්ල අායෙත් චන්දෙ ඉල්ලන්න එන්න ඕනෙනේ.

:       26       118

චන්දා Friday, 26 May 2017 04:55 AM

මේ අපේ ජාතිය, මේ මගේ රට, නෙවෙයි කියලයි කලක ඉදන් මමත් හිතෙන්නේ, තොපේ රටනේ... ඕනි විධියකට කාපල්ලා.

:       1       62

REHAN Friday, 26 May 2017 05:20 AM

මෙහි අදහස් ප්‍රකාශ කරන බහුතරය ඇත්තවශයෙන්ම රටට ආදරය කරන පිරිසක් ලෙස නොපෙනේ. ඔබ සියලු දෙනා ප්‍රකාශ කරන දේවල් සාක්ෂි සමග තහවුරු කර ඇත්නම්, කිසිදිනෙක වගකිවයුතු රජයක් ඒවා මගනොහරිවී. කරුණාකර පහත ලිනක එකේ මගේ අදහස බලන්න. සියලු-අන්තවාදීන්ට-එරෙහිව-නීතිය-ක්‍රියාත්මක-කරන්නයි-ඉල්ලති/11-513078

:       442       195

Senarath Friday, 26 May 2017 05:34 AM

රටකට හරි නායකයෙක් නැතිවුනාම වෙන්න පුළුවන් හානිය මෙච්චරයි කියල නිමකරන්න බැහැ. මේ ටික කරගන්න පුළුවන් බව දන්නා නිසයි සුළු ජාතික අන්තවාදීන් මෙවැනි නායකයන් බලයට ගන්න උදවු කලේ . මේවට උදවු කරපු මහාචාර්යවරුත් හිටිය.

:       10       214

charitha Friday, 26 May 2017 06:17 AM

ඥානසාර හිමි ව වීරයෙක් කියල කියන අය ටිකක් හොයල බලන්න මෙයාල යන්නේ කොයි කොයි රටවලටද? ඒ රටවලින් ඩොලර් දෙන්නේ කව්ද කියල( අන්‍ය ආගමික කිහිප දෙනෙකුටත් ). අධිරාජ්‍යවාදීන්ගේ කොන්ත්‍රාත් අරගෙන නැවතත් ත්‍රස්තවාදය ඇති කරන්න තමයි මෙයාල උත්සහ කරන්නේ. BBS ලගේ කාර්යාලය, පන්සල් තියන කොළඹ තමයි අපිත් ඉන්නේ. මෙයාල සිංහල බෞද්ධයන් වෙනුවෙන් නෙමේ පෙනිහිට්ටින්නේ. මෙයාලව සමාන කරන්න පුළුවන් දේවදත්ත සමග පමණයි.

:       506       98

saama Friday, 26 May 2017 06:19 AM

නැති ප්‍රශ්න ඇති කරනවා. අවුරුදු 30 ක යුද්ධයකින් බැට කෑව ඇති. අවුරුදු 2500 ක බුදුදහමත් රැකගෙන සියලු ජාතින් අතර සාමය සමාදානය රැකගන්නට බුදුදහම වගේම අනෙකුත් ආගම් හා ජාතින් උදව්වුණා. නමුත් සුළුපිරිසකගේ අන්තවාදී අදහස් නිසා යුද්ධයකට රට තල්ලුවී ගියා. නැවත එවැන්නක් ඇති නොවිය යුතුයි. ප්‍රජාතන්තවාදී රටක අදහස් ප්‍රකාශ කිරීමට අයිතිය ඇතත් මේ වගේ හැසිරීමට නීතියෙන් ඉඩක් නැත.

:       268       23

salaam Friday, 26 May 2017 06:50 AM

අනේ අපි මුස්ලිම්, සිංහල හෝ දෙමළ මිනිස්සුන්ට කරපු වරද මොකක්ද? අපි කාගෙවත් ඉඩම් ගත්ත ද? මේ සියල්ල දේශපාලන සැලසුම්....

:       33       6

PULASTHI RASANGA Friday, 26 May 2017 08:43 AM

රටේ නායකයා කෙලින් ඉන්න ඕනේ... නැත්තම් එ්කට අපේ හාමුදුරුවෝ එදිරිපත් වෙන්න ඕනේ. එත් මහානායක හිමිවරුත් ඔහේ බලන් ඉන්නවා. මේ වෙලාවේ අපේ පිහිටට ඉන්නේ ගලබොඩ හාමුදුරුවෝ තමයි...

:       47       50

thilakamal @gmail.com Friday, 26 May 2017 10:58 AM

ඥානසාර හිමියෝ තමන්ගේ ජීවිතය ගෙන නොසලකා කතා කරනවා. සිංහල බෞද්ධයින්ගේ අයිතිවාසිකම් වලට.... අතීතයේත් සඟරුවන ඉස්සරහට ආවා....අපි සියලු දෙනාම පාරට බැහැල අපේ අයිතිවාසිකම් වලට කටයුතු කළේ නැති නම් ... අපිට රටක් නැති වෙනවා. එන්න එන්නම මහජාතියට එරෙහිව කටයුතු කරන්නේ. දැන් ඉන්න මිනිස්සු තමන් ගැන විතරයි හිතන්නේ.... රට හැරලා යනවා. සිංහලයිනි, නඅගිටින්න... නැති නම් නුඹලාගේ අනාගත පරපුරට රටක් ලෝකයේ කොහෙවත් නැති වේවි.. !!!

:       60       102

jayantha gunawardena Friday, 26 May 2017 04:03 PM

මුස්ලිම් මිනිසුන්ට හරියාකාරව නීතිය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවට බෑ. පොලිසියට මහ බැංකුව කොල්ල කාපු අය අල්ලන්න බෑ. පොඩි කෙනාට තමයි හැම නීතියම...

:       0       24

ajith kumara Saturday, 27 May 2017 05:34 AM

ජාතිය රන් විමනක් සේ, ආගම මිණි පහණක් සේ....එය රැක ගන්න අපේ හාමුදුරුවනේ... ඔබවහන්සේට ශක්තිය ලැබේවා... බුදුසරණයි !!!

:       0       102

Anoma Saturday, 27 May 2017 01:15 PM

ප්‍රමාද වී හෝ විසඳුමක් හොයමු. සිංහල ජාතිය නැවත ගොඩනඟමු. ඉවසීමෙන් ජාතිය අවදිකරන වැඩපිළිවෙළකට යමු.. අපි තවමත් ප්‍රමාද නැහැ.

:       33       56

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

වියදම් වාර්තා නොදුන් මන්ත්‍රී අපෙක්ෂකයන් තොරතුරු ඩී.අයි.ජී.ලාට
2025 ජනවාරි මස 02 215 0

වියදම් වාර්තා බාර නොදුන් මහ මැතිවරණ අපේක්ෂකයන් පිළිබඳ වාර්තා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට බාර දෙන ලෙස මැතිවරණ


කෙහෙලියගේ බෙහෙත් සීට්ටුවට අනුමැතිය දුන් හිටපු ජනපති, අගමැතිගෙන් ප්‍රකාශ
2025 ජනවාරි මස 02 7397 23

ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකා


හිටපු ඇමැතිවරයකුගේ කෝටි 4ක වාහන පොලිස් බාරයට
2025 ජනවාරි මස 01 6799 5

බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකුට අයත් බව කියන රුපියල් කෝටි හතර හමාරකට වඩා වටිනාකමකින් යුත් සුඛෝපභෝගි වාහන තුනක් අත්අඩංගුවට ගැනීමට වලාන මධ්


අයවැය පෙබරවාරි 17 පාර්ලිමේන්තුවට
2025 ජනවාරි මස 01 858 0

රජයේ අයවැය ලබන මස 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.


5 ශිෂ්‍යත්ව පේපරය පිටකළ අයට වන්දි ගෙවන්න නියෝග
2024 දෙසැම්බර් මස 31 5132 3

පසුගියදා පැවති ශිෂ්‍යත්ව විභාගයේ දී ප්‍රශ්න පත්‍ර පිටවී ඇතැයි ඇතැයි කියන සම්බන්ධයෙන් නිදහස් ලකුණු ලබාදීමෙන් ශිෂ්‍යයන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇ


පාර්ලිමේන්තු ලොක්කෝ තවත් 3ක් CIDයට
2024 දෙසැම්බර් මස 30 1760 4

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් වැරදි ආකාරයට ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරී


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 371 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 191 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 175 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site