IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ඩොලරය 183 ට නගී

(හර්ෂණ තුෂාර සිල්වා)
 

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (7) ශ්‍රී ලංකා රුපියල් 183.07ක් ලෙස දැක්විණි.
 
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ ගැනුම් මිල ඊයේ (6) 179.40ක් ලෙසද සටහන්ව තිබිණි.
 
ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන දත්තවලට අනුව පසුගිය සතියේ සිකුරාදා (4) දක්වා මේ වසරේ ගත වූ කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සියයට 0.6කින් ඉහළ ගොස් තිබේ.
 

එම කාලයේදී ස්ටාර්ලිං පවුමට සාපේක්ෂව සියයට 3.3කින් ද යුරෝවට සාපේක්ෂව සියයට 4.8කින් ද ඉන්දීය රුපියලට සාපේක්ෂව සියයට 2.2කින් ද ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ ගොස් තිබේ.
 
 කෙසේ නමුත් ජපානයේ මුදල් ඒකකයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 2.7කින් පහළ වැටී තිබේ.



අදහස් (14)

ඩොලරය 183 ට නගී

suranjith Monday, 07 October 2019 10:08 AM

මේ ප්‍රවුර්තිය නම් දල තියෙන්නේ මහජනයා නොමග යවන්න දේශපාලන වශයෙන් එක්තරා ඡන්ද අපේක්ෂකයකුට වාසි වීමටත් ආණ්ඩුවේ ඉන්න අපේක්ෂකයට අවාසිවෙන හැඟීම් ඇති කරන්න මක් නිසාද යත් මීට කලිනුත් ඩොලරය 184 නැග්ග ඊට පසු ක්‍රමයෙන් අඩු උනා.

:       785       634

SenarathMonday, 07 October 2019 10:45 AM

අනේ ඔබලා වැනි මිනිසුන්. රුපියල කොයිතරම් බාල්දු උනත් ආර්තිකය කොයිතරම් විනාශ වුනත් කමක් නෑ තම්න්ගෙ වහල්කම් කරන නායකයාට ඡන්දෙ දෙනවනම්

:       410       1068

ශ්‍රීමාල්Monday, 07 October 2019 01:04 PM

තව පොඩ්ඩක් ණය වෙලා තව වරායකුයි, හිස් ගුවන්තොටුපොලකුයි හැදුවනම් බලාගන්න තිබුන රුපියල ගුවන්ගත වෙන අපූරුව

:       18       84

chandimaMonday, 07 October 2019 04:25 PM

ශ්‍රීමාල්වරයෙකුයි, ගුවන් තොටුපොලකුයි හදපු එක ගැන හූල්ලනවා. වෙන රටවලට ඔයිට වැඩිය දේවල් හදනවා. නමුත් ඉන්පස්සේ ආණ්ඩුව වෙනස් වුනත් ඒ හදපු දෙයින් ප්‍රයෝජනයක් ගන්න බලනවා මිසක් හදපු කෙනාට බැන බැන අවුරුදු හතර හමාරක් උඩබලාගෙන ඉන්නේ නැහැ. අපේ රටේ සම්මන්ත්‍රණයි , කමිටුයි විතරයි අවුරුදු හතර හමාරක්ම.... ඉතින් රුපියල ඔයගාණටවත් තියෙන්නේ රටේ මිනිස්සුන්ට පින් සිදුවෙන්න මිසක් ආණ්ඩුවට පින් සිද්දවෙන්න නොවෙයි. ඔය පිංගුත්තරයන් අායෙත් ආවත් තවත් රටෙන් කෑල්ලක් විකුණනවා ඇරෙන්න වෙන කරන දෙයක් නැහැ. මොකද ඊළඟ පරම්පරාවක් නැති කෙනෙකුට රටක් වැඩක් නැහැනේ?

:       0       55

BamunuarachchiThursday, 10 October 2019 12:50 PM

ශ්‍රීමාල් මෙතැන විකාර කරන්නේ නැතිව අන්තර්ජාලයට ගිහිල්ලා 2015 කලින් රුපියලේ වටිනාකමයි, මහබැංකු කොල්ලයෙන් පස්සේ රුපියලේ වටිනාකමයි පොලී අනුපාතයයි සොයා බලන්න. ගොන් කතා කියන්නේ නැතුව ටිකක් දැනුවත් වෙන්න...

:       0       0

BamunuarachchiThursday, 10 October 2019 12:52 PM

ශ්‍රීමාල් ආතබූත නැති මැට්ටෙක් වගේ කතා කරන්නේ... මම මෙතන ලියන්නේ අන්තර්ජාලයෙන් කරුණු සොයාගෙනයි.

:       0       0

thusharaMonday, 07 October 2019 10:52 AM

උඩ යන්නේ නැතුව රැකගත්තනම් මෙහෙම දාන්න වෙන්නේ නැනේ

:       3       3

චමින්දTuesday, 08 October 2019 12:18 AM

සුරංජිත් හරි.පසුගිය දිනක ප්‍රවෘත්තියක් පලවුනා රටේ ආදායම බිලියන දෙදාහයි.වැටුප්වලට දෙදාස් එක්සියයි කියල.පසුගිය ආණ්ඩු කාලේ හිතුහිතු හැටියට පත්වීම් දුන්න පිරිස් ඡන්දයෙන් වාසිගන්න රැකියාදුන් පිරිස් ලවා විවිධ හේතුමත වර්ජන කරවනවා(හරියට බළලුන් ලවා කොස් ඇට බාවනවා වගේ) ඒ කාල හිටපු පාලකයින්ට බැරිවූ බොහෝ දෙවල් මේ රජය කර තිබෙද්දීත් තැඹිලි පොවනතුරු වර්ජන කරවනවා. මෙහෙම වර්ජන කරවලා රටේ ආදායමම රජයේ සේවකයින්ට දීමට මදිවුනාම තවතවත් ණය ගන්නවෙනවා.රටට වඩා තමාගේ වාසිය හිතන දේශපාළුවන් නිසා වැඩි දිනක් නොගොස් ඩොලරය 250 ට වැඩි නොවුනොත් තමා පුදුමයක් වන්නේ.

:       1       10

Amila Monday, 07 October 2019 10:32 AM

ඕක සාමන්‍ය දෙයක්. මේ දිනවල ඩොලරය ශක්තිමත් වෙලා තියෙන්නේ. යුරෝ එකත් වැටිලා තියෙන්නේ ඩොලරය නිසා.

:       91       190

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Monday, 07 October 2019 11:04 AM

අපේක්ෂකයින් වැඩි වෙනකොට ඩොලරයත් වැඩිවෙලා...

:       110       84

Sujeewa Silva Monday, 07 October 2019 11:54 AM

US $ ය ශක්තිමත් බව ඇත්ත. නමුත් රුපියල බාල්දුවන්නේ ඒ හේතුව නිසා නොව. අපේ අපනයනයන් 2015 සිට පහත ගිය නිසාවෙනි. රටේ රබර් කපන්නේ නැති, තේ දළු නොකඩන, පොල් මෝලවල් අපෙන් පොල් ගන්නේ නැති එකම වකවානුව මෙයයි. යුද්දය අවසාන වී, සංචාරක කර්මාන්තය 2018 දක්වා විශාල ලෙස රැකියාවන් උපද්දවමින් විදෙස් විනිමය ගෙනාවත්, ආරක්ෂා කටයුතු වල සහ රටේ පාලනයේ දුර්වලතාවත්, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර හමුවේ, සංචාරක කර්මාන්තයටත් අබ සරනයී.

:       8       37

dumindaTuesday, 08 October 2019 03:45 AM

වෙන්න ඕනි ඩොලරය උඩ ගිය කියල වැලපෙන එක නෙවි , අද විදේශ විනිමය උපයන ආයතන හොඳ ලාබයක් ලබනවා ඔබ හරි අපනයන ශක්තිමත් කල යුතුයි නැත්නම් පුහුණු ශ්‍රම බලකාය විදේශ රටවලට යැවිය යුතුයි , කොහොමත් ලංකාවට දැන් තියෙන්නේ සේවා ආර්ථිකය වැඩි කරන එක මොකද නිෂ්පාදන වලින් අපි ගොඩක් පිටිපස්සේ ඉන්නේ

:       1       0

Nalaka Monday, 07 October 2019 11:00 PM

ඩොලරය නගින හැටි බලන්න පුළුවන් ගෝඨා ජනාධිපති වෙච්ච දවසට. එතකොට ඔය ඔක්කොමටම තරු පෙනෙයි!

:       2       2

Kumar Tuesday, 08 October 2019 03:33 AM

ලංකාවේ සෑම දෙයකටම දේශපාලනය ගාවගන්නවා නේද.? හතර වටින්ම ණයගන්න කොට කවුරු දින්නත් රුපියලේ අගය අඩුවෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ජල ගාස්තුව සියයට 10 ත් 30 ත් අතර අඩු වීමක්
2025 පෙබරවාරි මස 05 38 0

ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.


පොල් මද ගේන්න කැබිනට් අනුමැතිය
2025 පෙබරවාරි මස 05 142 0

දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


එජාප කාන්තා සංවිධානය අචිනිට
2025 පෙබරවාරි මස 05 701 1

එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.


වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 2549 3

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 729 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


නාන්න ගිහින් වීරවිල වැවේ සැඟවෙයි
2025 පෙබරවාරි මස 05 377 0

බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 764 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site