(හර්ෂණ තුෂාර සිල්වා තන්තිරිමලේ සිට)
‘ලංකාදීප පොසොන් ආලෝක පූජාවට’ සමගාමීව තන්තිරිමලේ ශ්‍රී සංඝමිත්තා ධර්ම විද්‍යාලයේ දහම් සිසු සිසුවියන්ට නිල ඇඳුම් සහ පාසල් උපකරණ බෙදාදීම විහාරස්ථානයේ තපෝවනය පරිශ්‍රයේදී අද (29) සිදු කෙරිණි.
‘විජය පුවත්පත් සමාගම මඟින් ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේදී පහළොස්වැනි වරටත් සංවිධානය කළ ලංකාදීප පොසොන් ආලෝක පූජාවට සමගාමීව දහම් පාසලේ සිසු සිසුවියන්ට නිල ඇඳුම් සහ පාසල් උපකරණ බෙදා දීම සිදු කෙරුණි.
තන්තිරිමලේ රජ මහ විහාරවාසී පුංචි හල්මිල්ලෑවේ පඤ්ඤාරතන හිමි පිරිස පංච ශීලයේ පිහිටවූ අතර උන්වහන්සේගේ අනුශාසනාවකින් වැඩසටහන ආරම්භ විය.
නිල ඇඳුම් බෙදාදීමට පෙර ‘ලංකාදීප පොසොන් ආලෝක පූජාව’ ආලෝකමත් කිරීම සඳහා වෙසක් පහන් කූඩු නිර්මාණය කළ ශ්‍රී සංඝමිත්තා දහම් පාසලේ සිසු සිසුවියන් සියයකට ආසන්න පිරිසකට තිළිණ ප්‍රදානය කිරීම තන්තිරිමලේ රජ මහ විහාරවාසී පුංචි හල්මිල්ලෑවේ පඤ්ඤාරතන හිමි අතින් සිදු කෙරිණි.
ලංකාදීප පොසොන් ආලෝක පූජාව ආරම්භ කළ 2003 වසරේ සිටම දහම් පාසල් සිසු සිසුවියන්ට නිල ඇඳුම් බෙදාදීම සහ පාසල් උපකරණ බෙදා දීම සිදු කෙරේ.
මෙහිදි ධර්ම විද්‍යාලයේ සිසුන් 244ට සහ සිසුවියන් 276ට දහම් පාසල් නිල ඇඳුම් සහ පාසල් උපකරණ බෙදා දුනි.
නිල ඇඳුම් සහ පාසල් උපකරණ බෙදාදීම විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ සහ ලංකාදීප ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ, අලෙවි කළමනාකරු ගාමිණි පතිරගේ, සහකාර සාමාන්‍යාධිකාරි (වෙළෙඳ) සුජිත් පතිරන්නැහැ, සහකාර සාමාන්‍යාධිකාරී (විදුලි) නලින් නිවුන්හැල්ල, සහකාර සාමාන්‍යාධිකාරි (ගබඩා) නිමල් වික්‍රමසිංහ, මානව සම්පත් කළමනාකරු තිස්ස කහඳවලආරච්චි සහ ලංකාදීප මාණ්ඩලික වාර්තාකරු අතුල බණ්ඩාර යන මහත්වරුන් අතින් සිදු කෙරුණු ලැබිණි.
විජය පුවත්පත් සමාගමේ කාර්යමණ්ඩලය, විමලසේන ගමගේ, තන්තිරිමලේ ශ්‍රී සංඝමිත්තා ධර්ම විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය, මාපියන් ඇතුළු පිරිසක් සහභාගීවී සිටියහ.
ඡායාරූප - ශාන්ත රත්නායක
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
අක්මීමන ප්‍රදේශයේ සිට හිනිදුම ප්‍රදේශයේ නෑ ගෙදරක ගොස් ගිං ගඟේ දිය නෑමට ගිය දෙදෙනකු ගසාන ගොස් අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
තන්තිරිමලේ දහම් පාසල් සිසුන්ට නිල ඇඳුම්