IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ඩී.අයි.ජී නාලකගේ කාමරයට සීල්

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති, නාලක සිල්වා මහතාගේ නිල කාමරයට පසුගිය සිකුරාදා සීල් තබා ඇතැයි ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ග වලින් පැවසේ.

නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල කාමරයට සීල් තැබීමට පෙර එහි තිබූ ලැප්ටොප් පරිගණක දෙකක්ද ඉදිරි විමර්ශන කටයුතු සඳහා රහස් පොලිස් බාරයට ගෙන ඇති බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට ඊයේ (30) පැවැසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා කුමන්ත්‍රණය කළ බව දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතා රහස් පොලිසියට කළ පැමිණිල්ලක් පිළිබඳව පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසුව නියෝජ්‍ය පොලිස්පතිවරයා අනිවාර්ය නිවාඩු යවනු ලැබීය. 

මෙම කුමන්ත්‍රණයට අදාල සංවාද පටිගත කෙරුණු ජංගම දුරකථනයක් ද, නාමල් කුමාර මහතා විසින් පරීක්ෂණ සඳහා රහස් පොලිසියට බාරදෙනු ලැබු අතර ඉන් පසුව අධිකරණ නියෝගයක් අනුව රජයේ රස පරීක්ෂකවරයා විසින් නාමල් කුමාර මහතාගේ හා නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කටහඬ පරීක්ෂා කරනු ලැබීය. 

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා මේ සතියේ රහස් පොලිසියට කැඳවා මෙම ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට අදාළව ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබා ගැනීමට ද නියමිත බව රහස් පොලිස් ආරංචි මාර්ග කියා සිටියි.

නාමල් කුමාර මහතා රහස් පොලිසියට ඉදිරිපත් කළ ජංගම දුරකථනයේ ඇති දත්ත විශ්ලේෂණ වාර්තාවක්ද අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස මීට පෙර අධිකරණයේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට නියෝග කර තිබිණි.

 

 

 



අදහස් (12)

ඩී.අයි.ජී නාලකගේ කාමරයට සීල්

dasun Monday, 01 October 2018 06:04 AM

අස්සයා විතරක් නෙවෙයි ඉස්තාලේටම පැනල යන්න වෙලාව දීල තමයි දොර වහල තියෙන්නේ.

:       0       237

Senarath Monday, 01 October 2018 06:13 AM

දැන් කාමරයට සීල් තියල මොනවා කරන්නද ? ඔය චෝදනාව කරාට පසුව ඔහු කි දවසක් එම තනතුරේ සිටියද? ඒ කාලය හොදටම ප්‍රමාණවත් සාක්ෂි විනාශ කරන්න.

:       0       363

Bamunuarachchi Monday, 01 October 2018 06:14 AM

ගන්න ඕනේ දේවල් එළියට ගන්න කාලය දුන්නානේ දැන් ලාකඩ අලවලාම සීල තියන්න. කුමන්ත්‍රණය අල්ලන්න බාර දීලා තිබෙන්නේ කුමන්ත්‍රණයේ කොටස් කාරයින්ට නම් දොරට මොන සීල දැම්මත් වැඩක් නැත.

:       2       274

එර්දි Monday, 01 October 2018 06:51 AM

දේශපාලන පාතාලය රාජ්‍ය නිලධාරින් බිල්ලට ගැනීමේ තවත් නාටකයක්... නාමල් කුමාර නැමැත්තා මුදලට බොරු වපුරා වැටුප් ලබන්නෙක් බව පැහැදිලි සාක්ෂි තිබියදීත් මොහුව ප්‍රශ්න නොකර සිටින්නේ කුමන බලවත් හස්තයක් නිසාද?

:       114       52

GamiyaaMonday, 01 October 2018 08:36 AM

ඔහුගේ රැකියාව සහ ලිපිනය කොහිද? නොදන්නාකමටයි අහන්නේ...

:       5       108

Raveendra Monday, 01 October 2018 08:28 AM

නැහැ නැහැ සීල් තියලා තියෙන්නේ කුලියට දෙයි කියලා බයේ... නැතුව මේ වෙන කිසිදෙයකට නොවෙයි...

:       0       72

dhamneth Monday, 01 October 2018 09:13 AM

මේ දූෂණ විරෝධී බලකාය ආරම්භ කර කොපමණ කාලයක් වෙනවද? මේ දූෂණ විරෝධී බලකාය මගින් වෙනත් දුෂණ සම්බන්දයෙන් අල්ලස් කොමිසමට හෝ එෆ්.සී.අයි.ඩී. යට පැමිණිලි කර තිබෙනවද කියා ජනතාව දැනුවත් කරන්න...

:       6       23

tikiri Monday, 01 October 2018 10:58 AM

මට නම් පෙනෙන්නේ අවුරුදු 3 1/2ක් දුවපු මෙගා නාටකයේ කොටසක් විදියටයි.. රඟපෑම නම් අන්තිමයි.

:       0       3

jayatissa Monday, 01 October 2018 12:27 PM

අපිත් කොන්ඩේ බැඳපු චීන්නු කියලා හිතන් ඇති. මේ නාමල් කුමාර කොහෙන් මතු වුනාද මේ හදිස්සියේ.

:       23       0

judi Monday, 01 October 2018 02:48 PM

දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතාගේ විස්තර පවසන ලංකා ඊ නිවුස්වල ලියලා තියෙනවා. නාමල් කුමාර ජනාධිපතිගෙන් වැටුප් ලබන සේවකයෙක් කියා... අනේ මන්දා අබුද්ධස්ස කාලේ පැණි වරකා මදුලට හෙන ගහලද..?

:       0       1

isuru Monday, 01 October 2018 02:55 PM

පිචන් මහත්තයෝ... යන එනමං නැහැ. මුළු රටම අවදියෙන්

:       0       0

Kumara Monday, 01 October 2018 11:29 PM

අර්ජුන මහේන්ද්‍රන් රටෙන් ගියාට පස්සේ වරෙන්තු යැව්වා වගේ..!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 

මහ පුවරුව

ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 136 0

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 5767 19

මෙරට ජනතාව වැඩි වශයෙන් පරිභෝජනය කරන නාඩු සහල් නිෂ්පාදනය කරන නාඩු වී කිලෝවක් රුපියල් 120 කට අළෙවි කළ හැකි බවත් සම්බා වී කිලෝවක් රුපියල් 125 කට සහ කීරි සම්බා


අපි ඔක්කොම එකම බිමක අරගලකරුවන්
2025 පෙබරවාරි මස 04 1957 14

රටට ආර්ථික සමාජ නිදහස පූර්ණ ලෙස දිනා ගැනීම සඳහා ඔබ අප එකම අරගල බිමක අරගලකරුවන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් උළෙල අමතමින් පැවසීය.


නිදහස් උළෙල ඇරැඹෙයි
2025 පෙබරවාරි මස 04 1697 4

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැමිණීමත් සමඟ 77 වන ජාතික නිදහස් උළෙල නිදහස් චතුරස්‍රයේදී ඇරැඹිණි.


තවත් සැක වාහන පහක් කලවානෙන් අල්ලයි
2025 පෙබරවාරි මස 03 3125 9

නීති විරෝධීව වාහන එකලස් කරන ලද ස්ථාන තුනක් වටලා රුපියල් කෝටි හතකට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී වහන පහක් භාරයට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා


කෝටි ගණනක ලුණු විනාශවෙන්න ඇරලා
2025 පෙබරවාරි මස 03 3706 8

ලංකා ලුණු සමාගමේ බුන්දල සහ පලටුපාන ලුනු ලේවායන්හි නිෂ්පාදිත රුපියල් 93,269,919 ක වටිනාකමකින් යුත් මෙට්‍රික් ටොන් 2402 ක පමණ ලුණු තොගයක් වසර ගණනාවක් තිස්සේ තත්


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site