IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ඥානසාර හිමි පෙත්සම ඉල්ලා අස් කරගනී

(  තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

තමන්වහන්සේ අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා බොදුබල සේනා සංවිධානයෙහි මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (22) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලා අස් කර ගන්නා ලදී.

මෙම පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අතර එහිදී පෙත්සම්කාර ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ටිරන්ත වළලියැද්ද මහතා අධිකරණයට දන්වා සිටියේ එම හිමියන් විසින් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් නිකුත් කළ වරනේතුව ඉවත් කර ගැනීමට කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය කටයුතු කිරීම සහ වෙනත් නඩු කිහිපයක් අදාළව ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය කටයුතු කර තිබෙන බැවින් මෙම පෙත්සම තවදුරටත් පවත්වා ගෙන යෑමට තම සේවාදායකයාට අවශ්‍ය නොවන බවය.

එසේම පෙත්සම මඟින් ඉල්ලා සිටින සහන මේ වන විට පෙත්සම්කාර හිමිනම ලැබී ඇති බවද වළලියැද්ද මහතා එහිදී වඩිදුරටත් කියා සිටියේය.එම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම නිෂ්ප‍්‍රභ කිරීමටද තීරණය  කරන ලදී.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් තමා සම්බන්ධයෙන් පවත්වන විමර්ශනයන් අවසන් වන තෙක් හා ඒ සම්බන්ධයෙන් නීතිපති ගේ උපදෙස් ලැබෙන තුරු තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබිණි.



අදහස් (2)

ඥානසාර හිමි පෙත්සම ඉල්ලා අස් කරගනී

ජයන්ත Thursday, 22 June 2017 12:57 PM

අපි හොඳ බෞද්ධයන් බවට සහතිකයක් ඒක...

:       0       0

shan saudi Thursday, 22 June 2017 01:04 PM

ඔබවහන්සේ නඩුව ඉල්ලා අස්කරගත් එක ප්‍රස්නයක් නැත. නමුත් ඔබවන්සේගේ ආරක්ෂාව පිළිබඳව වැඩි සැලකිල්ලක් දන්වන්න කිසි විටක කිසිවෙකු විශ්වාස කර කිසිම දෙයකට තනිවම ඉදිරිපත් වන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 628 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 176 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 512 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 130 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1759 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 184 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site