(බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අසාධාරණ ලෙස සිරගත කළ තෙබුවන පොලිසියේ සැරයන් සනත් ගුණවර්ධන මහතාට සාධාරණය ඉටු කරන ලෙස අද (07) තෙබුවන පොලිසිය ඉදිරිපිට හා කලුතර නගරයට රැස්වූ ප්‍රදේශවාසීහු විශාල පිරිසක් විරෝධතා පුවරු රැගෙන උද්ඝෝෂණය කළහ.
ඉකුත් 29 වැනි දින බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කරන ලද ලොරියක් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට ගෙනඒමෙන් පසු නිසි අයුරින් නීතිය ක්‍රියාත්මක නොකර තෙබුවන පොලිස් ස්ථානාධිපතිවරයා මුදා හැරීමට විරෝධය පලකරමින් පොලිස් ස්ථානයෙන් රැගෙන ආ ටී56 ගිනි අවියකින් වෙඩි තබාගැනීමට උත්සාහ කිරීමේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීහු සැරයන්වරයාගෙන් ගිනි අවිය මුදාගැනීමෙන් පසු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මෙම මස 09 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයට පත්කළහ.
අදාල පොලිස් සැරයන්වරයා නිසිලෙස නීතිය ක්‍රියාත්මක කර තිබුණත්, පොලිස් ස්ථානාධිපතිවරයා වැලි ව්‍යාපාරිකයන් වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් ප්‍රෙද්ශවාසීන්ගේ දැඩි විරෝධය එල්ලවිය.
විවිධ වැකි ප්‍රදර්ශනය කරමින් ප්‍රදේශවාසීහු විශාල පිරිසක් උද්ඝෝෂණයේ යෙදුණහ.
මේ පිළිබඳව ඊයේ (06) මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශකර සිටියේ ‘‘ පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට පත්වූ සිද්ධියක්.. මේ වැලි ප්‍රවාහනය කරන ලොරිය පිළිබඳව සමාජය තුළ නොයෙකුත් අදහස් සහ විවිධ මතිමතාන්තර පැතිරෙන්නට පටන්ගත්තා... ඒ අනුව රාජ්‍ය පරිපාලන කළමනාකරණ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යතුමාගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් විමර්ශණය කිරීමට පොලිස් මූලස්ථානයේ පොලිස් විශේෂ විමර්ෂණ ඒකකයට බාරදුන්නා. විශේෂයෙන් සිදුකළ වැටලීම පිළිබඳවත්, ඒ වැලි ලොරියට තිබුණ බව පවසන බලපත්‍රය පිළිබඳ විමර්ශණය කිරීමට නියමිතයි.. යනුවෙන් පැවැසීය.
මෙරට ජනතාව වැඩි වශයෙන් පරිභෝජනය කරන නාඩු සහල් නිෂ්පාදනය කරන නාඩු වී කිලෝවක් රුපියල් 120 කට අළෙවි කළ හැකි බවත් සම්බා වී කිලෝවක් රුපියල් 125 කට සහ කීරි සම්බා
රටට ආර්ථික සමාජ නිදහස පූර්ණ ලෙස දිනා ගැනීම සඳහා ඔබ අප එකම අරගල බිමක අරගලකරුවන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් උළෙල අමතමින් පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැමිණීමත් සමඟ 77 වන ජාතික නිදහස් උළෙල නිදහස් චතුරස්‍රයේදී ඇරැඹිණි.
නීති විරෝධීව වාහන එකලස් කරන ලද ස්ථාන තුනක් වටලා රුපියල් කෝටි හතකට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී වහන පහක් භාරයට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා
ලංකා ලුණු සමාගමේ බුන්දල සහ පලටුපාන ලුනු ලේවායන්හි නිෂ්පාදිත රුපියල් 93,269,919 ක වටිනාකමකින් යුත් මෙට්‍රික් ටොන් 2402 ක පමණ ලුණු තොගයක් වසර ගණනාවක් තිස්සේ තත්
වීදි වටිනාකම රුපියල් දහසක් වන කසිප්පු බෝතලයක් රු එක්දහස් පන්සියයකට විකිණීම පිළිබඳව ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් අම්බලන්තොට ,මාමඩල ,ඇලේගොඩ ප්‍රදේශයේ ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
තෙබුවන වැසියෝ සැරයන් සනත්ට සාධාරණය ඉල්ලති
Ratne Sunday, 07 October 2018 03:58 PM
ජය වේවා. සත්‍ය හා සාධාරණය වෙනුවෙන් පෙනී සිටින ඔබ සැමට තුති.
PerakumMonday, 08 October 2018 01:50 AM
සත්‍ය හා සාධාරණය වෙනුවෙන් පෙනී සිටින අයට අද රටේ අත්වන තත්වය මේ තමයි. සියලු පරීක්ෂණ හා ප්‍රතිඵලද වැලි ලොරිවලට යට වෙනු නියතයි. පැහැදිලිවම මේ පිටුපස දේශපාලුවෙක් ඇති.
Anton austriaMonday, 08 October 2018 04:02 AM
කළුතර නගරයේ සියලුම ගම්වල සිටින ජනතාවෙනි හැමෝම එකතුවෙන්න . මේවට උද්ඝෝෂණ තියන්න ඕනේ.
sunimal fernandao Sunday, 07 October 2018 07:40 PM
රනිල්ගෙන් සාධාරණයක් බලාපොරොත්තුවන්න පුළුවන්ද?
එර්දි Sunday, 07 October 2018 09:01 PM
ඒ වගේම තෙබුවන පොලිස් ලොක්කටත් නීතියෙන් දඩුවම් ලැබේවා..
Rasika Sunday, 07 October 2018 09:45 PM
මෙයි වියයුත්තේ සාධාරණ යුක්තිගරුක මිනිසුන් නිලධාරීන් වෙනුවෙන් සමාජය පෙනී සිටින්න ඕනේ . මොහුව පොලීසියට එපානම් අපි මහජන සේවයට පත්කරමු............... පාර්ලිමේන්තු යවන්න ඕනේ මේවගේ අයව .
Keppetipola Sunday, 07 October 2018 09:48 PM
ඔබටත් සාජන් මහතාටත් ජයෙන් ජයම ලැබේවා !
Kariyawasam Sunday, 07 October 2018 11:00 PM
මේ උද්ඝෝෂණය සාධාරණයි. ජය වේවා.!
kalpa Monday, 08 October 2018 01:00 AM
මෙයට විමර්ශනය පොලිසියෙන්ම කිරීම හොරාගෙ අම්මගෙන් පේන ඇහුවා වගේවෙයි.
Chandima Monday, 08 October 2018 01:20 AM
මට මතක් වෙන්නේ 80 දශකයේ මිනිසුන්ගේ සිත් ගත් පුවත්පත් නවකතාවක් වන 'එක්තරා පොලිස් නිලධාරියෙකුගේ කතාව' සහ එහි ප්‍රධාන චරිතය වූ නිමල් නම් වූ අවංකව තම සේවය කිරීමට ගිය පොලිස් පරීක්ෂක වරයාගේ ජිවිතයේ ශෝකාන්තය.
එරික් Monday, 08 October 2018 03:00 AM
තුවක්කුවෙන් වෙඩි තබාගන්න ගිය හින්දා ඒ මනුස්සයා සාදාරනයි කියලා හිතන් නැතුව ඇත්ත නැත්ත හොයලා බැලුවොත් තමයිහොඳ.
janahitha Monday, 08 October 2018 03:17 AM
ඉහල සිටම පහලට දුෂණය ගලා ඒම, නීතිය ක්‍රියාත්මක කරන්නන්ගේ ක්‍රියාවලිය අඩපන කිරීමට ඔවුන්ගේම ඉහල නිළයන් යොදාගැනීම , මේවා හැමදාම අඩු වැඩියෙන් තිබු දේවල්, සමාජයන් මුලිනුපුටා දැමිය යුතු දේවල් හැම රජයක්ම මේවා නඩත්තුකරනවා පමණයි. අපිට මතකයි අධිවේගයේ වරදක් සඳහා ඇමති වරයෙකුගේ වාහනයකට දඩ පතක් නිකුත් කරලා ඒම පොලිස් නිලධාරියා ට එවකට රජය කරපු කෙනෙහිලිකම් . මේවා කාට කියන්නද,?
dhammika Monday, 08 October 2018 04:04 AM
රටේ නීතිය රකින අති සුළුතරයක් පොලිස් සේවකයන්ටද නිතිය ක්‍රියාත්මක කරන පොලිසියෙන්ම සාධාරණයක් වෙන්නේ නැත්නම් අනිත් අයට කොහොමද වෙයිද ? පොලිසියට එරෙහිව පොලිසියට කඩේ යන පොලිස් ලොක්කෝ.
OMG Monday, 08 October 2018 04:36 AM
බිය නොවන්න. සාධාරණය පමාවෙලා හරි ජය ගනීවි. ඔබට ජය. තෙබුවන වැසියන්ට මගේ උත්තමාචාරය!
dickie bird Monday, 08 October 2018 06:32 AM
ලංකාවේම වැසියෝ මෙම සැරයන්ට සාධාරණය ඉල්ලා උද්ගෝෂණය කල යුතුයි. නියම පොලිස් නිලධාරියෙක්......
sam Monday, 08 October 2018 07:25 AM
තව පුවතක තිබෙනවා මේ වැලි ලොරිය අයිතිකරුගේ බිරිඳ දේශපාලනයේ ඉන්න කෙනෙක් බව.
rocky Monday, 08 October 2018 10:29 AM
sam, ට කොනක් අහුවෙලා තියෙන්නේ.
samarage Tuesday, 09 October 2018 01:37 AM
රොකි, වැලි ලොරි හිමියාගේ බිරිඳ තෙබුවන පළාතේ ඉන්න ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක්. පොඩ්ඩක් හොයල බලන්න. කොනක් නෙවෙයි. ඇත්ත.