IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ත්‍රස්ත නායක දිලීපන්ගේ ගුණ සැමරුම යාපනයේදී

(රොමේෂ් මධුෂංඛ)

කොටි සංවිධානයේ හිටපු සාමාජිකයකු වන දිලීපන් නොහොත් රාසයියා පාර්දීපන් නමැත්තාගේ 30වැනි ගුණ සැමරුම අද (26) යාපනය නල්ලූර් කෝවිල පිටුපස ඇති ස්ථානයකදී දේශපාලන නියෝජිත පිරිසකගේ සහ සාමාන්‍ය වැසියන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවත්විණි.

යාපනය නල්ලූර් කොවිල පිටුපස පිහිටි දිලීපන්ගේ ස්මාර්කය තිබූ ස්ථානයේ ඔහුගේ ඡායාරූපයක් තබා දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා අමත්‍ය ආනන්දි ශෂිධරන් හා දෙමළ ජාතික ජනතා පෙරමුණේ නියෝජිත  පිරිසකගේ ප්‍රධානත්වයෙන් ගුණ සැමරුම ආරම්භ කෙරුණු අතර එම අවස්ථාවට යාපනය මෙන්ම කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශවලින්ද සාමාන්‍ය වැසියෝ පැමිණියහ.

1987 සැප්තැම්බර් මස 15 වැනිදා දිලීපන් නොහාත් රාසයියා පාර්තීපන් යාපනය නල්ලූර් කොවිල පිටුපස මාරාන්තික උපවාසයකක් ආරම්භ කරනු ලැබුවේ ඉන්දීය සාම සාධක හමුදාව මෙරටින් ඉවත්වන තුරු සිය උපවාසය අත්නොහරින බව කියමිනි. එම උපවාසය අතරතුරදී ත්‍රස්තවාදී නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ද පැමිණ උපවාසය නවත්වන ලෙසට ඉල්ලා සිටියද උපවාසය අත් නොහැරීමෙන් සැප්තැම්බර් 26 වැනිදා ඔහු මිය ගියේය.

මිය යන විටත් එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ඔහුට ලුතිනන් කර්නල් තනතුරක් ලබා දී ඇති අතර ත්‍රස්තවාදීන් විසින් එවකට ඔහු හැඳින්වූවේ ලුතිනන් කර්නල් දිලීපන් ලෙසිනි.



අදහස් (10)

ත්‍රස්ත නායක දිලීපන්ගේ ගුණ සැමරුම යාපනයේදී

ධම්ම Tuesday, 26 September 2017 06:21 AM

සංහිඳියාවට හොඳයි. අපටනම් වැඩක් නෑ.

:       172       173

Jayampathi Tuesday, 26 September 2017 07:25 AM

මට ජාති භේදයක් නැත. රෝහණ විජේවීරත් රටේ ත්‍රස්තවාදය පතුරුවා විශාල ජීවිත හානියක් සහ දේපල හානියක් කල ත්‍රස්ත නායකයෙකි. කොටි ත්‍රස්ත නායකයිනුත් රටේ දේපල සහ ජීවිත විනාශ කල ත්‍රස්තවාදීන් පිරිසකි. හැබැයි සියලු දෙනාම ශ්‍රී ලාංකික වැසියන්ය. සිංහල හෝ දෙමල අනුව මොවුන් සැමරීම හරි හෝ වැරදි වීමට විදියක් නැත. රටට වින කල සියලුම ත්‍රස්තවාදීන් ජාති බේදයකින් තොරව සැමරීම තහනම් කල යුතුයි.

:       129       20

daham Tuesday, 26 September 2017 07:42 AM

ඔන්න සංහිදියාව. ත්‍රස්තවාදියාගේ ගුණ සැමරුම. ත්‍රස්තවාදය විනාස කල රණවිරුවෝ හිරගෙදර.

:       63       244

Matipahana Tuesday, 26 September 2017 08:53 AM

විජේවීර සහ අනිකුත් මිය ගිය ජේවීපී සාමාජිකයෝ සමරන්න දෙනවනම් මේක කරහම මොකද? දෙගොල්ලොම ත්‍රස්තවාදීන් නේද?

:       101       1

andare Tuesday, 26 September 2017 09:11 AM

සංහිඳියාවට පින් සිද්ධ වෙන්න හෙට අනිද්දට ඔයිට වඩා දේවල් මේ රටේ සිද්ධ වෙයි. සිංහල බෞද්ධයන්ට ඇරෙන්ට අනෙක් හැමෝටම සංහිදියාවෙන් යහපතක් වෙයි.

:       134       219

ravi Tuesday, 26 September 2017 09:30 AM

ඔබට සතුටුයිද දැන්?

:       44       225

ජගත් ලියනගේ Tuesday, 26 September 2017 09:37 AM

ඔබට සතුටුයිද දැන්?

:       57       115

Nandalal DE SILVA - France Tuesday, 26 September 2017 10:24 AM

ත්‍රස්තවාදීන්ගේ ගුණ සැමරුම් පැවැත්වීමට දැන් ඉඩදී තිබෙනවාද ? පොලිසියට මෙවැනි දේ නැවත්වීමට දැන් බලයක් නැද්ද ? මෙහෙම ගියොත්, ම්ලේච්ච ත්‍රස්ත කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ගුණ සැමරුම් ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමටත් ඉඩ කඩ ඇති වෙන්න පුළුවන් !

:       107       306

Mahesh Tuesday, 26 September 2017 10:31 AM

අපි දෙමල වුනා නම් ඔහු අපිට කොපමණ විරුවෙක් වේවිද ?

:       304       119

dilanka Tuesday, 26 September 2017 12:09 PM

දිලීපන් කොටියෙක් කියලා හංවඩු ගහන්නේ මොකෝ ? ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අවියෙන් තොර සටනක් කරලා ඒ මනුස්සයා තමන්ගේ ජීවිතය දුන්නේ..මම නම් ගරු කරනවා

:       388       221

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

සරසවි හයක කොට උඩ ගිය ඉදිකිරීම් යළි අරඹයි
2025 පෙබරවාරි මස 05 24 0

මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්


ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 591 1

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 722 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 204 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 205 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 822 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site