ඇමරිකානු ජනාධිපති ඩොනල් ට‍්‍රම්ප් මහතා විසින් හෙට (13) අත්සන් කිරීමට නියමිත ඇමරිකානු ඩොලර් බිලියන 700 ක ඇමෙරිකානු ආරක්ෂක අයවැයෙන් ශ්‍රී ලංකාව වැනි රටවල් කිහිපයක් සඳහා අරමුදල් සැපයීම පිළිබඳව අවධානය යොමුවී ඇතැයි චීනයේ සී.ජී.ටී.එන් ප‍්‍රවෘත්ති සේවය අද (12) වාර්තා කළේය.
මෙම දැවැන්ත ආරක්ෂක අයවැය මගින් චීනය සහ රුසියාවට එරෙහිව ඇමරිකානු යුද බලය ගොඩනැගීමට ප‍්‍රධාන වශයෙන් අවධානය යොමුවන බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
ට‍්‍රම්ප් ජනාධිපතිවරයා ගේ ආරක්ෂක අයවැයට ඉකුත් 02 වැනිදා ඇමරිකානු මහජන නියෝජිත සභාවේ සහ සෙනෙට් සභාවේ අනුමැතිය හිමිවී ඇත.
පැසිෆික් කලාපීය නාවික මෙහෙයුම්වලදී චීනය හුදකලා කිරීමට ඇමරිකාව අදහස් කරන අතර, ඇමරිකානු විශ්වවිද්‍යාල වල විද්‍යා ආයතනවල චීන භාෂා වැඩසටහන්වලට පවා අරමුදල් කපා හැර ඇතැයි එම චීන සී.ජී.ටී.එන් ප‍්‍රවෘත්ති සේවා වාර්තා වේ දැක්වේ.
ඇමරිකාවේ ආරක්ෂක අයවැයේ මීට පෙර තේමාව වූයේ ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය වුවත් මෙවර එය ක‍්‍රමෝපාය තරඟකාරීත්වය මත පදනම්වීම විශේෂත්වයකි. ඒ අනුව ආසියා - පැසිෆික් කලාපය කෙරෙහි ඇමරිකාවේ විශේෂ අවධානය යොමු වී ඇත.
එබැවින් මෙවර ආරක්ෂක අයවැයෙන් ලංකාව සහ ඉන්දියාව වැනි රටවල් සමඟ සමීප ආරක්ෂක සහයෝගිතාවක් ගොඩනැගීම සඳහාද මුදල් සැපයීමට කටයුතු කර ඇති බව මේ පිළිබඳ වාර්තාවක් ගෙන එන චීන සී ජී ටී එන් ප‍්‍රවෘත්ති සේවය සඳහන් කර සිටී.
(125)
ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ට්රම්ප් අත්සන් කිරීමට නියමිත ඇමෙරිකා ආරක්ෂක අයවැයෙන් ලංකාවටත් අරමුදල්
සෙනෙවි Sunday, 12 August 2018 01:01 PM
කුම්බලා මාළු කාලා විඳවන්න වෙයිද?
Udaya Sunday, 12 August 2018 05:40 PM
අපේ ශ්‍රි ලාංකිකයො බොහෝ දෙනෙක් ඇමරිකා පුරවැසියන් වෙලා ඉන්න හින්දා වෙන්න ඇති. ඒ අතර ප්‍රභූ අයත් ඉන්නවානෙ. ඒ සැමගේ ඥාතින්ගේ ආරක්ෂාවට වෙන්න ඇති.
C.K.Lankaputhra. Monday, 13 August 2018 12:28 AM
මේක හොඳ වැඩක්. චීන ව්‍යාප්ත වාදය ලංකාව තුල පාලනය කල යුතුය.
jayantha Monday, 13 August 2018 03:56 AM
හොද දෙයක්. බලන්න චීනය සහ රුසියාව පස්සෙන් ගිහින් අපේ රට ණය ගොදුරට පත් උන හැටි.