IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ණය උගුලෙන් බේරෙන්න අපනයන ආර්ථිකයක් ඇති කළ යුතුයි -අගමැති


 
 
(මුදිතා දයානන්ද)
          
එදා පරාක‍්‍රමබාහු රජතුමා කුරුඳු වගාකර අපනයනය කර විදේශ විනිමය සොයා පරාක‍්‍රම සමුද්‍රය හැදුවා වගේ අද තිබෙන ණය උගුලෙන් බේරෙන්න නම් කර්මාන්ත බිහිකර අපනයන ආර්ථිකයක් ඇති කළ යුතු යැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අද (6) පැවසීය.


අගමැතිවරයා මේ බව සඳහන් කළේ බියගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමිනි. 


එහිදී තවදුරටත් අදහස් දැක්වු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.


'බියගම වෙළඳ කලාපය ඇති කරන කොට එදාත් සමහරු කිව්වා  ඕවා කෙරෙන වැඩ නෙවෙයි කියලා. ඒත් අද බියගම විශාල සංවර්ධනයක් අත්පත් කරගෙන තිබෙනවා. අද අපි මාවතගම, මිල්ලනිය ප‍්‍රදේශවල වෙළඳ කලාප ඇති කරන්න කටයුතු කරමින් ඉන්නවා. 


අදත් ඇතැම් අය ඒවා කවදා කෙරෙන වැඩද කියලා අහනවා. ඒත් අපි මේ රටේ අපනයන ආර්ථිකයක් ඇති කිරිම වෙනුවෙන් සැලසුම් ක‍්‍රියාත්මක කරගෙන යනවා. අපිට විදේශ විනිමය අවශ්‍යයි. නැත්නම් මේ ණය උගුලෙන් බේරෙන්න බැහැ. පරාක‍්‍රමබාහු රජතුමා පවා විදේශ විනිමය අවශ්‍යතාව දැක්කා. ඒ නිසා තමයි කළුතර ප‍්‍රදේශයේ කුරුඳු වගාකර පිටරට යැව්වේ. පරාක‍්‍රම සමුද්‍රය හැදුවේ ඒ මුදල් යොදවලයි.'

ඡායාරූප - ශාන්ත රත්නායක



අදහස් (15)

ණය උගුලෙන් බේරෙන්න අපනයන ආර්ථිකයක් ඇති කළ යුතුයි -අගමැති

Raveendra Friday, 06 July 2018 02:25 PM

අම්මපා... අපි ඒ ගැන දැනගෙන හිටියේම නැහැ නොවැ.. සුත්තර පුංචා දැන්නම් හොඳම විහිළු සපයන්නන්ගෙන් එක්කෙනෙක් වෙලා.. හා..හා..හොඳා..හොඳා...

:       577       657

MaheeSaturday, 07 July 2018 01:10 AM

ඇත්ත නේන්නම්, මාත් ඔය ඇහුවමයි.

:       130       183

rocky Friday, 06 July 2018 02:34 PM

එහෙම කළ යුතු බව අපි නම් ඉස්සර ඉඳලාම දැනගෙන හිටියා. දැන්වත් ඔබතුමාට ඒබව වැටහිලා තිබීම සතුටට කරුණක්. අපනයනය කරන්න මොනවා හරි අලුත් යමක් තියෙන්නත් ඕනනේ! බැරිද ඔය පාර්ලිමේන්තුවේ ඉන්න වාචාලයෝ දෙතුන්දෙනාව වත් " ටෝකින් මන්කීස් - මේඩ් ඉන් ශ්‍රී ලංකා " කියලා ලේබල් ගහලා හා පුරා කියලා රට පටවන්න.

:       8       507

senarath Friday, 06 July 2018 03:09 PM

ඒ වුණාට 2015 දී කිව්වේ දූෂණය නවතපුවම සංවර්ධන වැඩකරන්න පුළුවන්, ණය ආපසු ගෙවන්න පුළුවන් සහ නොයෙක් දේ.... ඒ විතරක්ද "ලිච්ඡවි පාලනයක් " කරලා පෙන්නනවා කිව්වා. වොක්ස්වැගන් කොම්පැනිය එනවා කිව්වා. දැන් අවුරුදු 3ක් ඉවරයි... මොනවද රටට වූ සෙතේ? රට ආපස්සට ගියා, අහිංසකයින් මරනවා, බැංකු කඩනවා... කෘෂිකර්මාන්තය ඉවරෙටම ඉවරයි.

:       454       945

nuwan Friday, 06 July 2018 04:57 PM

ණය උගුල කියා කියා හිටියම ලංකාවට එන්න ඉන්න ආයෝජකොත් හැරිලා යනවා. දැන් ඉතින් ජාත්‍යන්තර පත්තර වලත් දාලා ලංකාව ණය උගුලක හිරවෙලා කියලා. මේවට තොරතුරු දෙන්නෙත් අපේම අය තමයි. ඒ දේශපාලන වාසි ගන්න හැබැයි වෙන්නේ මුළු රටටම අවාසියක්. දැන් එයිද ආයෝජකයෝ..

:       358       496

gallage Saturday, 07 July 2018 03:50 AM

නැහැ. ඔයාගේ යාලුවත් එක්ක හොරකම් කරපු සල්ලි... ඒ ටික ගෙව්වොත් අපි ගොඩ...

:       127       320

Cisco Saturday, 07 July 2018 06:01 AM

අපි හිතාගෙන හිටියේ කුලියාපිටියේ වොක්ස්වැගන් කාර් අපනයනය කරනවා කියලා.

:       184       313

kaqlani Saturday, 07 July 2018 06:02 AM

අවුරුදු 70 ක් රට පාලනය කලේ ඔබතුමන්ලා සහ අනෙක් තුමන්ලා. මොනවද අපනයනය සඳහා කළේ? පැරණි වැව් ඔක්කොම රොන් මඩ පිරිලා, බැමි කැඩිලා. තේ, රබර්, පොල් වගාවන් විනාශ වෙලා, ධීවර කර්මාන්තය දේශීය පරිභෝජනය සඳහා හෝ ප්‍රමාණවත් නැහැ. මුළු රටම අඩපණයි. හැමදාම අලුතින් පටන් ගන්න අවශ්‍යයි කියා කියා සිටීම පමණයි වෙන්නේ. ලෝක ප්‍රසිද්ධ අපේ කුළු බඩු නිෂ්පාදනය කඩා වැටිලා. අපේ අම්මලා, අක්කලා මැද පෙරදිග වහල් මෙහෙය සඳහා යැවීම පමණයි සිදුවෙන්නේ.

:       0       374

පිටිගල මිලානෝ Saturday, 07 July 2018 08:14 AM

පොත්වල තියෙන ආර්ථික න්‍යායන් දෙසාබාන්නේ නැතුව වැඩක් කරලා පෙන්නනවද? මේකත් තවත් වොක්ස්වැගන් කොම්පැනියක්ද?

:       128       313

Banda Saturday, 07 July 2018 11:32 AM

මෙයා කරයි ආර්ථික අපනයනය කටෙන්...

:       0       109

de silva Saturday, 07 July 2018 03:19 PM

මහා පරාක්‍රමබාහු රජතුමා කුරුඳු වැවුවේ පොළොන්නරුවේද ? එහෙම දෙයක් මම ගිය ඉස්කෝලෙදි ඉගැන්නුවේ නැහැනේ? සමහරවිට එක උගන්වන්නේ රෝයල් එකේද දන්නේ නැහැ.

:       0       3

BamunuarachchiSunday, 08 July 2018 04:20 PM

පරාක්‍රමබාහු රජතුමා කුරුඳු වැවේ කොළඹ 7 නේ... එ්කනේ කොළඹ 7 ට කුරුඳුවත්ත කියන්නේ. පරාක්‍රමබාහු රජු මතක්වෙන්න මෙතුමා ඉන්නෙත් පරාක්‍රමබාහු රජුගේ කුරුඳු වත්තකලු..

:       0       3

raheem Saturday, 07 July 2018 05:34 PM

ඔය ඔක්කොම ණය ගෙවන්න පුළුවන් එක ක්‍රමයක් තියනවා. ඉස්සර වෙලා ඔය පාර්ලිමේන්තුවේ ඉන්න 225 මාස 6ක් ගෙදරට වෙලා ඉන්න එළියට බහින්න එපා. එතකොට ඒ ගොල්ලන්ගේ වාහනවලට, ඉන්න ගෝලයන්ට, පවුලේ අයගේ වියදම් රටේ මිනිසුන්ගේ සල්ලි වලින් යන්නේ නැහැ. රටේ මිනිස්සු තමන්ගේ පාඩුවේ වැඩ කරගෙන යයි.

:       0       1

Alfi Saturday, 07 July 2018 06:21 PM

මොනවා කතා කළත් පළාත් සභා ඡන්දයෙන් අන්ත පරාදයි. ජනතාව දන්නවා මඩ ලොරිගණන් ගැහුවත් රාජපක්ෂලාව පරද්දන්න බැරිබව...

:       0       6

kalani Sunday, 08 July 2018 08:10 AM

අගමැතිතුමා ප්‍රකාශ කලේ පොළොන්නරුව නොවෙයි කළුතර දිස්ත්‍රික්කයයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 616 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 502 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 122 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1738 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site