IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


තවත් අවුරුද්දකින් මහින්දට අඬන්න තමයි වෙන්නේ - අගමැති රනිල්

(ඩේලිමිරර් ඇසුරෙනි-042)

2018 වෙසක් මාසය වන විට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට හැඬීමට සිදුවෙනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

වෙසක් මාසය වන විට වර්තමාන ආණ්ඩුව පෙරළා දමන බවට හිටපු ජනපතිවරයා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කීය.

 කිරිබත්ගොඩදී පැවති එක්සත් ජාතික පක්ෂ රැලියකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

“මීට පෙර අවස්ථාවකදී හිටපු ජනපතිවරයා ප්‍රකාශ කළා ඉකුත් ජනවාරියේදි අපේ ආණ්ඩුව පෙරළනවා කියලා.මම එදා කීවා මම විදේශ සංචාරයට ගිය විට එය කරන ලෙස.නමුත් ඔහු ඒක කළේ නැහැ.කෙසේ වෙතත් 2018 වෙසක් මාසය වෙද්දී ආණ්ඩුවේ ඉදිරි සංවර්ධන ව්‍යාපෘති දැකලා ඔහුට අඬන්න සිදු වෙයි“යැයි අගමැතිවරයා පවසයි.

කළුතර ප්‍රදේශයේ වෙළෙඳ කලාපයක් ඉදිකිරීම ගැන බැලීමට තායි සමාගමක් මෙරටට පැමිණ ඇතැයි ද නැගෙනහිර සංවර්ධන කටයුතුවලට සිංගප්පූරුවේ හා ඉන්දියාවේ සහය ලබාගැනීමට සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතව ඇතැයි ද අගමැතිවරයා කියයි.

සාකච්ඡා සඳහා තමන් ඉන්දියාවට හා ජපානයට යෑමට නියමිත බවද ඒ මහතා පවසයි.

ණය උගුලෙන් රට ගලවාගැනීමට විශාල සැලසුමක් රජයට ඇතැයි ද වික්‍රමසිංහ මහතා කියයි. හම්බන්තොට වරාය බදු දීම එහි එක් පියවරක් බවද අගමැතිවරයා පවසයි.

“වරාය බදු නොදුනහොත් වැට් බදු වැඩි කිරීම හැර අන් පියවරක් රජයට නැහැ.“ඒ මහතා කියයි.

හම්බන්තොට වරායේ කොටස් චීනයට ලබාදීමට පසුගිය රජය ගිවිසුමක් අත්සන් කළේ ඇයිදැයි අගමැතිවරයා ප්‍රශ්න කරයි.කොළඹ වරාය යටතේ ඇති ඉඩම් කොටසක් චීනයට සින්නක්කරව ලබා දුන්නේ ඇයි දැයි ප්‍රශ්න කරන බවද ඒ මහතා පවසයි



අදහස් (9)

තවත් අවුරුද්දකින් මහින්දට අඬන්න තමයි වෙන්නේ - අගමැති රනිල්

ama Tuesday, 04 April 2017 03:38 AM

මහින්ද කොහොම වෙතත් මේ රටේ ජනතාව නම් තුන් බියෙන්ම පීඩා විඳිමින් අඩනවා පේනවද මන්දා .

:       76       580

ටින්කිරි බණ්ඩා Tuesday, 04 April 2017 03:45 AM

අපිට නම් මේ අවුරුද්දේ සිංහල අවුරුද්දටත් කලින් අඬන්න වෙලා තියෙන්නේ හොටු පෙරාගෙන...... කොහොමෙයි මෙහෙම බදු ගෙවන්නේ කියලා හිත හිතා

:       58       398

thilina Tuesday, 04 April 2017 03:49 AM

එතුමා මේ රටේ තිස් අවුරුද්දක් තිස්සේ අඬපු මිනිස්සුන්ගේ කඳුළු පිහිදම්මා..

:       125       1084

saman Tuesday, 04 April 2017 04:40 AM

ඔව්! අවුරුද්දකින් එතුමා විතරක් නෙවේ මුළු ලක්වැසි ජනතාවටම අඬන්න වෙනවා.දැනටම ලක්ෂ 58 අඩනවා කියල දන්නවා.තව ටික කාලයකින් අර ලක්ෂ 62 එකතුවෙනවා.

:       54       482

Upali Tuesday, 04 April 2017 04:45 AM

මහින්දට කෙසේ වෙතත් ජනතාවට නම් අඩන්න වත් පණක් තියෙන එකක් නෑ ජීවන වියදම වැඩි වෙන විදයට

:       5       257

athura Tuesday, 04 April 2017 06:35 AM

සමහරුන්ට මහින්ද නැතුව තාම ඇඩෙනවා වගේ.

:       1038       286

සෙනෙවි Tuesday, 04 April 2017 09:15 AM

ජනවාරි 8 දා මහින්දට කළ දේ රනිල්ටත් කරන්න ඡන්ද දායකයා සූදානමින් ඉන්නෙ

:       3       126

Samantha Tuesday, 04 April 2017 10:49 AM

මෙයා නම් ඉතින් දැනුත් අඬ අඬානෙ ඉන්නෙ. එක අතකට ඉතින් වෙන කොහොම ඉන්නද මහ බැන්කුව යාලුවත් එක්ක එකතු වෙලා හූරගෙන කාල රටම විනාස කරල සිංහල ජාතියත් නැත්තටම නැති කරල දාන්න වැඩ කරද්දි.

:       48       414

anura Thursday, 06 April 2017 11:27 AM

අද ඔය කවුරුත් කියවන්නේ මහින්ද සර් නිදහස අරන් දුන්න නිසා ඔය කියන කටෙන් පුලුවන්නම් ජන්දයක් තියන්න එතකොට බල ගන්න පුළුවන්

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 142 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 1257 0

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


සහල් සැකසීමේ සංකීර්ණ දෙකක් නිෂ්කාර්ය වෙලා
2025 පෙබරවාරි මස 05 350 0

දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ


ග්‍රෑන්ඩ්පාස්-කොටහේන වෙඩි තැබීමට අයෙක් මාට්ටු
2025 පෙබරවාරි මස 05 183 0

ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්


අද කාලගුණය
2025 පෙබරවාරි මස 05 106 0

ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 808 1

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 736 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site