(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජූලිගේ)
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය පිහිටි ඉඩම් තවදුරටත් රජය සන්තකයේ තබා ගැනීමේ තීරණයේ කිසිදු වෙනසක් සිදුකර නැතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (12) පැවසීය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග (27) 2 යටතේ පසුගිය දිනෙක අසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා ඒ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ඇමැතිවරයා කියා සිටියේ තෙල් ටැංකි සංකීර්ණයේ පහළ කොටසේ පිහිටි ටැංකි 15ක් එල්. අයි. ඕ. සී. සමාගමේ භාවිතයට දී ඇති බවත්, එහි ඉහළ කොටසේ පිහිටි ටැංකි 85ක් සංවර්ධනය කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම අතර උප සමාගමක් පිහිටුවා එයට භාරදීමට ඇමති මණ්ඩලය තීරණය කර ඇති බවත්ය.
ඊට අමතරව පහළ කොටසේ ඇති ටැංකි 16ක් එම උප සමාගම විසින් සංවර්ධනය කර තෙල් සංස්ථාවේ භාවිතය සඳහා බාරදීමට ද තීරණය කර ඇති බව ද ඇමැතිවරයා කීය.
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව AIIB හා ශ්‍රී ලංකා රජයේ මුල්‍ය අනුග්‍රහය ඇතිව උඩරට දුම්රිය මාර්ගයේ දැඩි සංචාරක ආකර්ෂනයක් දිනා ගත් බණ්ඩාරවෙල සහ දෙමෝ
විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලය සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.
දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
‘ත්‍රි’මලේ තෙල් ටැංකි රජය සතුව තබා ගැනීමේ තීරණයේ වෙනසක් නෑ’
ලක්ෂ්මන් Friday, 12 October 2018 11:29 AM
ඇමතිතුමා ඔයකියන ටැංකි වලින් ප්‍රයෝජනයක් ගන්නේ නැද්ද? ආරම්භකල තෙල් ගවේශණයේ තත්වය කොහොමද? ඔබතුමාගේ කාලයේ ඒ ගැන ශුභ ආරංචියක් අහන්න කැමතියි...
sarath Friday, 12 October 2018 12:24 PM
තණකොළ ලංකාවෙන්... කිරි ඉන්දියාවට ගිවිසුමක් වෙන්න ඕනෑ මගෙ හිතේ.