IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


තෝරාගත් ධීවරයන්ට නිවාස ආධාර දීම ගැන මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි

(කාංචන කුමාර ආරියදාස)

මාතලේ ලග්ගල කන්දේ පිටවල හා දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ තෝරාගත් ධීවරයන් පිරිසකට නිවාස ආධාර ලෙස රුපියල් 50000 බැගින් රජයේ චෙක්පත් මේ දිනවල දඹුල්ල ජලජීවී කාර්යාලයේ නිලධාරීන් ලබාදෙන බවට මාතලේ  සහකාර මැතිවරණ කොමසාරිස් ශානිකා රූපසිංහ මහතා වෙත අද (22) පැමිණිල්ලක් ලැබී තිබේ.

සහකාර මැතිවරණ කොමසාරිස් ශානික රූපසිංහ මහතා කියා සිටියේ ලග්ගල ප්‍රදේශයේ  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයෙකු දුරකථන පණිවිඩයක් මගින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි.
 
තෝරාගත් ධීවරයන් කණ්ඩායමකට නිවාස අලුත්වැඩියා කර ගැනීම සඳහා දඹුල්ල  ප්‍රදේශයේ පිහිටි ජල ජීවී වගා මධ්‍යස්ථානයට ගෙන විත් පසුගිය අඟහරුවාදා දිනයේ සිට අවස්ථා කිහිපයකදී රජයේ මුදල් චෙක්පත් මගින් මුදල් ආධාර ලෙස ලබාදීම සිදුකරන බවත් පැමිණිල්ලේ සඳහන්ව වේ.
 
මෙවැනි රාජ්‍ය මුදල් ආධාර ලෙස ලබා දුන්නේ ද යන්න දඹුල්ල ජලජීවී වගා කාර්යාලයේ කළමනාකරණ සහකාර දුමින්ද සම්පත් ඉලංගසිංහ මහතාගෙන් කළ විමසීමකදී 
කියා සිටියේ පසුගිය අඟහරුවාදා සිට ඉබ්බන්කටුව ප්‍රදේශයේ ධීවර සමිති සාමාජිකයන් කිහිපදෙනෙකුට හා ලග්ගල කන්දෙපිටවල  ධීවර සමිතියේ සාමාජිකයන්ට රුපියල් 50000 බැගින් වූ චෙක්පත් ලබාදීම සිදු කළ බවයි.

ධීවර අමාත්‍යාංශය මඟින් මීට පෙර නිවාස අලුත්වැඩියා කර ගැනීම සඳහා රුපියල් ලක්ෂයක   මූල්‍ය ආධාර ධීවරයන්ට ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබුණු බවත් මීට පෙර මෙම ධීවරයන් හට රුපියල් 50000 ක මුදලක් ලබාදී ගොඩනැගිලි අලුත්වැඩියා කිරීමට ලබාදී තිබුණු බවත්    පසුව එම වැඩ අවසන් නිසා ඉතිරි රුපියල් පනස් දහසක් වටිනා චෙක්පත් ලබාදීමට ධීවර අමාත්‍යාංශය මඟින් තම කාර්යාලයට එවා තිබුණු බවයි. ඒ අනුව ධීවරයන්ට එම චෙක්පත් ලබාදීම සිදුකළ බවද හෙතෙම සඳහන් කළේය.



අදහස් (0)

තෝරාගත් ධීවරයන්ට නිවාස ආධාර දීම ගැන මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

වාසයට හොඳම රට ශ්‍රී ලංකාව
2025 මාර්තු මස 12 812 0

දූවා දරුවන් සමග පදිංචි වීමට ලෝකයේ සුදුසුම රටවල් 10 අතර පළමු ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.


‘‘පක්ෂ සංවිධායකවරුන්ට මේ වසර සුවිශේෂයි‘‘
2025 මාර්තු මස 12 181 0

මේ වසරේදී එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුනට සුවිශේෂී වැඩ කොටසක් පැවරෙන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආසන සංවිධායකවර


හමුදාවෙන් පැන්න 20ක් මහනුවරින් අල්ලයි
2025 මාර්තු මස 12 198 0

යුද හමුදාවේ සේවයෙන් පැන මහනුවර විවිධ පොලිස් වසම් තුළ රැඳී සිටිමින් විවිධ රැකියාවන්හී යෙදී සිටි හමුදා භටයන් විස්සක් අත්අඩංගුවට ගෙන යුද හමුදා පොලීසියට


එක්ව තරඟ කරන තීරණය ගන්න සජබෙට කාලයක් දෙයි
2025 මාර්තු මස 12 399 0

කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීම සඳහා සමගි ජන බලවේගයට ලබන 20 වැනිදා තෙක් කල් ලබා දීමට එජාපය තීරණය කර තිබේ.


අපූරේ රෝහලේ ආරක්ෂාව සැලසීම පැහැර හැරලා
2025 මාර්තු මස 12 711 0

වෛද්‍යවරියකට ලිංගික හිංසන සිදුවූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙයට පෙරද යම් යම් අපරාධ ක්‍රියා සිදුවී තිබුණද රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඒවා මැඩ පැවැත්වීම


නගර සැලසුම් අනුමත කිරීම ඔන්ලයින් වෙයි
2025 මාර්තු මස 12 300 0

ජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (12) පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 151 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 375 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 222 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site