IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


තජුඩීන්ට මඟහැරුණු ඇමතුම ගැන විස්තර සොයයි

නිමන්ති රණසිංහ

රගර් කී‍්‍රඩක මොහොමඞ් වසීම් තාජුඞීන් ඝාතනය වූ දින ඔහුගේ ජංගම දුරකතනයට පැමිණී මග හැරුණූ ඇමතුමක් සම්බන්ධයෙන් දුරකතන විස්තර වාර්තාවක් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙසට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් චාන්දනී ඩයස් මහත්මිය අද (16) ඩයලොග් ආසියාටා පුද්ගලික ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී වෙත නියෝග කළාය.
 
2012 මැයි මස  17  වැනිදා රාතී‍්‍ර 12.32ට මරණකරුගේ ජංගම දුරකතනය පැමිණී අංක 0773554441 දරන අංකය මගින් ලද මග හැරුණු දුරකතන ඇමතුම සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් මින් පෙර අදාළ සමාගමෙන් ලද වාර්තාවල ඇතුලත්ව නොමැති බැවින් එම මග හැරුණු ඇමතුම සම්බන්ධ කාර්මික උපකරණ හා කුලූණු පිළිබඳ සටහන් සහිත වාර්තාවක් ලබා දෙන ලෙසට අදාළ සමාගමට නියෝගයක් නිකුත් කරන්නැයි අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව කළ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
 
පැමිණීල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ උ. පො. ප. රත්නපි‍්‍රය මහතා ඇතුලූ නිලධාරීන් අධිකරණය වෙත මෝසමක් ගොනු කරමින් මෙම ඉල්ලීම සිදුකරනු ලැබීය.
 
ඒ අනුව 1979 ආක 15 දරන අපරාද නඩු  විධාන සංග‍්‍රහ පනතේ 134 වගන්තිය ප‍්‍රකාරව ඩයලොග් ආසියාටා පුද්ගලික ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා වෙත මෙම නියෝගය අධිකරණය මගින් නිකුත් කළේය.



අදහස් (13)

තජුඩීන්ට මඟහැරුණු ඇමතුම ගැන විස්තර සොයයි

කරුණාපාල Friday, 16 February 2018 08:47 PM

මෙන්න මේ නම ඇහෙද්දී තමයි අපි වගේ දේශප්‍රේමීන්ගේ දත කට තදවෙලා සියුම් හිරිවැටීමකට ලක් වෙන්නේ...

:       0       27

ajith Saturday, 17 February 2018 04:12 AM

මේ නඩුව අද හෙටම ඉවර කළොත් තමයි හොඳ. පහු වුණොත් තමයි නේද?

:       1190       120

රනවිSaturday, 17 February 2018 04:31 AM

පහුවුණොත් බඩු බනිස්. මේවා ගැන හොයපු අයටත් ඉවරම තමයි...

:       252       216

Nuwan Saturday, 17 February 2018 04:21 AM

ආයේ පටන්ගත්තා... මෙගා නාට්‍යයේ දෙවෙනි දිගහැරුම ...

:       294       605

Rohan Saturday, 17 February 2018 04:42 AM

තාජුදීන්ට කවදාවත් සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ. මේක දේශපාලන ගමේ එකක්...

:       57       108

nimal Saturday, 17 February 2018 06:20 AM

ඔය නම්බර් එක එෆ්.බී. එකේ තියෙනවා, නම එයත් රගර් ක්‍රීඩකයෙක්, තාජුඩීන් සම්බන්ධයෙන් එයාගේ ටයිම්ලයින් තියෙනවා. පේන විදියට එයාගේ යාලුවෙක් වගේ. මම හිතන්නේ ෆොන් නම්බර් එක කාගේද කියන එක නෙවේ ප්‍රශ්නය, රිපෝට් එකේ ඒක සඳහන් නොවීමයි. මම හිතන්නේ අධිකරණ නියෝගයට හේතුව.. ෆෝන් එකේ මිස් කෝල් බලලා, එහෙම නැතිනම් මිස් කෝල් එක දුන්න කෙනා කිව්ව නිසා වෙන්න පුළුවන්. එයාගේ ෆොන් එක පොලිසියට ලැබුණාද?

:       8       5

gayan Sunday, 18 February 2018 03:44 AM

මෙහෙම ටෙලිෆොන් නම්බර් ප්‍රසිද්ධ කිරීම වැරදියි. මේ නම්බර් එක අයිති කෙනා තාජුදීන්ගේ යාලුවෙක් වෙන්න පුළුවන්. කොළඹ සමාජේ මිනිස්සු අතර මහ රෑට කෝල් දීම අරුමයක් නෙමෙයි. සියලුම නම්බර් ගැන පරීක්ෂණ කල යුතුයි... අනිවාර්යයෙන්ම... නමුත් පරීක්ෂණ අවසන් වෙනතුරු අදාළ නම්බර් මාධ්‍ය තුල ප්‍රචාරය කිරීම හොඳ මදි....

:       0       14

රෝහණSunday, 18 February 2018 04:38 AM

දේශපාලන මඩ.. නඩුව ඉවර කරන්න හරියට නඩුව අහන්නෙත් නෑ..සාක්කි ගොනු කරන්නෙත් නෑ. බොරුවට අරව මේවා අහඅහ නඩුව අදිනවා. මිනිස්සුන්ට අඟවනවා මෙහෙම මිනීමැරුමක් සිදුවුණා කියලා.. හැමදාම අන්ද අන්ද ඉන්නවා...

:       1       173

DON Saturday, 17 February 2018 11:39 AM

"දිට්ට ධම්ම වේධනීය කර්මය" අනිවාර්යෙන් පල දෙනවා. යුද්දේ දිනුවට පස්සේ ඒවායේ ප්‍රතිඵල උපයෝගී කරගෙන දේශපාලන කල්ලි විසින් තමන්ගේ සුඛ විහරණය සඳහා අහිංසක මිනිසුන් ඝාතනය කළා. ඝාතනය වූ පවුල්වල අයගේ හිත්වල ඇති ගින්දර නැමැති සාපය ඝාතකයන් පිටුපස සදාකල් ලුහු බඳීවී.

:       345       724

chandana Sunday, 18 February 2018 01:32 AM

පළවෙනි කමෙන්ට් එකට තියෙන විරුද්ධ ප්‍රතිචාර ගැන බලනකොට පෙනෙන්නේ මේ නඩුව තවදුරටත් අහන්න එපා කියන එක නේද? තවමත් කඩේ යන පිරිසක් මේක කැමති අකමැති තොග ගණනෙන් දමනවා.

:       131       414

Tissa Sunday, 18 February 2018 02:37 AM

තාජුදීන්ට, ලසන්තට කවදාවත් සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ. අධිකරණයේ ස්වාධීනත්වයට කණකොකා හඩයි! නීතියට තිත.

:       97       1

manjula Sunday, 18 February 2018 02:55 AM

මේවා කරේතියාගන්නේ නැතිව රටට ජාතියට වැඩක් කරන්න ඕනෑ කියලා මතක් වෙන්නේම නැද්ද? මේ වගේ ඒවා තව දහයක් වුණත් වැඩක් වෙන්නේ නැහැ. රටේ සිදු වුණු අනෙක් මිනීමැරුම් ගැණත් කෝ මේවගේ උනන්දුවක් තියෙනවද? රට දියුණු කරන්න, ජාතිය ගොඩනගන්න අපිට අවශ්‍යයි. එපමණයි.

:       0       24

sachith Sunday, 18 February 2018 07:21 AM

මේ නම්බර් එක රෝනාලි කුලතුංග කියල කෙනෙක්ගේ කියලා ඉන්ටර්නෙට් එකේ තියෙනවනේ.. මේ තරම් මොකක්ද හොයන්නේ?

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ලසන්ත ඝාතනය ගැන නීතිපති මතය අධ්‍යනයට
2025 පෙබරවාරි මස 05 138 0

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය


ගම් - නගර එකට සංවර්ධනය කරන්න ව්‍යාපෘතියක්
2025 පෙබරවාරි මස 05 164 0

ඒකාබද්ධ ග්‍රාම - නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සුකර උණෙන් ඌරන් 1600ක් මැරිලා
2025 පෙබරවාරි මස 05 141 0

රටපුරා පැතිරි යමින් ඇති සූකර ඌණට ලක්ව ඌරන් 1600 ක් මේ වන විට මිය ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ


බදුල්ල නගරය ආශ්‍රිත වැසියන්ට මුඛ ආවරණ පළදින්න උපදෙස්
2025 පෙබරවාරි මස 05 341 1

බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර


රුවන්ඩා මහ කොමසාරිස් අගමැතිනිය හමුවෙයි
2025 පෙබරවාරි මස 05 195 2

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම


ජපානය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙයි
2025 පෙබරවාරි මස 05 245 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 88 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 769 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site